Showing posts with label බුදු දහම. Show all posts
ලොව අවසානවරට පහලවූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ වන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේය. උන්වහන්සේ මේ කල්පයෙහි පහළ වූ සතරවෙනි බුදුරජාණන් වහන්සේය. උන් වහන්සේ බුදුවීමට පෙර සිදුහත් (සිද්ධාර්ථ) නම් විය. "යහපත උදාකරන තැනැත්තා" යනු ඒ නමෙහි තේරුම යි.
බුදුවීමට පෙර ජීවිතය
ගිහි ජීවිතය
සිද්ධාර්ථයන් උපත ලැබුවේ කපිලවස්තු (කිඹුල්වත්) නගරයේ ගෞතම ගෝත්‍රයට හා ශාක්‍ය වංශයට අයත් රාජකීය පවුලක ය. එතුමන් ගේ පියා සුද්ධෝදනරජතුමා ය. මව මහාමායා දේවිය යි.
සතර පෙර නිමිති දැකීම
සුද්ධෝදන රජතුමා කුමාරයාගේ මාලිගාව සහ උද්‍යානය වටවන පරිදි විශාලා තාප්පයක් තැනුවේය. රජතුමා මේ සියල්ලම කලේ යම් දිනෙක මේ සැප සම්පත් සියල්ලම හැර දමා මහණ වෙතැයි ඇතිවූ බිය නිසාමය. කෙසේ වෙතත් සිදුහත් කුමාරයාට මෙලෙස සිරකාරයෙක් මෙන් ජීවත් වීම අප්‍රිය විය. ඔහු නිතරම සෙවුයේමේ ජීවිතයේ අර්ථය කුමක්ද යන්නයි.
දිනක් කුමාරයා රජතුමා හමුවට ගොස් තමන් මාළිගයෙන් පිටතට ගොස් අනෙක් ජනතාව ජීවත් වන්නේ කෙසේදැයි සෙවීමට අදහස් කරන බව පැවසීය. රජතුමා එවිට කුමාරයට මඳ වේලාවක් නවතින්න යැයි පවසා තමන්ගේ සේවකයන් ලවා නුවර සම්පූර්ණයෙන්ම සරසා කුමරුට යන්නැයි පැවසුවේය.
සිද්ධාර්ථ තවුසා
ගිහි බැමි හැර ශ්‍රමණයකු විය යුතු යැයි හැඟීම හැර විමුක්තියට මග පිළිබඳ අන් කිසිම දැනුමක් එ කල්හි සිද්ධාර්ධයන් ට නොතිබිණි. විමුක්තිය සොයා යෑමේ නොසිඳෙන වීර්යයත්, එය අන් අයට හෙළි කිරීමේ සානුකම්පික හැඟීමත් නිසාම සය වසක් මුළුල්ලේ උන්වහන්සේ කළේ සත්‍යය සොයා යෑම යි. මෙය ධර්මයේ හැඳින්වෙන්නේ ආර්ය පර්යේෂණය ලෙස ය.
සත්‍ය ගවේශනය වෙනුවෙන් උන් වහන්සේ මුලින්ම කළේ විමුක්තිය සාක්‍ෂාත් කරගෙන සිටී යැයි එකල සිතා සිටි ආචාර්ය වරුන් සොයා යාමයි. භාවනාව ප්‍රගුණ කර අරූප ධ්‍යාන(මෙය බුදු දහමෙහි සම්මා සමාධිය නොවේ; ධ්‍යාන මට්ටමක් පමණී) උපදවා සිටි ආලාර කාලම සහ උද්දක රාමපුත්‍ර එවැනි ගුරුවරුන්ය. සුළු කලකින් ඔවුන්ගේ ධර්මයන් ප්‍රගුණ කළ සිද්ධාර්ථ ශ්‍රමණයන් වහන්සේ ඒවා විමුක්තිය වෙත යොමු නොවී ඇතැයි අවබෝධයෙන්ම බැහැර කළහ; තමන් ම විමුක්තිය සොයා ගත යුතු බව වටහා ගත්හ.
පස් කම් සැපෙහි ඇලි ගැලී සිටි කාමසුඛල්ලිකානුයෝගී අන්තය නිසරු බැව් මේ වන විටත් පසක් කර සිටි හෙයින් එතුමන් මෙවර තෝරා ගත්තේ ශරීරයට දැඩි දුක් පීඩා දී පව් ගෙවා දැමීම යැයි සමාජ සම්මතයේ පැවති අත්ථකිලමතානුයෝගී අන්තය යි. පස්වග භික්‍ෂූන්ගේ උපස්ථාන ලබමින් අවුරුදු හයක් මුළුල්ලේ දුෂ්කර ව්‍රත වල හැසිරීමෙන් (දුෂ්කර ක්‍රියාවෙන්) පවා උන් වහන්සේ පැතූ විමුක්තිය ළඟා කර ගත නොහැකි විය. මෙම පරීක්‍ෂණයේ නිගමනය වූයේ, අත්ථකිලමතානුයෝගය විමුක්තියෙන් බැහැරට ම යන බවයි.
ඉන් අනතුරුව උන් වහන්සේ ගේ මතකය ගියේ ළදරු වියේ දී දඹ රුක් මුලක හිඳ වැඩූ ආනාපානසති භාවනාවත් එයින් අත්දුටු සමාධි සුවයත් වෙතය. කාමසුඛල්ලිකානුයෝගී සහ අත්ථකිලමතානුයෝගී මාර්ගවලින් බැහැරවූ මැද මාවතක් (මධ්‍යම ප්‍රතිපදාව) අනුගමනය කළ යුතු බැව් උන් වහන්සේට වැටහිණි.
