Showing posts with label අපේ ඉතිහාසය. Show all posts
කෑගල්ලේ උතුවන්කන්ද අසබඩට සංක්‍රමණය වී සිටි, දන්කොටුවේ, හාල්දඞුවන දුම්කොල වෙළෙන්දෙකුට දාව, 1832, මාර්තු 25 දින උපන් ඔහු, පවුලේ වැඩිමහල් දරුවා වූ අතර, ඉලුක්ගොඩ විහාරස්ථාන පාසැලෙහි අධ්‍යාපනය ලැබීය. සරදියෙල් බුද්ධිමත් ශිෂ්‍යයෙකු වුවත් හිතුවක්කාරයෙකු වූ අතර නිතර නිතර කලහ ඇති කර ගත්තේය. ඔහුගේ අධ්‍යාපනය එම ගමේ විදානේගේ සමීප ඥාතී වූ පොහොසත් පවුලක සිසුවෙකුට පහර දීම නිසා පොලීසියෙන් අත්අඩංගුවට ගෙන දඬුවම් කිරීමෙන් අනතුරුව නතර විය.
සරදියෙල් කෙටි කලක් සොරකමෙහි යෙදුනද, ඔහු සොරකම් කල භාණ්ඩ දුගී ගම්වැසියන් අතර බෙදා දුන්නේය. කෙසේවෙතත් ගම් ප්‍රදේශය අතහැර කොළඹ වෙත පැමිණ ඔහු රයිපල බැරැක්කයෙහි බැරැක්ක ආවතේවකරුවෙකු ලෙසින් සේවයෙහි යෙදෙමින් , අවි පිළිබඳ මනා දැනුමක් ලැබූ අතර, එයින් පිටව යෑමට පෙර ගිනිඅවි කිහිපයක්ද රැගෙන ගියේය.
ඉන් පසුව ඔහු මංකොල්ල කෑමට යොමු වූ අතර එහිදී දැක්වූ දක්ෂතා නිසාම නීතිභ්‍රෂ්ටයෙකු ලෙස සැලකිය යුතු අවධානයක් දිනා ගත්තේය. සරදියෙල්ට එම කාලයේදී පොහොසත් වෙළෙඳෙකු වූ නාටකෝටි චෙට්ටියාර් ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ අතර පසු අත් අඩංගුවට පත් විය. නමුත් සාක්ෂි ප්‍රමාණවත් නොවූ බැවින් ඔහුව නිදහස් කිරීමට අධිකරණයට සිදුවිය. පසුව මොල්ලිගොඩ වලව්ව කොල්ල කෑමේ හේතුවෙන් සරදියෙල් අත් අඩංගුවට ගැනීමට නැවතත් වරෙන්තු නිකුත් කරන ලදී. එබැවින් ඔහු එම ප්‍රදේශය අතහැර නැවතත් කෑගල්ලේ සිය පියා හමුවට පැමිණි අතර පියා සරදියෙල්ට නවාතැන් දීම ප්‍රතික්ෂේප කළේය. එබැවින් සරදියෙල් සිය සැඟවී සිටීමේ ස්ථානය ලෙස උතුවන්කන්ද තෝරාගත්තේය.

මීගමුවට ආසන්නයේදී පිලවත්තේදී සරදියෙල් කෝලාහයකට පැටලුණු අතර එහිදී පොලිස් ඔත්තුකරුවෙකුට පිහියෙන් ඇන මරා දැමීම හේතුවෙන් ඔහුව නැවතත් අත් අඩංගුවට රැගෙන මිනීමැරුම් චෝදනා ඉදිරිපත් කර නඩු විමසීම උදෙසා කොළඹට ගෙන යන ලදී. නමුත් සරදියෙල් මහර බන්ධනාගාරයේ සිරගත කර සිටියදී ඉන් පැන ගිය අතර ඉතා ඉක්මනින් ඔහුව උතුවන්කන්දේදි අත් අඩංගුවට ගත් නමුත් එයින්ද පැන යාමට සමත් විය.
උතුවන්කන්දට නැවත පැමිණීමෙන් අනතුරුව සරදියෙල් සිය සොර කල්ලිය සාදා ගත් අතර නුවර කොළඹ මහාමාර්ගයේ ගමන් කළ ගැල් සහ අශ්ව කරත්ත මංකොල්ල කෑම ආරම්භ කළේය. ඉතා ඉක්මණින් ඔහුගේ පහරදීම් රඹුක්කන, පොල්ගහවෙල මෙන්ම කුරුණෑගලටද ව්‍යාප්ත විය. මෙය සරදියෙල් දිවයින පුරාම ප්‍රචලිත වීමට මෙන්ම බ්‍රිතාන්‍ය පරිපාලනය විසින් එම ප්‍රදේශ වල පොලිස් බල ඇණි වැඩි වැඩියෙන් ස්ථාපනය කිරීමටද හේතු විය. සංචාරකයන් හට ආයුධ සන්නද්ධ භට පිරිස් රැගත් රථ මඟින් ආරක්ෂාව සලසන ලදී.
