Posted by : Unknown
Saturday, June 11, 2016
පොළොන්නරුව පෞරාණික නගරය
ශ්‍රී ලංකාවේ පැරණි අගනුවරක් වන ඵෙතිහාසික පොළොන්නරුව චෝල ආක්‍රමණිකයන් විසින් මුලින්ම අගනුවර කරගන්නා ලදී. 1070 දී පමණ චෝල ආක්‍රමණිකයන් පලවා හැරීමෙන් පසු Iවන විජයබාහු රජ විසින් තම අගනුවර වශයෙන් තෝරා ගන්නා ලදී. මෙම කෙටි කාලීන චෝල යටත් විජිත සමයේදී පොළොන්නරු ප්‍රදේශය ජනනාතමංගලම් ලෙස හැදින්වූ බව සඳහන් වේ. පළමු විජයබාහූ රජුගෙන් පසු රජකමට පත්වන මහා පරාක්‍රමබාහු රජු පොළොන්නරු යුගයෙහි හමුවන සමෘද්ධිමත්ම රාජ්‍ය පාලකයා වශයෙන් සැලකේ
. පැරකුම් රජ සමය, පොළොන්නරුව රාජධානියෙහි ස්වර්ණමය යුගය ලෙස හැදින්වෙන අතර එම කාලවකවානුව තුල ආර්ථික හා කෘෂිකාර්මික සමෘද්ධියක් රට තුල ඇති කිරීමට මහා පරාක්‍රමබාහු රජු සමත් විය.
. පැරකුම් රජ සමය, පොළොන්නරුව රාජධානියෙහි ස්වර්ණමය යුගය ලෙස හැදින්වෙන අතර එම කාලවකවානුව තුල ආර්ථික හා කෘෂිකාර්මික සමෘද්ධියක් රට තුල ඇති කිරීමට මහා පරාක්‍රමබාහු රජු සමත් විය.
අහසින් වැටෙන එකඳු දිය බිඳක් හෝ ප්‍රයෝජනයට නොගෙන මුහුදට නොයෙවිය යුතුය යන අධිෂ්ඨානයෙන් කටයුතු කල මහා පරාක්‍රමබාහු රජු රටේ වාරිමාර්ග පද්ධතියේ ඉමහත් දියුණුවක් ඇතිකරමින් රජරට ප්‍රදේශයේ සශ්‍රීකත්වය සඳහා අවශ්‍ය කටයුතු සැලසීය. පැරකුම් රජු විසින් ඉදිකල සුවිසල් පරාක්‍රම සමුද්‍රයවාරිමාර්ග පද්ධතියේ දියුණුව උදෙසා ඔහු කල සේවය මැනවින් නිරූපණය කරන්නකි. මෙම යුගයේදී රට සාමකාමි හා ස්වයංපෝෂිත බවින් යුක්ත වූ අතර සහල් පවා මෙරටින් පිටරට යැවූ බව පොතපතෙහි සඳහන් වේ.
පැරකුම් රජුගෙන් පසුව පොළොන්නරුව රාජධානියෙහි රජකමට පත්වන නිශ්ශංක මල්ල රජ රාජ්‍ය පාලනයෙහිලා යම් සාර්ථකත්වයක් අත්කර ගන්නා නමුදු අනෙකුත් පාලකයන් හට එතරම් යහපත් රාජ්‍ය පාලනයක් දියත් කිරීමට නොහැකි වේ. මේ සදහා බලපාන ප්‍රධානතම කරුණ වන්නේ සිහසුන අත්පත් කර ගැනීමට එකිනෙකා අතර ඇතිවන ආරවුල්ය. මෙවන් තත්වයක් යටතේ 1214 දී පමණ කාලිංග මාඝ ආක්‍රමණය සිදුවන
අතර පොළොන්නරුව රාජධානිය මුලුමනින්ම බිඳ වැටිමට මෙම ආක්‍රමණය හේතු වේ. ඉන් අනතුරුව ලංකාවේ රාජධානිය බවට පත්වන්නේ දඹදෙණිය රාජධානියයි.
අතර පොළොන්නරුව රාජධානිය මුලුමනින්ම බිඳ වැටිමට මෙම ආක්‍රමණය හේතු වේ. ඉන් අනතුරුව ලංකාවේ රාජධානිය බවට පත්වන්නේ දඹදෙණිය රාජධානියයි.
පොළොන්නරු යූගයේ විසු රජවරු
- Iවන විජයබාහු රජ
- ජයබාහු රජු
- වික්‍රමබාහු රජු
- මහා පරාක්‍රමබාහු රජු
- පළමු නිශ්ශංක මල්ල රජ
- ලීලාවතී රැජින
පොළොන්නරුව පිහිටිමේ වැදගත්කම
අනුරාධපුරය අගනුවර කරගත් පාලකයන්ට උපකාරක නගරයක්,යුද්ධමය වශයෙන් ආරක්ෂිත කලාපයක් සහ සේනා සංවිධානය කොට කදවුරු පිහිටුවිමට සුදුසු පෙදෙසක් ලෙස
- අනුරාධපුරය හා රෝහන දේශය අතර ගමනාගමනය සිදුවු සංදිස්ථානයක් ලෙස
- ආරක්ෂිත මෙන්ම ස්වයං පෝෂිත වු බලකොටු පෙදෙසක් ලෙස විදහා දැක්විය හැකිය.