බුද්ධත්වයට පත්වීම
ඉන්පසු වර්තමානයේ බුද්ධගයාවේ බෝධි වෘක්ෂය නමින් හැඳින්වෙන ඇසතු ගස මුල හිඳගෙන සත්‍ය සොයා ගන්නා තුරු නොනැගිටිමියි (චතුරංග සමන්නාගත වීර්යය) යැයි සිද්ධාර්ථ තවුසාණෝ අධිෂ්ඨාන කරගත්හ. එය අනුගමනය කරමින් සමාධියත්, ඒ තුළ විදර්ශනා ප්‍රඥාවත් වැඩූ උන් වහන්සේ වෙසක් මහ පසළොස්වක දින ඇසතු ගසක් මුල සියලු කෙලෙස්නසා සම්මා සම්බුද්ධත්වය ලබා ගත්සේක. එලෙස දින 49 ක් භාවනා කිරීමෙන් අනතුරුව වයස අවුරුදු 35 දී උන්වහන්සේ බුද්ධත්වයට පත්වුහ. එවක් පටන් ඇසතු ගස් බෝ රුකබවට පත්විය. ගෞතම බෝධිසත්වයෝ ඉන්පසුව ගෞතම බුදුන් වහන්සේ ලෙස හැඳින්විණි.ශ්‍රමණ භාවයට පත්වු සිද්ධාර්ථ තවුසා ආනාපානසති භාවනාවට (හුස්ම ගැනීම හා පිටකිරීම පිළිබඳ අවධානය) යොමු වීමෙන් පසු මධ්‍යම ප්‍රතිපදාව (සැප විඳීමට ඇති දැඩි ඇල්ම හා අධික ලෙස දුක් විඳීම යන අන්ත දෙකෙන්ම ඈත්ව මධ්‍ය මාර්ගයේ ගමන් කිරීම) අවබෝධ කරගත් සේක. දුක්ෂර ක්‍රියාකිරීමෙන් ඇතිවූ කෘෂ වු පෙනුම නිසා උන්වන්සේව දැක මේ තමාගේ බලාපොරොත්තුවක් ඉෂ්ඨ කරදුන් දෙවියෙකු යැයි වරදවා වටහාගත් සුජාතා නම් සිටු දේවිය උන්වහන්සේට කිරිපිඬු දානයක් පිළිගැන්නුවාය. උන්වහන්සේ සත්‍ය සෙවීම අතහැරිය බව සිතූ කොන්ඩඤ්ඤ හා අනෙක් තවුසන් සතරදෙනා උන්වහන්සේගේ ශිෂ්‍ය භාවය අතහැර ගියහ.
ගෞතම බුදුරජාණන් වහන්සේ
බුද්ධත්වයට පත්වූ පසු 45 වසක් මුළුල්ලේ උන් වහන්සේ ජීවිතය ගත කළේ සියළු ලෝ වැසියන් ගේ හිත සුව පිණිස අවබෝධ කරගත් එම ධර්මය දේශනා කිරිමටයි.
උන්වහන්සේ සත්වයාගේ දුක් විදීමේ ස්වභාවය හා එයට හේතු පිළිබඳ අවබෝධ කර ගත්හ. එයට හේතුව වන අවිද්‍යාව හා එය නැතිකිරීමට අවශ්‍ය පියවර ද උන්වහන්සේ අවබෝධ කරගත් සේක. එලෙස අවබෝධ කරගත් සත්‍යය චතුරාර්ය සත්‍ය ලෙස කොටස් හතරකට වර්ග කෙරේ. සියළුම සත්වයන්ට ලබාගත හැකි අති ශ්‍රේෂ්ඨ විමුක්තිය නිර්වාණය නම් වේ. සියළුම බුදුවරුන් තුළ පවතින උතුම් ගුණ නවය (නව අරහාදී බුදුගුණ) උන්වහන්සේ තුළ ද විය.
බුද්ධ ශාසනය
බුදුරජාණන්වහන්සේ බුද්ධත්වයට පැමිණිමෙන් අනතුරුව තමන් අවබෝධ කරගත් ධර්මය අන්‍යන්ට දේශනා කළ යුතුද, නැද්ද, යන්න කල්පනා කළ සේක[1]. තණ්හාව, වෛරය හා මෝහයෙන් මුලාව සිටින මිනිසාට සියුම්, ගැඹුරු හා තේරුම් ගැනීමට අපහසු මෙම ධර්මය නියමාකාරයෙන් අවබෝධ කරගත හැකිවේදැයි උන්වහන්සේ සිතූහ. එහෙත් සහම්පතී නම් බ්‍රහ්මයා මැදිහත් වී ධර්මය අවබෝධ කර ගැනීමට සමත් පිරිසක් ද සිටිය හැකි බව පැවසීය. බුදුරාජාණන් වහන්සේ මහා කරුණාවෙන් යුක්ත නිසා ලෝක සත්වයින්ගේ ගුරුවරයා බවට පත්වීමට එකඟ වූහ.
බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වයෙන් අනතුරුව බුදුරජාණන් වහන්සේ හමුවු තපස්සු හා භල්ලුක යන වෙළඳුන් දෙදෙනා බුදු සසුනේ පළමු උපාසකයින් (ගිහි ශ්‍රාවකයින්) දෙදෙනා විය. ඔවුන් බුදුරජාණන් වහන්සේගෙන් ලබා ගත් කේෂධාතු නිදන් කර බුරුමයේ චෛත්‍යයක් කරවු බව කියවේ. ශ්‍රී ලංකාවේ පිහිටි ගිරිහඬු සෑයේ මෙම කේෂධාතු නිදන් කර ඇති බවටද මතයක් පවතී. බුදුරජාණන් වහන්සේ අසිත තාපසතුමා හා තම පෙර ගුරුවරුන් වු ආලාර කාලාම හා උද්දකරාමපුත්ත තම ධර්මය දේශනා කිරීම සඳහා සොයා යාමට සිතුවද ඔවුන් සියලු දෙනාම ඒ වන විට මියගොස් සිටියහ.