සරදියෙල් සිය මව බැලීමට ඇය විසූ නිවසට ගිය අවස්ථාවේ පොලීසිය එම නිවස වැටලූ අතර එහිදී ඇති වූ වෙඩි හුවමාරුවකින් පසු ඔහු ඉන් ගැලවී මාතලේට පැන ගියේය. මෙම අවස්ථාවේදී සිරිමලේ නම් සරදියෙල්ගේ කල්ලියේ සාමාජිකයෙකු කල්ලිය මගහැර පොලිස් ඔත්තුකරුවෙකු බවට පත්විය.
අවසන් අත් අඩංගුවට ගැනීම සහ එල්ලා මැරීම
1864 මාර්තු 21 වනදා සරදියෙල් මම්මලේ මරික්කාර් සමඟ මාවනැල්ලේ පිහිටි නිවසක සිටියදී තමාගේ සලයෙකු විසින්ම දුන් එත්තුවකට අනුව පොලිස් කණ්ඩායමක් විසින් එම නිවස වටලන ලදී. අහමත් සාජන්ට්වරයා සරදියෙල් වෙත වෙඩි තබා ඔහුට තුවාල සිදු කළ අතර මම්මලේ මරික්කාර්ගේ වෙඩි පහරකින් කොස්තාපල් ශබාන් ජීවිතක්ෂයට පත් විය. සාජන්ට් අහමත් විසින් නිවසෙන් පිටවීමට තිබූ එකම දොරටුව ආරක්ෂා කරන අතර කෑගල්ල සහකාර රජයේ නියෝජිත එෆ්.ආර්. සෝන්ඩර්ස් ශ්‍රී ලංකා රයිෆල් බලකායේ පිරිසක් සමඟ එම ස්ථානයට ඉක්මනින් පැමිණියේය. තව දුරටත් විරෝධය පෑම නිශ්ඵල බව දුටු සරදියෙල් සහ මම්මලේ යටත් වූහ. ඔවුන් දෙදෙනා මහනුවරට රැගෙන යනු ලැබූ අතර විනිසුරු තොම්සන් සහ රජයේ නීතීඥ ලෙස රිචඩ් මෝර්ගන් සහ ඉංග්‍රීසි කතා කරන ජූරි සභාවක් ඉදිරියේ නඩුව විභාග කරන ලදී. ජූරිය විසින් ඔවුන් දෙදෙනා වැරදිකරුවන් ලෙස තීරණය කරන ලද අතර මරණ දණ්ඩනය නියම කරන ලදී. ඔවුන් 1864 මැයි 7 වනදා එල්ලුම් ගහ වෙත ගෙනයනු ලැබූ අතර විශාල ජනකායක් සරදියෙක් දැක ගැනීමට එහි පැමිණ සිටියහ. එල්ලීමට ප්‍රථම සරදියෙල් රැස්ව සිටින ජනතාව ඇමතුවේය.
