Posted by : Unknown Sunday, June 12, 2016

විශ්වයේ උපත පිළිබඳ මත

මහා පිපිරුම් වාදය

CMB Timeline300 no WMAP.jpg
අපගේ පොරොන්දුව පරිදි ඔන්න ලිපිය දැනුම වැඩි කර ගන්න
මුලින්ම අනන්තයට ලංවී තිබුණු විශ්වයේ උෂ්ණත්වය මේ වෙනකොට අංශක 1.028 දක්වා අඩුවෙලා (ඉතා කුඩා සංඛ්‍යා දහයේ ඍණ බලය යොදා දක්වනවා වගේම ඉතා විශාල සංඛ්‍යා ලියන්නේ ඍණ ලකුණ නොදා අවශ්‍ය කරන බලයේ අගය පමණක් දහයට මඳක් ඉහළින් ලිවීමෙන්. මෙහිදී 1.028 කියන්නේ දශමස්තානයට වමෙන් 1 හා සමග බිංදුවේ ඒවා 28ක් තිබීමයි. වෙනත් විදියකින් කිව්වොත් මේ කියන්නේ අංශක ටි‍්‍රලියන 10,000 ඒවා ටි‍්‍රලියනයක්), එය හිතාගැනීමටත් නොහැකි අධික උෂ්ණත්වයක්. මේ වෙන කොට විශ්වයේ ඝණත්වය ජලයේ ඝණත්වය වගේ 1.078 ගුණයක්. ඊළඟට තත්පරයකින් අංශූමාත‍්‍රයකදී විශ්වයේ ප‍්‍රමාණය 1050 ගුණයකින් පමණ, එනම් විශ්වය ගැලැක්සියක් තරමට ප‍්‍රමාණයෙන් වැඩිවුණා. සාමාන්‍යයෙන් මේ
ප‍්‍රසාරණය තමයි බිග් බෑන්ග් නොහොත් මහා පිපිරීම යනුවෙන් හැඳින්වෙන්නේ.
මහා පිපිරුම් වාදය මුලින්ම ඉදිරිපත් කරන ලද්දේ ජෝර්ජ් ගැමොව් නම් රුසියනු ජාතික විද්‍යාඥයාය. පසුව ඇබේ ලමේත්‍ර නම් ප්‍රංශ විද්‍යඥයෙක් එම මතය විස්ථාරණය කළේය. මොවුන් විශ්වය පිළිබඳ ප්‍රකාශ කළේ මෙවන් අදහසකි.
ඈත අතීතයේ විශ්වයේ සියලු කොටස් එක්තැන්ව තිබිණි. එම කුඩා එකතුව තුල සිදූවූ මහා පිපිරුමකින් විශ්වයේ සියලු කොටස් විසිරී ගියේය. ඒ විසිරී ගිය කොටස් වලින් චක්‍රාවාට නිර්මාණය වූ මූලද්‍රවය පහළ විය.
CERN ආයතනයේ ALICE උපකරණය භාවිතා කරන පර්යේෂක කණ්ඩායමක් පෙන්වා දෙන්නේ විශ්වයේ මුල් අවධියේදී එය ඝනත්වයෙන් සහ උෂ්ණත්වයෙන් ඉතා වැඩි ද්‍රවයක් ලෙස පැවතුන බවයි.
හැකි උපරිම ශක්තියෙන් ඊයම් න්‍යෂ්ටි ත්වරණයට ලක්කර එකිනෙක ගැටීමට සැලැස්වීමෙන් ALICE උපකරණය තුල දැඩි උෂ්නත්වයෙන් සහ ඝනත්වයෙන් යුත් උප-පරමාණුක අංශු සෑදීමට හැකි විය. මෙම අවස්ථාවවිශ්වය බිහිවීමෙන් පසුව ප්‍රථම මයික්‍රෝ තප්පර කිහිපයට සමාන ය. මෙම පුංචි "මහා පිපිරුම" සිදුවීමේදී අංශක ට්‍රිලියන 10කට අධික උෂ්නත්වයක් ජනනය වූ බවද විද්‍යාඥයින් පවස යි.
මෙවන් උෂ්නත්වයකදී සමාන්‍ය පදාර්ථ නම් උණු වී "සූපයක්" (soup) නිර්මාණය වේ. මෙය ක්වාක්-ග්ලූවෝන් ප්ලාස්මා (en:quark-gluon plasma) නම් වේ. මීට පෙර ඇමරිකාවේදී මීට අඩු ශක්ති යටතේ කල පර්යේෂණ වලදී පෙන්වා දුන්නේ මෙවන් අවස්ථාවලදී නිර්මාණය වන අංශු ද්‍රව ලෙස ක්‍රියා කරන බවයි. නමුත් බොහෝ දෙනා අපේක්ෂා කලේ ක්වාක් ග්ලූවෝන් ප්ලාස්මාව වායුවක් ලෙස ක්‍රියා කරනු ඇතැයි කියා ය.
මේ අනුව බලන කල මහා පිපිරුමෙන් පසුව විශ්වය ද්‍රවයක් ලෙස පැවතුන බව පැහැදිලි ය. මේ අතර විද්‍යාඥයින් නිරීක්ෂණය කල අනෙක් දේ නම් ‍මීට පෙර ‍භෞතික විද්‍යා ආකෘති වල පෙන්වා දුන්නාට වඩා වැඩි උපපමාණුක අංශු ප්‍රමාණයක් නිෂ්පාදනය වීම යි.
පෘථිවිය, මෙසේ පහල වූ අපේ චක්‍රාවාටයට අයත් සෞරග්‍රහ මණ්ඩලයේ එක් සාමාජිකයෙක් වේ.