සංඝ ශාසනය ඇතිකිරීම
බුදුරජාණන් වහන්සේ සිදුහත් තවුස් සමයේදී තමන් සමඟ සත්‍යය සොයා යෑමට අරමුණු කරගත් පස්වග තවුසන් වෙත ධම්මචක්කපවත්තන සූත්‍රය දේශනා කිරීම සඳහා බරණැස මිගදාය වෙත වඩිමින් තම ධර්ම චාරිකාව ආරම්භ කලසේක. පස්වග මහණුන්, පළමුවන සංඝයා වහන්සේලා ලෙස සැලකෙන අතර එමගින් ත්‍රිවිධ රත්නය (බුද්ධ, ධම්ම, සංඝ) සම්පූර්ණ විය. කොන්ඩඤ්ඤ තවුසා පළමුවෙන්ම මාර්ගඵල ලබාගත් අතර ඔවුන් පස්දෙනාම අරහත් භාවයට පැමිණියහ. යසකුල පුත්‍රයා හා ඔහුගේ යාළුවන් 54 දෙනා පැවිදිවීමෙන් පසු සංඝ සමාජය මාස 2 ක් තුළදී 60 දක්වා වර්ධනය විය.ඉන්පසු බුදුරජාණන් වහන්සෙ පස්වග මහණුන් හා යසකුල පුත්‍රයා හා ඔහුගෙ යහළුවන් 54 දෙනාට ලොවැසියන්ගෙ හිත පිණිස සුව පිණිස ධර්ම චාරිකාෙව් යෙදෙන ලෙසත් එක මගකින් දෙදෙනෙක් නොයෙන ලෙසත් අනුශාසනා කළේය. මේ බුදු සසුනේ ප්‍රතම ධර්ම දූතයන් වහන්සේලා පිරිසයි. ඉන් පසු ලොවැසියාගේ හිතසුව පිණිස බුදුරජාණන් වහන්සේ උරුෙවල ග්‍රාමයේ උරුවෙල කාශ්‍යප, ගායා කාශ්‍යප,නදී කාශ්‍යප යන තුන්බෑ ජටිලයන්ට ධර්ම දේශනා කිරීමට වැඩම කළේය.පිළිවෙලින් පිරිවර 200, 300 හා 500 ක් පිරිවර සහිතව සිටි කාශ්‍යප සොයුරන් තිදෙනාද බුද්ධ ශ්‍රාවකයන් වීමෙන් අනතුරුව සංඝ සමාජය දහස ඉක්මවු අතර ජනතාවට ධර්මය ප්‍රචාරය කිරීම සඳහා ඔවුහූ විවිධ ප්‍රදේශ වලට විසිරී ගියහ.මින් පසු බුදුරජාණන් වහන්සේගේ ගිහි කළ මිතුරකු මෙන්ම වුන් වහන්සේ තපස් රකින කළ බුදු වීමෙන් තමාගේ රාජ්‍යයට වඩින ලෙස අාරධනා කළ බිම්බිසාර රජුට දහම් දෙසීමට වැඩම කළ සේක.
ධර්ම ප්‍රචාර චාරිකා[
බුදුරජාණන් වහන්සේගේ අවු 45 ක කාලය ගංගානම් නිම්නයේ (බිහාරයේ උත්තර ප්‍රදේශය හා දකුණු නේපාලය) ධර්මය හා විනය දේශනා කරමින් චාරිකා කළ සේක. මෙම ගමනේ දී බුදුරජාණෝ කුලවතුන් මෙන්ම පහත් කුලවලට අයත් අය, කසලශෝධකයින්, අංගුලිමාල වැනි දරුණු මිනීමරුවන් හා ආලවක වැනි මීනිමස් කන්නන් යන විවිධාකාර පුද්ගලයන්ට ධර්මය දේශනා කළහ. මෙම ධර්මය ශ්‍රවණය කළ කොටසට වෙනත් ආගම්වල හා විරුද්ධ මත දරන දර්ශනවාදීන්ගේ බැතිමතුන් ද අයත් විය. බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසු ධර්මය හා ශාසනය පවත්වාගෙන යාමට සංඝ සමාජය බිහිවිය. උන්වහන්සේගේ දර්ශනය කිසිම කුල ග්‍රෝතයකට සීමා නොවූ විවෘත ආගමක් විය. එමනිසා විරුද්ධවාදී ආගම් වලට අයත් කණ්ඩායම් වල චෝදනාවලට ලක්වීමට උන්වහන්සේට සිදුවිය. තවත් පිරිසක් උන්වහන්සේ මරණයට පත්කිරීමට උත්සාහ ගත්හ.
සංඝයා වහන්සේලාද ධර්මය දේශනා කරමින් ඉන්දියාවේ තැනින් තැනට සංචාරය කළහ. මෙය වස්කාලයේ හැර අවුරුද්දේ අනෙක් සෑම කාලයකම සිදුවිය.
වස්කාලයේ අධික වර්ෂාවක් පැවතීම නිසා ජල ගැල්ම හේතුවෙන් මෙම සමයේ දී සංචාරය අපහසු වන අතර වතුරේ ගිලී සිටින සතුන්ගේ සිරුරු මත පා නොතබා ගමන් කිරීම අපහසුය. සියලුම ආගම් වලට අයත් තාපසයෝ වස්සාන කාලයේ සංචාරයේ නොයෙදෙති. මෙම සමයේ දී භික්ෂුන් වහන්සේලා ආරාම තුළ, වනාන්තර හෝ උද්‍යානවල ගත කරන අතර ගිහියෝ උන්වහන්සේලා බැහැදැකීමට යති.
බුදුරජාණන් වහන්සේ පළමුවන වස්කාලය බරණැස් නුවර ගත කළ අතර, මෙහිදී පළමු සංඝ පිරිස ඇතිවිය. බුදුවීමෙන් පසු බිමිබිසාර රජතුමා බැහැදැකීමට මගධයට එන බවට රජුට වූ පොරොන්දුව ඉටු කිරීම සඳහා ප්‍රථම වස් කාලයෙන් පසු බුදුරජාණන් වහන්සේ මගධයේ රජගහ නුවරට වැඩිය සේක. මෙම ගමනේ දී බුදුරජාණන් වහන්සේ විසින් තුන් බෑ ජටිලයන්, භද්දවග්ගිය කුමාරවරු ඇතුළු මගධ වැසියන් රැසක් බුද්ධශ්‍රාවකයන් බවට හරවන ලදි. ඉන්පසු එළැඹි වස්සාන කාලයන් තුළ තෙවතාවක්ම බුදුරජාණන්වහන්සේ රජගහනුවර වේළුවන උද්‍යානයේ විසූහ. මෙම වේළුවන ආරාමය පූජා කරන ලද්දේ බිම්බිසාර රජතුමා විසිනි.
බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වූ බවට අසන්නට ලැබුණු සුද්ධෝදන රජතුමා උන්වහන්සේ කපිලවස්තුපුරයට කැඳවාගෙන ඒම සඳහා දූතයන් යැවීය. මෙලෙස දූතයන් නවදෙනෙක්මක් පිටත් කළ හැරිය ද ඔවුන් සියලු දෙනා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් බවට පත්ව අරහත් භාවය ලැබීය. ලෞකික දේ අත්හරින ලද ඔවුන් මෙම පණිවුඩය දීම නොසලකා හැරියහ. දසවන වරට පිටත් කර හරින ලද කාළුදායි ඇමතියා නම් බුදුරජාණන් වහන්සේගේ කුඩා කල මිතුරා වු අතර රහත්භාවයට එළඹි පසු පණිවිඩය ලබා දීමට කාළුදායි රහතන් වහන්සේ සමත් වු සේක. බුද්ධත්වයෙන් අවුරුදු දෙකකට පසු බුදුරජාණන් වහන්සේ කපිලවස්තු පුරයට ගමන්කිරීම ආරම්භ කළහ. පා ගමනින් වැඩිය මේ ගමනේ දී මඟ දෙපස ධර්මය දේශනා කරමින් කිඹුල්වත්පුරයට වැඩම කිරීමට මාස දෙකක් පමණ ගතවිය. බුදුරජාණන් වහන්සේගේ පැමිණිම නිසා මාලිගාවේ දානය සූදානම් කර තිබුණද, ආරාධනාවක් නොලැබුණු බැවින් බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝයා කපිල වස්තු නගරයේ පිඬු සිඟා වැඩියහ. මෙය ඇසු විගස බුදුරජාණන්වහන්සේ වෙත ගිය සුද්ධෝන රජතුමා 'අපගේ රාජකීය වංශයේ කිසිවෙකු සිඟමනේ ගොස් නැත' යනුවෙන් පැවසීය. එවිට බුදුරජාණන් වහන්සේ 'මහරජ ඔබේ වංශය රාජ වංශය, මගේ වංශය බුද්ධ වංශයයි. බුදුවරුන් දහස් ගණනක් පිඬු සිඟා වැඩ ඇත.' යනුවෙන් රජුට පැවසු සේක.
ඉන්පසුව රජමාළිගාවේ දානයට ආරාධනා කළ සුද්ධෝදන රජතුමා දානය අනතුරුව පැවති ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමෙන් සෝවාන් ඵලයට පත්වුවේය. මෙම ගමනේ දී රාජකීය සමාජිකයෝ බොහෝ දෙනෙක් පැවදි වූ අතර, බුදුරජාණන් වහන්සේගේ ඥාති සහෝදරයන් වන ආනන්ද හා අනුරුද්ධ ද පැවිදි විය. ඔවුන් දෙදෙනා පසුව බුදුරජාණන්වහන්සේගේ අග්‍රශ්‍රාවකයන් පස්දෙනාගේ අතරට එක්විය. උන්වහන්සේගේ ගිහිකළ පුත් රාහුල කුමරු වයස අවුරුදු හතේ දී පැවදිවී අග්‍රශ්‍රාවකයන් දස දෙනාගෙන් කෙනෙකි.
උන්වහන්සේගේ සහෝදරයෙකු වූ නන්ද කුමරුද, පැවිදිව රහත් බව ලැබීය. තවත් ඥාති සහෝදරයෙකු වූ දේව්දත්තද පැවිදි වූ නමුත් පසුව බුදුරජාණන් වහන්සේ හා වෛර බැද උන්වහන්සේ මැරවීමට කිහිප වරක් උත්සහ කළේය.
සැරියුත්, මුගලන්, මහාකාශ්‍යප, ආනන්ද හා අනුරුද්ධ යන රහතන්වහන්සේලා ප්‍රධානම ශ්‍රාවකයන් පස්දෙනා වන අතර, උපාලි, සුභූති, රාහුල, මහා කච්චායන හා පුණ්ණ රහතන්වහන්සේලා සමඟ ප්‍රධාන ශ්‍රාවකයන් දස දෙනෙකුවේ.
පස්වන වස්කාලය බුදුරජාණන්වහන්සේ වෛශාලිය ආසන්නයේ මහාවන නම් ස්ථානයේ ගතකළ අතර සුද්දෝධන රජතුමා මරණාසන්නව සිටින බව අසා තම පියාට ධර්මදේශනා කිරීම සඳහා එහි වැඩම කළ සේක. එම ධර්මදේශනාව අසා සුද්‍ධෝදන රජතුමා මරණයට පෙර රහත් භාවයට පැමිණියේ ය. මෙම ගමනේ දී භික්ෂුනී ශාසනය පිහිටුවන ලද අතර, ධර්මග්‍රන්ථ වල සඳහන් වන්නේ බුදුරජාණන් වහන්සේ එයට පළමුව එතරම් කැමැත්තක් නොදැක්වූ බවයි. උන්වහන්සේ හදාවඩාගත් ප්‍රජාපතී ගෝතමී දේවිය බුදුසසුනේ පැවිදි විම සඳහා අවසර ඇයැද සිටියාය. නමුත් මෙය ප්‍රතික්ෂේප කළ බුදුජරාණන් වහන්සේ නැවත රජගහනුවර වෙත වැඩීම ආරම්භ කළ සේක. පැවිදිවීමේ අදහස අත් නොහළ මහා ප්‍රජාපතී ගෝතමී දේවිය පැවිදි වීමට කැමති වූ ශාක්‍ය හා කෝලිය කුමාරිකාවන් රැසක් සමඟින් බුදුරජාණන්වහන්සේ පසුපස රජගහ නුවරට ගමන් කළෝය. භික්ෂු ශාසනය පිහිටුවීමෙන් වසර 5 කට පසු භික්ෂුණී ශාසනය ආරම්භ වූ අතර බුදුරජාණන් වහන්සේ එයට අනුමැතිය ලබාදුන්නේ මාර්ගඵල ලබාගැනීමට පුරුෂයාට හා ස්ත්‍රියට ඇති හැකියාව සමාන වුවත්, අමතර විනය නීති පැනවීමෙනි. භික්ෂුනී ශාසනයේ ආරම්භය සඳහා මැදිහත්වූයේ ආනන්ද තෙරණුවන්ය. බුදුරජාණන් වහන්සේගේ ගිහිකල භාර්යාව වූ යශෝධරා දේවියා ද පැවිදි වූ අතර පසුව රහත් බවට පැමිණියාය.