පොළොන්නරුව රාජධානිය ක්‍රැර ලෙසත් සාහසික ලෙසත් විනාශ කරනු ලැබුවේ කාලිංඝ මාඝ විසිනි. මේ පාලක පාලිකාවන් සියලු ගේම යහපත් හෝ අයහපත් පාලන තන්ත්‍රයෙහි මතකයන් පොළොන්නරු පුරය හා තදාසන්න ප්‍රදේශවල ඉතිරිව ඇතත් වඩාත් වැදගත් ඓතිහාසික මෙහෙවරක් කල රජුන් දෙදෙනා වන්නේ චෝලයින්ගෙන් රට මුදවාගත් පළමුවන විජයබාහු රජ සහ භේද භින්නවු අභ්‍යන්තර දේශපාලනය ජය ගෙන රට ඵක්සේසත් කල මහා පරාක්‍රමබාහු රජතුමා ය. ඓතිහාසික සාධක වලට අනුව ,සාහිත්‍යයට අනුව, ජනප්‍රවාද වලට අනුව රාජකීය නගරයක් ප්‍රධාන වශයෙන් කොටස් කිහිපයකින් සැදුම් ලද්දක් විය.
- ඇතුල් නුවර
- පිට නුවර
- පිට නුවරින් පිට පෙදෙස් (උප නගර,ජනාවාස,ගොවිබිම්)
ගොවි පවුල් වලට සහ ගොවි බිම් අක්කර 20000 කට පමන ජලය සපයම්න් හෙක්ටාර 2500 කට ආසන්න භුමි ප්‍රමානයක් වසාගත් පරාක්‍රම සමුද්‍රය අතීතයේදිත් පොළොන්නරු නගරයේ බටහිර සිමාවේ දිගින් විශාල ප්‍රදේශයකට දිග අගුලක ආරක්ෂාව,ශක්තිමත් ප්‍රකාරයක ආරක්ෂාව ලබාදි ඇත.ස්වකීය තේජසට සහ රාජ්්‍යත්වයට ගැලපෙන ලෙසින් මහල් හතකින් යුත් මාලිගයක් දිව්‍ය මාලිගයක් බදුවු වෛජසන්න ප්‍රසාදය හෙවත් සත්මහල් ප්‍රසාදය අද දක්නට ඇත්තේ මහල් තුනක නටබුන් පමනි.මුළු මාලිගා සංකීර්නය කාමර 16 කින් යුක්ත වි ඇත. පොළොන්නරුව තුල පවත්නාවු තවත් සුවිශේෂත්වයක් වන්නේ එහි පවත්නා ද්විතික සංස්කෘතික ලක්ෂනයි.
බෞද්ධ ගෘහ නිර්මාණ, ශිල්පයන්, බෞද්ධ කලාවන්, හින්දු ගෟහ නිර්මාණ ශිල්පයන් හින්දු කලාවන් පොළොන්නරුවේ නටබුන් අතර විශේෂ කොට හදුනා ගත හැකිය.හින්දු සංස්කෟතිය ගැන සදහන් කරන විට මතකයට නැගෙන තවත් කරුනක් ඇත. එනම් සොලීන් පොළොන්නරුවෙන් නෙරපා යලි මෙරට නිදහස් කරගත් සිංහල රජවරුකිසිවකු මේ හින්දු ආගමික ස්ථාන විනාශ නොකල බවයි. මේ විස්මිත නගරයේ මෑතකදි කරන ලද කැණීම් මගින් සොයාගෙන ඇති පුරාවස්තු රාශියක් පරාක්‍රම සමුද්‍රයේ බැම්ම පාමුල ඉදි කරවා ඇති නව කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇත.
වත්මන් පසුබිම
මෙම නගරයට හා මහා මාර්‍ගයට කිලෝමීටර 6ක පමණ දූරකින් පිහිටා ඇති රාජ්‍ය ආයතන පවතින ප්‍රදේශය නවනගරය ලෙස හැදින්වෙන අතර එහි දිස්ත්‍රිකයේ විශාලතම පාසැල වනපොළොන්නරුව රාජකීය මධ්‍ය මහා විද්‍යාලය පිහිටා ඇත. උතුර මැද පලාතේ දෙවන විශාලතම නගරය වන පොළොන්නරුව දිවයිනේ පිරිසිදු හා සුන්දර නගරයක් ලෙස ප්‍රසිද්ධියක් උසුලයි. හරිත වර්ණයෙන් යුත් වටපිටාව, දුටුවන් මවිත කරවන සුලු ථෙතිහාසික ඉදිකිරීම්, සුවිසල් පැරකුම් සමුදුර, ආකර්ශනීය සංචාරක හෝටල හා මෙහි වෙසෙන ජනයාගේ ආගන්තුක සත්කාරයන් නිතැතින්ම දෙස් විදෙස් සංචාරකයන් ආකර්ශනය කර ගැනීමට සමත් වෙයි. මෑතක සිට මෙම ප්‍රදේශයේ යම් දේශගුණික විපර්යාසයන් නිරීක්ෂණය කල හැකි වෙයි. ථෙතිහාසික දත්ත වලට අනුව පොළොන්නරුව නිවර්තන කලාපීය දේශගුණයකින් යුක්ත වූ අතර දෙසැම්බර් හා ජනවාරි මාස වලදී යම් වර්ෂාපතනයක් ලබයි. එහෙත් පසුගිය අවුරුදු කිහිපය තුල ලැබෙන වර්ෂාපතනයෙහි සැලකිය යුතු වර්ධනයක් නිරීක්ෂණය කලහැකි වෙයි. මෙම තත්වය මෙහි වෙසෙන ජනයාගේ විස්මයට හේතු වුවද විදෙස් සංචාරකයන්ගේ නම් එය මහත් සතුටට හේතුවකි. නමුත් ඇතැම් අවස්ථාවලදී වී ගොවීන් මෙම දැඩි වර්ෂාපතනයෙන් පීඩා විඳනු දක්නට ලැබේ.
වර්කමාන පාලකයාද මෙහි ඉපදුනු අයෙකි.



post එන හොදනම් like එකක්දා ලා යන්න