අමතර අංශුව

මහාපිපිරීම සිදුවී ගතවූ පළමු තත්පරය තුළදී ශක්තිය මගින් අංශු (particles) මෙන්ම ප‍්‍රතිඅංශු (anti-particles) ද බිහිවුණා. එහෙත් එසේ බිහිවූ අංශු ප‍්‍රතිඅංශු සමග එකිනෙක හා ගැටුනු සැනින් ඒ දෙවර්ගයම එකිනෙකා විනාශ කළා. එහෙත් මෙහිදී අංශුවලට තරමක වාසියක් සැළසුණේ සෑම අංශු හා ප‍්‍රති අංශු කුට්ටම් බිලියනයකටම එක් අමතර අංශුවක් බිහිවූ නිසයි. මෙසේ බිහිවූ අමතර අංශු නොනැසී බේරුණා.ඒ අන්දමින් අමතර අංශුවක් බිහිවුනේ ඇයිදැයි විද්‍යාඥයන් හරියටම දන්නේ නැහැ. මෙසේ නොනැසී බේරුණු අංශු නොවන්නට බිහිවී තත්පරයක්වත් ගතවෙන්නටත් පෙරාතුව පදාර්ථ විශ්වය (material universe) නිමාවට පත්ව යාමට ඉඩ තිබුණා. අප අද දක්නා සමස්ත පදාර්ථ විශ්වයම ඇති වුණේ එසේ නොනැසී බේරුණු අංශු වලිනුයි. මේ අංශූ විශ්වය පවතිනතුරු පවතීවි. ඒ අනුව විශ්වයේ ඇති පදාර්ථ ප‍්‍රමාණය සදාකාලිකවම එක සමානයි.

මහා පිපිරුම් වාදයෙන් ප්‍රකට වන කරුණු

  1. විශ්වයේ අද පවත්නා මූලද්‍රව්‍යයන්ගේ උපත සිදුවූ අයුරු.
  2. විශ්වය පුරා පැතිර ඇති ක්ෂුද්‍ර තරංග වල පසුබිම් විකිරණය සිදුවන ආකාරය.

ස්ථාවර තත්ත්ව වාදය

මෙම මතය මුලින්ම ඉදිරිපත් කරන ලද්දේ ඔස්ට්‍රියානු ජාතිකයන් වූ හර්මන් බොන්ඩ් හා තෝමස් ගෝල්ග් යන විද්‍යාඥයින් දෙදෙනාය. පසුව බ්‍රිතාන්‍ය ජාතික ෆ්‍රෙඩ් හොයිල් එය තවත් පැහැදිලි කළේය.
මේ මතයෙන් ප්‍රකාශ වන්නේ ඈත අතීතයේ සිට මේ දක්වා විශ්වය එකම ස්වරූපයෙන් පැවති බවත්, අනාගතයේ ද එම ස්වරෑපයෙන් ම පවත්නා බවත්ය.

මෙම මතයෙන් ප්‍රකට වන මූලික අදහස

  1. විශ්වයේ අැති චක්‍රාවාට නිරන්තරයෙන්ම ප්‍රසාරනය වෙයි.
  2. චක්‍රාවාට කලින් කලට අතුරුදහන් වෙයි.
  3. ඒ වෙනුවට නව චක්‍රාවාට පහල වෙයි.