මෙම කාලයේ දේවදත්ත තෙරුන් (සෝවාන් ඵලයට හෝ පැමිණ නොසිටියේය) බුදුරජාණන් වහන්සේට අනතුරු කිරීම සඳහා කිහිප වාරයක් උත්සාහ කළේය. තමන්ට සංඝයා වහන්සේලා පාලන කිරීමේ බලය ලබාදෙන ලෙස ඒක් අවස්ථාවක දී දෙව්දත් තෙරුන් ඔහු බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලා සිටියේය. මෙය ප්‍රතික්ෂේප කළ බුදුන්වහන්සේ දෙව්දත් ක්‍රියාකරන්නේ තුරුණුවන් කෙරෙහි ඇති භක්තියෙන් නොව ආත්මාර්ථයෙන් බව ප්‍රකාශ කළ සේක. බිම්බිසාර රජතුමාගේ පුත් වූ අජාසත්ත කුමරු හා එක්වූ දේවදත්ත බුදුරජාණන් වහන්සේ මැරවීමෙන් භික්ෂු ශාසනය ලබාගැනීමටත්, කුමරු ලවා බිම්බිසාර රජු මැරවීමෙන් මගධ රාජ්‍ය කුමරුට ලබාගැනීමට හැකිවේය යන අරමුණැතිව කුමන්ත්‍රණය කළෝය. දෙව්දත් බුදුන් මැරවීමට තෙවරක් උත්සාහ කළේය. පළමුවර දුනුවායන් යෙදවූවද බුදුරජාණන්වහන්සේ මුණගැසුණු දුනුවායෝ බුද්ධ ශ්‍රාවකයෝ බවට පත් වුවෝය. දෙවන වර විශාල ගලක් බුදුරජාණන් වහන්සේ මත පෙරළීමට තැත්කළ අතර එය තවත් ගලක් මත වැදී විසිවුණු කුඩා පතුරක් පමණක් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාදයේ වැදුණි. අවසානයේ රා පොවා මත්කරන ලද ඇතෙක් බුදුරජාණන් වහන්සේගේ වඬිනා මාර්ගය වෙතට යැවූ නමුත් එම උත්සාහයද ව්‍යර්ථ විය. දෙව්දත් ඉන්පසුව නව විනය නීති කිහිපයක් තනාගෙන ඒවා සංඝයා වෙත පනවන මෙන් බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලීය. බුදුරජාණන් වහන්සේ එය ප්‍රතික්ෂේප කළ විට උන්වහන්සේගේ පාලනය මද බව බවසමින් ඔහු කෙරෙහි පැහැදුණු තවත් භික්ෂුන් සමඟ වෙනත් ස්ථානයක වසන්නට යාමෙන් සංඝ භේදයක් ඇති කළේය. නමුත් සැරියුත් හා මුගලන් රහතන් වහන්සේලා එම භික්ෂුන්ට ධර්මය දේශනා කර ඔවුන්ව නැවතත් නිවැරදි මාර්ගයට යොමු කර ගැනීමට සමත්වුහ.
බුදුරජාණන් වහන්සේට අවුරුදු 55 ක් වූ විට උන්වහන්සේ තම අග්‍ර උපස්ථායක ලෙස ආනන්ද තෙරුන් පත් කර ගත්හ.
බුදුන් වදාල ධර්මය
පාලි ධර්ම ග්‍රන්ථ වල බුදුරජාණන්වහන්සේගේ නියම ඉගැන්වීම් ඒ ආකාරයෙන්ම සඳහන් වන බව බොහෝ පඬිවරුන්ගේ විශ්වාසයයි. එහෙත් මහායාන වල මුලාරම්භය මුල් බුදුදහමේ අඩංගු වුවද, මහායාන සුත්‍ර බුද්ධ දේශනා ලෙස නොසැලකේ. නමුත් කිසිවෙකුත් බුදුරජාණන් වහන්සේ සැබෑ ලෙස දේශනා කළේ මේ කරුණු යැයි නිසැකයෙන් ම කීමට අපොහොසත් හෙයින් මහායාන ලියවිලි වල සඳහන් දෑ බුදුරජාණන් වහන්සේගේ මුල් දේශනා ලෙස දක්වා ඇත. නමුත් බටහිර වියතුන් බොහෝ දෙනෙක් පිළිගන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම් සත්‍ය වශයෙන්ම සඳහන් වන්නේ පාලිධර්ම ග්‍රන්ථ වල බවයි. බුදුරජාණන් වහන්සේ යනු කවුද ? උන්වහන්සේගේ ඉගැන්වීම් මොනවාද? යන්න විවිධ වූ අර්ථ විවරණ වලින් දැනගත හැකිය. උන්වහන්සේ උත්තම ස්ථානයකට පත්වූ මනුෂ්‍යයෙක්
බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මුලික කරුණු[සංස්කරණය කරන්න]
- චතුරාර්ය සත්‍යය - දුක සෑම ජිවියෙකුටම පොදු ය. දුක ඇතිවන්නේ අවිද්‍යාව හේතුවෙන් වන අතර අවිද්‍යාවට මුලය වන්නේ බැඳීම් හා තණ්හාවයි. ආර්ය අෂ්ඨාංගික මාර්ගය අනුගමනයෙන් මෙම තණ්හාව දුරු කර ගත හැකිය. එමඟින් අවිද්‍යාව හා දුක දුරු කර ගත හැක.
- ආර්ය අෂ්ඨාංගික මාර්ගය - නිවැරදි අවබෝධය, නිවැරදි කල්පනාව, නිවැරදි වචන, නිවැරදි ක්‍රියා, නිවැරදි ජිවත්වීම, නිවැරදි උත්සාහය, නිවැරදි සිහිකල්පනාව හා නිවැරදි සමාධිය.
- පටිච්ච සමුප්පාදය - යමෙක් හෝ යමක් පවතින්නේ වෙනත් දෙයක්, සංකීර්ණව විහිදුණූ අතීත, වර්තමාන හා අනාගතය හා බැදුණු හේතුඵල ජාලයක පැවැත්මෙනි. සියලු දේම එම නිසා හේතු ඵල අනුව සෑදුනු අතර එය අනිත්‍ය වීම හේතුවෙන් තමන් යැයි හඳුන්වන විශේෂිත වූ පුද්ගලයෙක් නැත. (අනාත්ම)
| අනිත්‍ය | - සියළු දේම නැසෙන සුළුයි |
| අනාත්ම | - සදාකාලික පුද්ගල ආත්මයක් නොපවතී. |
| දුක්ඛ | - දමනය නොකළ සිත් ඇති නිසා සියළු සත්වයෝ දුක් විඳිති |
මහායාන බුදුදහමේ දී මෙම කරුණු එතරම් සැලකිල්ලට නොගනී. විවිධ බුද්ධ සම්ප්‍රදායන් වලට අයත් අය අතර බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම් හා භික්ෂු විනය නීති පිළිබඳව විවිධ මතභේද පවතී.