ලිපිය හොදනම් share පාරක් දාන්න
උතුවන්කන්දේ සූර සරදියෙල්
ක්‍රිස්තු වර්ෂ 473 සිට 491 දක්වා රජ කළ මහා කාශ්‍යප රජ සමයේ දී කල සීගිරියේ චිත්‍ර පසුව ජගත් පූජිත කලා නිර්මාණ බවට පත් විය. සීගිරිය ශ්‍රී ලාංකීය ඉතිහාසයේ සුවිශේෂ ස්ථානයක් ගනු ලබන අතර ම සිංහල සාහිත්‍යය හා භාෂාව ගැන කතා කරන විට සුවිශේෂ ස්ථානයක් සීගිරි කුරුටු ගීවලට හිමි වේ. මෙම ගීවලින් බොහොමයක් 8, 9 හා10 වැනි සියවස්වලට අයත් වේ. සීගිරි ගී ලියා ඇත්තේ සීගිරියේ කැටපත් සිගිරි ගී
යාපහුව බලකොටුව
ශ්‍රී ලංකාවේ අගනගර රාජධානි සොළී ආක්‍රමණ සහ ස්වභාවික ආපදා තත්ත්වයන් නිසා ක්‍රමයෙන් නිරිත දිගට සංක්‍රමණය විය. එම සංක්‍රාන්තියේ සිවුවන නැවතුම්පොළ වූයේ යාපහුව බලකොටුවයි. කුරුණෑගල දිස්ත්‍රික්කයේ මහව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මහව මංසන්දියට කිලෝමීටර 04ක් පමණ වයඹ දිශාවෙන් පිහිටි යාපහුව 13 වන සියවසේ දශකයක් පමණ කෙටි කාලසීමාවක් සඳහා දිවයිනේ අගනගරය බවට පත්ව තිබූ පර්වත ආශ්‍රිත පැරණි නගරයකි. පොළොන්නරුව රාජධානි සමයෙන් පසුව නිරන්තර ඇතිවූ විදේශීය ආකුමණ හමුවේ වැදගත් ආරක්‍ෂාස්ථානයක් ලෙස යොදාගත් බවට සාක්ෂි ඇති මෙම පුරාස්ථානය පෞරාණිකත්වය අතින් ඉනිදු බෙහෙවින් ඈත වකවානුවක පටන් ජනාවාසයක් ලෙස පැවතුණකි. ප්‍රාග් ඓතිහාසික අවධියට අයත් ජනාවාස සාධක සහිත යාපහුව සහ තදාසන්න ප්‍රදේශය පූර්ව ඓතිහාසික සමයේදීත් මූල ඓතිහාසික සමයේදීත් වැදගත් ජනාවාසයක් විය. මේ වගට පුරාවිද්‍යාත්මක සාධක අනුසාරයෙන් සාක්‍ෂි ඵලවන්නේ වුවද යාපහුව පිළිබඳ මුල්ම විස්වසනීය ලිඛිත මූලාශ්‍රගත සදහන් 13 වන සියවසට බොහෝ දුරට සීමාවෙයි. සුභ නම් ප්‍රාදේශීය පාලකයෙකු කාලිංග මාඝගේ ආක්‍රමණ සමයේ යාපහුවේ බලකොටුවක් සහ නගරයක් ගොඩනංවා එහි සිට එම ප්‍රදේශය පාලනයකළ බවට සාධක ලිඛිත මූලාශ්‍රයන්හි දක්නට ලැබේ. මින් අනතුරුව සිව්වන විජයබාහු යාපහුවේ
යාපහුව බලකොටුව ලිපි අංක 01
පොළොන්නරුව පෞරාණික නගරය
ශ්‍රී ලංකාවේ පැරණි අගනුවරක් වන ඵෙතිහාසික පොළොන්නරුව චෝල ආක්‍රමණිකයන් විසින් මුලින්ම අගනුවර කරගන්නා ලදී. 1070 දී පමණ චෝල ආක්‍රමණිකයන් පලවා හැරීමෙන් පසු Iවන විජයබාහු රජ විසින් තම අගනුවර වශයෙන් තෝරා ගන්නා ලදී. මෙම කෙටි කාලීන චෝල යටත් විජිත සමයේදී පොළොන්නරු ප්‍රදේශය ජනනාතමංගලම් ලෙස හැදින්වූ බව සඳහන් වේ. පළමු විජයබාහූ රජුගෙන් පසු රජකමට පත්වන මහා පරාක්‍රමබාහු රජු පොළොන්නරු යුගයෙහි හමුවන සමෘද්ධිමත්ම රාජ්‍ය පාලකයා වශයෙන් සැලකේ
පොළොන්නරුව පෞරාණික නගරය
දුටුගැමුණු රජු

දුටුගැමුණු හෙවත් දුට්ඨගාමිණී රජතුමා ලාංකීය ඉතිහාසයේ අග්‍රගණ්‍ය රජෙකි. දුට්ධගාමිණී අභය, ගාමිණී අභය යන නම් වලින්ද හැඳින්වේ. ක්‍රි.පූ 161 සිට ක්‍රි:පූ 137 දක්වා කාලය තුල ලංකාව පාලනය කල මෙතුමා රජරට පාලකයාව සිටි ආක්‍රමණික එලාරව මරා පරදා චෝළ අධිරාජ්‍යයෙන් ලාංකීය ජනතාව රැක ගත්හ.මොහු රාට එක්සේසත් කර නායකයෙකි.
දුටුගැමුණු රජු
| රාජ්‍ය කාලය | 1153 – 1186 |
|---|---|
| පූර්වප්‍රාප්තිකයා | දෙවන ගජබාහු |
| දෙවන විජයබාහු | |
| පියා | මානාභරණ රජ |
| මව | රත්නාවලී බිසව |
| උපත | 1123 පුන්ඛගම/ දැදිගම |
| මරණය | 1186 පොළොන්නරු |