නව ස්ථාවර තත්ත්ව වාදය

නව ස්ථාවර තත්ත්ව වාදය ඉදිරිපත් කිරීමට මුල් වූයේ බ්‍රිතාන්‍ය ජාතික ෆ්‍රෙඩ් හොයිල්, ස්‍රී ලාංකික විද්‍යාඥ චන්ද්‍රා වික්‍රමසිංහ, හා ඉන්දියානු ජයන්ත් නාලිකර් යන විද්වතුන්ය.
මේ මතයෙන් ප්‍රකාශ වූයේ විශ්වය ආරම්භයක් නැති අසීමිත වයසක් ඇති දෙයක් බවයි. එහි අගක් මුලක් නැත. කාලය අතින් අසීමිතය. අපරිමිතය. එහි තැන් තැන්හි සිදුවන කුඩා පිපුරුම් නිසා එසේ සිදුවන ප්‍රදේශ ප්‍රසාරණය වේ.
බ්‍රිතාන්‍ය ජාතික ස්ටීවන් හෝකින්ස් නම් විද්‍යාඥයා විශ්වය පිළිබඳව විස්තර කිරීමට ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාව උපයෝගී කරගෙන ඇත.

ස්පන්දමාන විශ්ව වාදය

මෙම නවතම මතය ඉදිරිපත් කරන ලද්දේ විලියම් බොනර් නම් බ්‍රිතාන්‍ය ජාතික තාරකා විද්‍යාඥයා විසිනි.
මේ මතයෙන් ප්‍රකශ වන්නේ විශ්වයේ මුල මැද හෝ අග නැති බව නොවේ. එය අනන්ත කාලයක් පවත්නා බවයි. එය අවස්ථාවක ඝන වස්තුවක් සේ එකට පැවතුණි. දැන් එය විසිරෙමින් පවතී. එසේ විසිර ගිය එය යළි එක්‍ රැස් වේ. යළිත් විසිරේ. යළි එක් රැස් වේ. මෙම ක්‍රියාවලිය නොකඩවාම සිදුවේ.
මේ මතය භෞතික විද්‍යවේ නියමයන්ටත්, අයින්ස්ටයින් හෙළි කළ සාපේක්ෂතා වාදයටත් බෙහෙවින් එකඟ බැව් පැවසේ. එහෙත් මෙය විශ්වයේ සම්භවය ගැන විස්තර නොකරයි.
CMB Timeline300 no WMAP.jpg

විශ්වය බිහිවූ ආකාරය

හීලියම් හා හයිඩ්‍ර‍ජන් න්‍යෂ්ටි ඇතිවීම

ආරම්භයේදී ළදරු විශ්වයේ උෂ්ණත්වය ඉතාමත් ඉහළ මට්ටමකයි පැවතුණේ. ඒ උෂ්ණත්වය අංශක ටි‍්‍රලියනයේ ඒවා ටි‍්‍රලියන 10,000 ට වැඩියි. පදාර්ථ ඇතිකරගැනීමට නොහැකිව ‘ක්වාර්ක්’ (quarks)යනුවෙන් හැඳින්වෙන මූලික අංශු ඒ වෙන විට ඉතා උකු අංශු සූපයක තදින් කැළතෙමින් තිබුණා. ඉන්පසු විශ්වයේ වයස තත්පරයකින් අංශුමාත‍්‍රයක් වූ විට විශ්වයේ උණුසුම අංශක ටි‍්‍රලියන 10 දක්වා අඩුවුණා. එසේ උෂ්ණත්වය අඩුවූ විට ක්වාර්ක් නමැති මූලික අංශු එකතුවීමෙන් ප්‍රෝටෝන් සහ නියුට්‍රෝන බිහිවුණා. ඉන්පසු විශ්වය බිහිවී විනාඩි තුනක් ගතවෙන විට විශ්වයේ උෂ්ණත්වය අංශක බිලියන 10ක් දක්වා අඩුවුණා. මේ උෂ්ණත්වයේදී ප්‍රෝටෝන් සහ නියුට්‍රෝන එකතුවීමෙන් හීලියම් න්‍යෂ්ටිත්, ඉතුරුවුණ ප්‍රෝටෝන් වලින් හයිඩ‍්‍රජන් න්‍යෂ්ටිත් හැදුනා.