සාම්ප්‍රදායිකව බුදුරජාණන් වහන්සේ සදාචාරය හා නිවැරදි අවබෝධය සඳහා අනුබල දුන් සේක. දෙවියන් ද තම තමාගේ කර්මයට යටත් වන බව දේශනා කළ බුදුරජාණන් වහන්සේ යමෙකුට සත්‍ය නිවැරදිව අවබෝධ කර ගැනීමට අවශ්‍ය නම් තමා විසින් ම නිවනට යන මාර්ගයේ ගමන් කළ යුතු බවත්, තමා එම මාර්ගය පෙන්වා දීමට සිටින ගුරුවරයෙකු පමණක් වන බවත් දේශනා කළ සේක. බුදුදහමේ එන භාවනාව සෘද්ධි බල ලබාගැනීමට නොව මනසේ යථා ස්වරූපය අවබෝධ කරගෙන බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම් තුළින් නිර්වාණය ලඟා කරගැනීමට යොදා ගන්නකි.
බුදුරජාණන් වහන්සේ
දේවදත්ත තෙර බුදුන් වහන්සේට පහර දීම.
දේවදත්ත බෞද්ධ භික්ෂුවකි. එමෙන්ම ගෞතම බුදුන්ගේ මස්සිනාය. දේවදත්ත විසින් සංඝයා වහන්සේලා භේද කළ බවට වාර්තා තිබේ. මෙම සංඝ භේදය සාර්ථක නොවීය. මන්ද යත් දේවදත්තගේ අනුගාමිකයන් සියලු දෙනා නැවත බුදුන් වහන්සේ වෙත ආපසු පැමිණි බැවිනි. මෙයින් පසු දේවදත්තටද එසේ කිරීමට අවශ්‍ය විය. දේවදත්ත ගැන විස්තර කිරීමේදී නිතරම සඳහන් කරන කරුණක් වන්නේ ඔහු බුදුන් වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වයට හා ඥාණවන්ත භාවයට ඊර්ෂ්‍යා කළ පුද්ගලයෙකු ලෙසිනි. එමෙන්ම ආගමික ශාස්තෲවරයෙකු වීමේ අවශ්‍යතාවයද ඔහුට තිබුණේය.
පිරිසිදු ධාර්මික ජීවිතයක් ගෙන යමින් බෞද්ධ භික්ෂුවක වීමට ඔහුට මුලින් තිබුණු ආශාව ඇත්තෙන්ම නිර්මල අදහසක් විය. එහෙත් කිසියම් අද්භූත බලවේගයකින් ඔහුගේ සිතිවිලි දූෂණය විය.
ආනන්තරික කර්මය. (බරපතල වැරැද්ද)ෙ
දේවදත්ත බුදුන් වහන්සේ මැරවීමට කීප අවස්ථාවකදී උත්සාහ කළ බව සටහන් වී තිබේ. එම අවස්ථා නම්:
| * බුදුන් වහන්සේ වෙත ගලක් පෙරළීම. මෙහිදී දේවදත්තගේ අදහස සඵල නොවූ නමුදු විසි වූ ගල් පතුරක් ඇනී බුදුන් වහන්සේගේ ශ්‍රී පතුලෙන් ලේ ගැලීමක් සිදු විය. බුද්ධ ඇදහිලි අනුව මෙම ක්‍රියාව ආනන්තරික කර්ම පහෙන් එකකි. ආනන්තරික කර්ම යනු මනුෂ්‍යයෙකුට මෙලොව කළ හැකි ඉතා දරුණු ක්‍රියා වේ. |
| * බුදුන් වහන්සේට පහර දීම සඳහා ඇතෙකු පෙළඹවීම. ඇතා වෙත මෛත්‍රිය පතුරුවා ඇතා මෙල්ල කිරීමට බුදුන් වහන්සේට හැකි විය. |
සූත්‍ර පිටකයට අනුව බුදුන් වහන්සේ මැරවීමට කිහිප වතාවක් උත්සාහ කිරීමෙන් අනතුරුව දේවදත්ත සංඝ ප්‍රජාව භේද කොට ඔහුගේම නිකායක් පිහිටුවා ගත්තේය. (සංඝ භේදය ද ආනන්තරිය කර්මවලින් එකකි.) ඔහු විසින් නිර්මාණය කළ නව නිකායෙහි නායකයා වීමට උත්සාහ දරමින් ඔහු සංඝයා වහන්සේ උදෙසා අමතර එහෙත් දැඩි ශික්ෂා පහක් පැනවූයේය. මෙම ශික්ෂාවන්ට බුදුන් වහන්සේ අවසර නොදෙන බව ඔහු දැන සිටියේය. එම ශික්ෂා ඉදිරිපත් කිරීමත් බුදුන් වහන්සේ ඒවාට අවසර නොදීමත් ගැන දේවදත්ත තර්ක කළේය. දේවදත්ත කියා සිටියේ ඔහුට මෙම ශික්ෂාවන් පිළිපැදීමට හැකි බවත් එයින් ඔහු නිර්මල සුපිරිසිදු භික්ෂුවක් වන බවත්ය. එම ශික්ෂාවලින් එකක් වූයේ බෞද්ධ භික්ෂුවක විසින් එළවළු පමණක් ආහාරයට ගත යුතුය යන්නයි.
එක් සූත්‍රයක බිම්බිසාර රජු මරවා සිහසුනට පත් වීමට අජාතසත්තු කුමරු පොලඹවා ගත්තේ යයි දේවදත්ත ගැන කීමේදී සඳහන් වේ. අජාතසත්තු එම උපදෙස් පිළිගත්තේය. මෙම ක්‍රියාව (තම පියා ඝාතනය තවත් ආනන්තරික කර්මයන්ගෙන් එකකි) හේතුවෙන් පසු කලෙක බුදුන්ගෙන් බණ ඇසීමෙන් පසුව වුවද ඔහුට නිවන් අවබෝධකර ගැනීමට නොහැකි විය.
දේවද්ත ගැන බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන් වන්නේ ආනන්තරික කර්මවලින් තුනක් කළ එකම පුද්ගලයා වශයෙනි.
මරණයෙ
පොළව විවර වී දේවදත්ත අවීචි නරකාදිය වෙත ගෙන යාම.