ප්‍රථම පරමාණු ඇතිවීම

විශ්වයේ වයස අවුරුදු 300,000ක් වූ විට විශ්වයේ උෂ්ණත්වය අංශක 3,000 කට පමණ අඩු වුණා. එවිට ප්‍රෝටෝන් තවත් අංශු වර්ගයක් වන ඉලෙක්ට්‍රොන සමග එක්වී ප‍්‍රථම පරමාණු, එනම් හීලියම් සහ හයිඩ‍්‍රජන් පරමාණු සැදුවා. එක ප්‍රෝටෝනයක් සහ එක නියුට්‍රොනයක් සහිත වූ හයිඩ‍්‍රජන් තමයි ඉතාමත් සරලම පරමාණුව. හීලියම් පරමාණුවට ප්‍රෝටෝන දෙකකුත්, නියුට්‍රෝන දෙකකුත්, ඉලෙක්ට්‍රෝන දෙකකුත් තියෙනවා. (විශ්වයේ ඇති සමස්ත පරමාණු සංඛ්‍යාවෙන් 60% ක්ම හයිඩ‍්‍රජන් පරමාණු වන අතර 8%ක් පමණ හීලියම් පරමාණුයි. ජීවය සඳහා අතිශයින් වැදගත්වන මූලද්‍රව්‍යද ඇතුළුව අනෙකුත් සියළු මූලද්‍රව්‍ය 89 ම ඇතිවූයේ ඉනික්බිතිව බිහිවූ තාරකා තුළයි. ඒ මූලද්‍රව්‍ය 89 ම සතු මුළු පරමාණු ප‍්‍රමාණය විශ්වයේ ඇති මුළු පරමාණු ප‍්‍රාමාණයෙන් 1% කට වඩා වැඩි නැහැ.)

තාරකා බිහිවීම

විශවයේ ඇතිවුණු හයිඩ‍්‍රජන් මුලින්ම මීදුමක් වගේ වෙලා ඊට පස්සේ කැළැති කැළති දරණු ගැහෙන්නට පටන් ගත්තා. එසේ දරණු ගැහුණු හයිඩ‍්‍රජන් ගුරුත්වාකර්ෂණ බලය නිසා ගෝල බවට පත් වෙන්න පටන් ගත්තා. ලොකු වෙන්න ලොකු වෙන්න මේ ගෝලවල ගුරුත්වාකර්ෂණ බලය තව තවත් වැඩි වුණා. ගුරුත්වාකර්ෂණය වැඩිවෙන පමණට තවතවත් හයිඩ‍්‍රජන් ඒ ගෝල කරා ආකර්ෂණය වුණා. එතකොට ඒ ගෝල තව තවත් ලොකු වුණා. එහෙම ලොකුවෙන්න ලොකු වෙන්න ගෝලවල සම්පීඩනයත් ඒ අනුව රත්වීමත් තව තව වැඩි වුණා. රත්වීම අතිශයින් ඉහළ මට්ට්මට පැමිණි විට ඒ දැවැන්ත හයිඩ‍්‍රජන් ගෝල ගිනිගෙන මව් තාරකා බවට පත්වුණා. අවකාශය පුරා හැම තැනකම ඒ විදියට දැවැන්ත මව් තාරකා ඇති වුණා.

ගැලැක්සි හෙවත් මන්දාකිණි බිහිවීම

විශ්වයේ වයස අවුරුදු බිලියනයයි: ගැලැක්සි නොහොත් බිලියන ගණන් තරු සමූහගත වූ මන්දාකිණි බිහිවීමට පටන් ගත්තා. එතැන් සිට දිගින් දිගටම විවිධ ස්වරූපයේ සහ ප‍්‍රමාණයේ ගැලැක්සි බිහිවුණා. මේ විදියට අප වෙසෙන ක්ෂීරපථ (Milky way) ගැලැක්සියද ඇතුළුව ගැලැක්සි බිලියන ගණනාවක් ඇති වුණා. කලුවර රැයක දිලි දිලී මැණික් වගේ දිදුලන තාරකා බිලියන ගණනාවක් ඒ හැම ගැලැක්සියකම එක්ව තිබුණා. අපේ ක්ෂීරපත ගැලැක්සිය වැනි ඇතැම් ගැලැක්සි මැද ගුරුත්වාකර්ෂණය කොයිතරම් වැඩි වුණාද කිව්වොත් ඒ නිසා බ්ලැක් හෝල් එකක් ඒ කියන්නේ ඉමක් කොණක් නැති කලුකුහරයක් ඇතිවුණා. ළඟපාත තිබුණු තාරාකා, ධූලි වලාකුළු පමණක් නොවෙයි ආලෝකය පවා මේ කුහරය ඇතුළට ඇදලා ගත්තා. හරියට දිය සුළියකට අසුවුණ සුන්බුන් වගේ ඒ හැම දෙයක්ම කුහරයේ අන්ධකාර අගාධය තුළ නොපෙනී ගියා. කලුකුහරයේ ගුරුත්වාකර්ෂණයට අසුවෙන මානයේ තිබුනු සියලූම තාරකා, ධුලි වළාකුලූ ඇද ගෙන ඉවර වු විට සියල්ල සන්සුන් වුණා. දැන් ක්ෂීරපථ ගැලැක්සියත් බිලියන ගණනාවක් වූ අනෙක් ගැලැක්සි සියල්ලත් හොඳට ලොකු මහත් වෙළා.

සූර්යයා සහ ග්‍ර‍හයෝ බිහිවීම

විශ්වයේ වයස අවුරුදු බිලියන හතයි: විද්‍යාඥයන්ට නිශ්චිතවම දින වකවානු කීමට නොහැකි වුවද අපේ මව්තාරකාව සුපර්නෝවා පිපිරීමට ලක්වන්නට ඇත්තේ මේ අවධියේදී විය යුතුයි. ඇතැම් විට එවැනි මව්තාරකා එකකට වැඩිගණනක් පිපිරීම නිසා ඇති වූ ධූලි වලාවෝ පසු කලෙක අපේ සෞරග‍්‍රහ මණ්ඩලය ඇති කිරීමට දායක වෙන්නට ඇතිඒ ගැන තවම අප හරියට දන්නේ නැහැ.
විශ්වයේ වයස අවුරුදු බිලියන අටයි: මුලින්ම ධුලි සහ වායු මහා වලාවක් ලෙස ඇරඹී කෙමෙන් කෙමෙන් සෞර ග‍්‍රහ මණ්ඩලය බිහිවීමට සැරසෙයි. අති දැවැන්ත ධූලි වලාව සෙමින් සෙමින් දිගටි කවපෙත්තක ස්වරූපය ගනී. ගුරුත්වාකර්ෂණයෙන් එකිනෙකා වෙත ඇදී යන ධූලි පිණ්ඩ ග‍්‍රහවස්තුවල මුල් හැඩය ගනී. අධික ගුරුත්වාකර්ෂණයෙන් ගිනියම් ව ඇතිවන න්‍යෂ්ථික විලයනය (nuclear fusion) සමග කවපෙත්ත මැද සූර්යා බිහිවෙයි. හයිඩ‍්‍රජන් හීලියම් බවට හරවමින් සිදුවන න්‍යෂ්ථික විලයනය නිසා සූර්යයා දීප්තියෙන් දිදුලයි.

පෘථිවිය බිහිවීම

විශ්වයේ වයස අවුරුදු බිලියන අටහමාරයි: සූර්යයාගේ න්‍යෂ්ටික විලයනය ඇතිවීමෙන් අවුරුදු මිලියන 500ක් ගතවූ පසු දිගටි කවපෙත්තක හැඩයගෙන තිබූ ග්‍ර‍හ පිණ්ඩ එකතුවේ පිට පැත්තේ සිට ග‍්‍රහ ලෝක හැඩගැසීම ඇරඹෙයි. මෙසේ සැදුනු ග‍්‍රහ වස්තුන් අතරින් තුන් වැනි ග‍්‍රහ වස්තුව වන පෘථිවිය ජීවය ඇතිවීම සඳහා සුදුසු තරම් දුරකින් සූර්යයා වටා කක්ෂ ගතවී පරිභ‍්‍රමණය වෙයි.

විශ්වයේ වයස

විශ්වයේ ඇති ගැලැක්සි අතර ඇති පරතරය කෙමෙන් කෙමෙන් වැඩිවෙමින් යනවා යන්නෙන් තේරුම් ගත හැක්කේ මුල සිටම විශ්වය ප‍්‍රසාරණය වෙමින් පවතින බවයි- කාලය ඔස්සේ ආපස්සට ගමන් කිරීමට හැකි නම් මේ ගැලැක්සි සියල්ලම කෙමෙන් කෙමෙන් එකිනෙකට ලංවී හෙවත් සංකෝචනය වී අවසානයේ වැලි කැටයකටත් වඩා කුඩාවට හැකිළී එක්වෙන හැටි දැන ගන්නට ලැබේවි. ගැලැක්සි එකිනෙකින් ඈත්වන වේගය අනුව ඒවා එකට එක්ව පැවතුණේ කෙතරම් කලකට ඉහතදී දැයි ගණනය කළ හැකියි. ඒ අනුවයි විශ්වයේ වයස අවුරුදු බිලියන 13.7ක් පමණ වන බව දැනගත්තේ.

Leave a Reply

අදහස්

Subscribe to Posts | Subscribe to Comments

- Copyright © දැනුම කරා - Blogger Templates - Powered by Blogger - Designed by Johanes Djogan -