සංඝ භේදය කිරීමෙන් පසු තමන් කෙරේ තිබූ ජනප්‍රියතාවය සහ ගෞරවය අහිමි වීම නිසා නැවතත් බුදුන් වහන්සේ ඒ වන විට වැඩ සිටි ආරාමයට දේවදත්ත එන ගමනේදී ඔහු විසින් කරන ලද කර්ම ඵල දී පොළව විවර වී ඔහු අවීචි මහ නරකාදියට ඇද වැටුණේය.
තවත් විස්තරවලින් කියැවෙන්නේ දේවදත්තගේ අවසාන කාලයේදී ඔහු විසින් කරන ලද මහත් අකුසල හේතුවෙන් මහත් සේ පසු තැවිලි වී බුදුන් වහන්සේ කරා නැවත පැමිණ තෙරුවන් සරණ ගිය බවත් ඉන් ටික කලකට පසු කාල ක්‍රියා කළ බවත්ය. ඔහු විසින් කරන ලද බරපතල අකුශල කර්ම නිසා අවුරුදු ලක්ෂ ගණනක් ඔහුට අවීචි මහා නරකාදියෙහි දුක් විඳින්නට සිදු වේ. එහෙත් ඔහු මෙම අකුශල කර්ම කරන්නට පෙර කළ එක්තරා කුසල කර්මයක් හේතුවෙන් පච්චේක (බුදු) වරයෙකු වශයෙන් දෙව්ලොවකට ප්‍රවිෂ්ට වන බවද කියා ඇත.
දේවදත්ත මහායාන ඉගැන්වීම් තු
මහායාන සම්ප්‍රදායෙහි පද්ම සූත්‍රයෙහි දේවදත්ත පවා නියම කාලයේදී නිවන් අවබෝධ කර ගත් බවත් මෛත්‍රී සහගත පුද්ගලයෙකු වූ බවත් බුදුන් වහන්සේ ප්‍රකාශ කළ බව සඳහන් වේ. මෙම ප්‍රකාශයෙන් ඇඟවෙන්නේ සෑහෙන කාලයක් ලැබුනහොත් ඔනෑම නරක පුද්ගයෛකුට ඔහු විසින් කරන ලද පාපකර්ම සැලකිල්ලට නොගෙන බුද්ධත්වයට පත් වීමට අවස්ථාව තිබෙන බවයි.
දේවදත්ත
බුදු දහමේ උපත(ජාති) ව්‍යාධියට පත්වීම හා මරණය (ජරා මරණ) යන ලෝකයේ සියළු සත්ත්වයන්ට පොදු වූද නිර්වාණය ලබාගැනීමෙන් පමණක් මිදිය හැකි චක්‍රය සංසාරය නම් වේ. සංසාරය දුක්විඳීම හා බැඳී ඇති අතර නිර්වාණයට විරුද්ධ ආකාරයයි. සසර යනු කුමක්ද? දුක් නම් කවරහුදැයි සෑම සියලු දෙනා විසින්ම දැනගත යුතු ය. එම නිසා එම වචන දෙකට අයත් තේරුම් තථාගතයන් වහන්සේ දේශනා කළ ධර්මය තුළින් මනාව පැහැදිලි කර ඇත. එසේ ප්‍රකාශ කරනු ලබන සසර දුක් විභාගය මෙය කියවන ඇත්තන් දත මැද දැහැටි විසික්කරන්නා සේ නොකොට කටපාඩම් වනතෙක් දෙතුන් වතාවක් වත් කියවා අවබෝධ කර ගැනීමට උත්සාහ ගත යුතු ය. කුමක් හෙයින් ද යත් සසර දුක් නොදන්නා අය තුළ සසර කළ කිරීමක් හට ගන්නේ නැති නිසා ය. සසර අවබෝධයක් නැති අයට සසර නැතිකිරීමට අවස්ථාවක් නොලැබෙන්නේ ය. එවැනි අයට ආගමක්ද ඕනෑ නැත. අද ලංකාවේ බෞද්ධ ජනතාව අතර සසර භය දන්නා අය ඉතා දුර්ලභය. එම නිසා බුදු දහමට අනුකූලව ජීවත්වීමට ඔවුහු උත්සාහ ගන්නේ නැත. බුදු දහම දන්නා අය ද, ආගමාලය ඇති අයද ඉතා දුර්ලය. කරුණු කාරණා මෙසේ හෙයින් නමින් පමණක් බුද්ධාගම්කාරයන් වශයෙන් පෙනී සිටිමින් බුදුදහමට විරුද්ධව නොයෙක් පව්කම් වල හැසිරෙමින් අපිරිසුදු චේතනාවෙන් කල්ගත කරමින් මැරි මැරී සතර අපායපුරවති. මේ ක්‍රමය මිනිසුන්ව උපන් අයගේ යුතුකම නොවන බව නුවණින් දැක සසර දුක මේ යැයි දැන, එම දුක් සංසිඳුවන උපාය මාර්ගය වූ සද්ධර්ම මාර්ගයෙහි යහතින් ගමන්කොට නිවන් අවබෝධය කරා ගමන් කළ යුතු ය.සසර නම් කුමක් ද යන මේ ප්‍රශ්නයේ දී, මේ ගාථාව තේරුම් සහිතව පාඩම් කර ගැනීමට උත්සාහ ගැනීම සුදුසු ය.
ඛන්ධානං පටිපාටි ධාතු ආයතනා ච අබෙභා ඡින්නං වත්තමානං සංසාරොති පවුව්චති.
පඤ්චස්බන්ධයන්ගේ ද ධාතු ආයතනයන්ගේ ද පිළිවෙළ නොසිඳී භවයෙන් භවය ගලපමින් පවත්නා ආකාරය සංසාර යැයි කියනු ලැබේ. රූප රාශිය, වේදනා චෛතසික රාශිය, සංඥා චෛතසික රාශිය, කුසලාකුසල චේතනා රාශිය විඤ්ඤාණ හෙවත් සිත් රාශිය යනාදී රාශි කිහිපයකින් යුක්ත වූ රූපා රූප සමූහ පඤ්චස්කන්ධය යනුවෙන් හැඳින්වේ.
එසේම එහි පෘථිවි ධාතු ආදී ධාතු සමූහයක්ද ඇත. එසේම චක්කායතනාදී ආයතන සමූහයක් ද ඇත. ඒ ඒ ජාතියෙහි උපන්නා වූ ඒ ඒ පඤ්චස්කන්ධ ආයතනාදිය දිරා මැරී ගිය පසු එපමණකින් නොනැවතී කර්ම ශක්තිය අනුව නැවත හටගන්නා ස්කන්ධ ධාතු, ආයතන නිසා අනෙක් භවයක උත්පතිත්ය දැයි යනාදී වශයෙන් චුති ප්‍රතිසන්ධි පරම්පරාව හෙවත් මරණය උත්පත්තිය, උප්පත්තිය මරණය යන වශයෙන්, පවත්නා පිළිවෙළ නොකැඩී නොසිඳී පැවැත්ම, සසර නම් වෙයි. මනුෂ්‍ය, දේව , මාර නරකාදීසත්වයන් වශයෙන් හැම දෙනාම වරින් වර සසර උපත ලබති.
සත්වයා යනු පඤ්චස්කන්ධය සත්වයා රූප වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යන රාශි පහෙන් යුක්තය. සත්වයා කවරෙක්ද යන්න විස්තර කැර බැලුවහොත්, පෘථිවි ධාතුව ආදී සතර මහා
භූත කොටස් හා ඒවා නිසා හටගත් රාශියක්ද එසේම සුවදුක් විඳීම් ආදී වේදනා රාශියක් සහ නිල්, සුදු, රතු, මිටි, මහත් යනාදිය හැඳිනීම යැයි කියන ලද සංඥා රාශියක්ද එසේම පිරිසුදු අපිරිසුදු චේතනා රාශියක්ද යනාදී රාශි පහක් හැර, වෙනත් දෙයක් නැති බව පෙනේ. එම නිසා සත්වයා කීවද පඤ්චස්කන්ධය කීවද දෙකම එකකි.
පඤ්චස්කන්ධය හෝ සත්වයාට සංසාර යැයි කියන්නේ, නැවත නැවත ඒ ජාතියෙහි ඉපදීමේ පිළිවෙළක් ඇති නිසා ය.
පරමාර්ථ වශයෙන් හෙවත් හරි තේරුම ලෙස ගත් කල සත්වයා පඤ්චස්කන්ධය යනු නාම රූප අටළොස් ධාතු සමූහය, සලායතනය දුක්ඛ සත්‍යය, යනාදියෙන් හඳුන්වන දේමය. රාශි පහෙන් යුක්ත නිසා පඤ්චස්කන්ධ යැයිද , චුති උප්පත්ති පරම් පරාවක් ඇති නිසා සංසාර යැයි ද, සිත, කය, දෙක, නිසා නාම රූප යැයි ද පඨවි, ආපෝ, තේජෝ, වායෝ යනාදී ස්වභාව ධර්ම නිසා ධාතු යැයි ද ඇස, කණ, නාසාදී ආයතන නිසා සලායතන යැයි ද, ඒ සියල්ලම දුක් සමූහයක් දුක් ගොඩක්, දුක් පිඬක් නිසා දුක්ඛ සත්‍යය යැයි ද, ඉපිද නැසෙන නිසා අනිත්‍ය යැයි ද, පීඩා වන දැවෙන, තැවෙන හිරිහැරවන නිසා දුක යැයි ද බැලූ බැලූ අතින් අසාර වූ නිසා අනාත්ම යැයි ද කියනු ලැබේ. මේ කරුණු කාරණා පිළිබඳව නිරවුල්ව අවබෝධ කරගත යුතු ය.
මේ සසර යැයි කියන ලද සත්ත්ව සමූහයට ඇති දුක්ඛ සමුදාය ද අප විසින් තේරුම් ගත යුතු ය. කෙටියෙන් සිතා බලන විට මේ සත්ව සමූහයා හෙවත් සසර එකම දුක් ගොඩකි.
ජාති දුක හෙවත් මවුකුස පිළිසිඳ ගත් තැන් පටන් මවුකුසින් ප්‍රසූත වන තෙක් විඳිනට ලැබෙන අප්‍රමාණ දුක් සමූහයද එතැන් සිට ළදරු කාලයෙහි විඳින්නට වන අනන්ත දුක් සමූහයද, එසේම මහලු වියට පත්වීමෙන් හට ගන්නා ජරා දුක ද නොයෙක් රෝග පීඩා නිසා හටගන්නා ව්‍යාධි දුකද, සියලු හිත කැමැති, අඹු දරු ඤාති මිත්‍රාදීන් සහ තෘෂ්ණාවෙන් රැස් කළ ධනයද හැර දමා නොකැමැති සේ යන අනන්ත රෞද්‍ර දුකක් වූ මරණයද ආහාර සැපයීමේ දුක ද පි‍්‍රයයන්ගෙන් වෙන්වීමේ දුක ද, ධන හානි දුක ද, නින්දා, පරිභව දුක ද ආදී බොහෝ අනන්ත අප්‍රමාණ දුක් විඳින්නට සිදුවන බව කිව යුතු නොවේ. නමුත් අඥානකම සහ තෘෂ්ණාව නිසා මේ දුක් සමූහය භය වශයෙන් දුක් වශයෙන් නොදකින අතර එහි කළකිරීමක් සිදු නොවෙයි.
මේ හැර අට මහා නිරයාදී එකසිය සතිස් නිරයෙහි ඉපදී කල්ප ගණන් ලක්‍ෂ ගණන් කෝටි ගණන් අවුරුදු දුක් විඳීමට සිද්ධ වීම ද බලු කපුටු, එළු, බැටළු, ගව මහීෂා දී තිරිසන් අපාය වල ඉපිද කල්ප ගණන් අනන්ත දුක් විඳින්නට ලැබීම ද සසර දුක වශයෙන් වටහා ගත යුතු ය.
එක් සත්වයකු විසින් අතීත සංසාරයේ දී විඳින ලද දුක් අනන්තය. මතු භවවල විඳින්නට ලැබෙන දුක ද, අනන්ත ය. අප්‍රමාණ ය.
නමුත් මෙම දෙකොටසටම නොපෙනෙන නිසා බොහෝ දෙනා ඒ ගැන අල්පමාත්‍ර වූ භයක් තැති ගැනීමක් නැතිව, මනුෂ්‍ය ආත්මය සැපසේ පරිහරණය කිරීම පමණක් උසස් කොට සළකා තෘෂ්ණාවෙන් යුක්තව අනන්ත දුශ්චරිත වල ද යෙදෙමින් සසර දුක් වර්ධනය කර ගනිමින් අන්ධව කටයුතු