Posted by : Unknown Friday, June 10, 2016


දුටුගැමුණු රජුRuwanwelisaya.jpg

දුටුගැමුණු හෙවත් දුට්ඨගාමිණී රජතුමා ලාංකීය ඉතිහාසයේ අග්‍රගණ්‍ය රජෙකි. දුට්ධගාමිණී අභය, ගාමිණී අභය යන නම් වලින්ද හැඳින්වේ. ක්‍රි.පූ 161 සිට ක්‍රි:පූ 137 දක්වා කාලය තුල ලංකාව පාලනය කල මෙතුමා රජරට පාලකයාව සිටි ආක්‍රමණික එලාරව මරා පරදා චෝළ අධිරාජ්‍යයෙන් ලාංකීය ජනතාව රැක ගත්හ.
මොහු රාට එක්සේසත් කර නායකයෙකි.




මුල් අවදිය

ගැමුණු, ගාමිණී යනු සාම්ප්‍රදායික සිංහල නමකි. මහාවංශය විස්තර කරන අන්දමට දුටුගැමුණු කුමරුට ආක්‍රමණික නායකයන් හා සටනට නොයන ලෙස ඔහුගේ පියා වන රුහුණු රට කාවන්තිස්ස රජ අණ කරන ලදි. නමුත් ඔහු‍ගේ අණ නොතැකූ කුමරු රජ මැදුරින් පලා ගිය අතර පසුව කාවන්තිස්ස රජුට කාන්තා ආභරණ යවන ලදි. ඔහු මින් අදහස් කරනු ලැබු‍වේ තම පියා විහිලුවටත්, හෑල්ලුවටත් පත් කිරීමයි. ඔහු ඵතරම්ම අභීත කුමාරෙයකි. දුටුගැමුණු ලෙස පසු කලෙක හැදින්වෙන ලද්දේ මෙම හේතුව නිසාය. නමුත් දුටුගැමුණු රජතුමාගේ මරණින් පසු ඔහු ධර්මගාමිණී ලෙසද හදුන්වන ලදි.මහවංශයට අනුව දුටු ගැමුණු රජු සිය යුද මෙහෙයුම දියත් කරනු ලැබුවේ “මාගේ වෑයම රජ සැප විදීම සඳහා නොව, බුද්ධාගමේ චිරස්ථිතිය සඳහාය“ යනුවෙන් පවසා ඇත. නමුත් මහවංශයට අනුවම ඔහු වසින් පරාජය කල එළාර රජ ආක්‍රමණික විදේශිකයෙකු වුවද ඉතා ධාර්මික රජෙකි.මේ සදහා පුරාව්‍රර්ත වල සාක්ෂි අපට හමුවේ
රනම් ගවයෙක් යට කල වරද්දට තම පුතුට දඩුවම් දීමේ කථාවයි

රජ පවුලේ තොරතුරු

මහාවංශයට අනුව දුටුගැමුණු රජතුමාගේ කථා වෘන්තය පරිච්ජේද 35කින් විස්තර වෙයි. 22 වැනි පරිච්ජේද සදහන් වන අන්දමට රජරට පුරාණ රාජ පවුලකින් පැවත ඵන දේවානම්පියතිස්ස රජ සොයුරු මහානාග රජ කල රුහුණු මාගම පාලනය කළ කාවන්තිස්ස රජු දුටුගැමුණු රජතුමාගේ පියාය. කල්‍යාණ පෙදෙස පාලනය කළ කැළණිතිස්ස රජ දියණිය වූ විහාරමහා දේවිය ඔහු‍ගේ මෑණියන්ය. පිය රජු කළ වරදට දඩුවමක් ලෙස තිස්ස රජු තම දියණිය රනින් කළ නැවක නගවා මුහුදට පා කර හරින ලදි. මෙම නැව රුහුණු රට මාගම් පෙදෙසට ගසා ගෙනවිත් කාවන්තිස්ස රජුට හමු විය. පසුව කාවන්තිස්ස රජ බිසව වූ විහාරමහා දේවිය මෙතුමියයි. විහාරමහා දේවියට ලැබුනු පළමු වන පුතු රත්නය ගාමිණී අභය ලෙසද දෙවැනි පුතු රත්නය තිස්ස ලෙසද නම් කෙරිණි.

අභ්‍යන්තර යුද්ධය


වයස 16 වන විට තරමක් හිතුවක් කාර වුවද ගාමිණි කුමරු ශක්තිමත්ය. බුද්ධිමත් මෙන්ම රාජකීය නායෙකයෙකු විය. රජරට රජු බලයෙන් පහකිරීමේ අදහස ඇතිව ඔහු රෝහණ ප්‍රදේශයෙන් යුද්ධය සදහා හමුදාවක් සංවිධානය කළේය. පසුව උතුර ආක්‍රමය කිරීමේ තම අදහස පියාට කියා පෑවේය. රජු මෙම අදහසට ඉඩ නොදුන් “ගගෙන් මෙහා භූමිය ප්‍රමාණවත්” යැයි කීමෙනි. මෙහිදි පියා සහ පුතා අතර ඇති වු අදහස් හුවමාරුව අවසානයේ ගාමිණිට - දුෂ්ඨ ගාමිණි ලෙස නමක් පටබැදුනු අතර මිතුරන් සමග මලය දේශයට පලාගියහ. කාවන්තිස්ස රජුගේ මරණයෙන් පසු - කන්ඩුල ඇතාද වැන්දඹු බිසව වු විහාර මහා දේවියද තම භාරයට ගෙන තිබුණු තම බාල සොහොයුරා වු තිස්සගෙන් රාජය බලය ආරක්ෂා කරගැනීමට දුටුගැමුණු රජුට අවශ්‍ය විය. දෙදෙනා අතර ‘කුලංගනිය පිත්ති’ නම් ස්තානයේ දී ඇති වු යුද්ධයෙන් දුටුගැමුණු පරාජ විය. ඔහුගේ පිරිසෙන් මිනිස්සු දහස් ගණනක් වැනසුනේය. දුටු ගැමුනුට ‘මහගමට’ පලා යෑමට සිදු විය. එහිදී ඔහු නැවත වරක් සේනා සංව්ධානය කර තිස්සට එරෙහිව නගරය පෙනෙන තෙක් ස්ථානයේ තැනකදී යුද්ධ කළේය. මෙම අවස්ථාවේදි ඔහු ජය ගත්තේය. තිස්ස පලා ගියේ භික්ෂුවකගේ මෘත දේහයක් ගෙන යන ආකාරයට උපක්‍රමයක් යොදා ගෙනයි. මෙම සිද්ධියෙන් ටික කලකට පසුව විහාර මහා දේවියගේ සහ බෞද්ධ භික්ෂුන් මැදිහත් වීමෙන් කළ උත්සාහයක ප්‍රතිඵලයක් ලෙස දෙදෙනා මිතුරු වී පසුව තිස්ස කුමරු රජුගේ ප්‍රධාන සෙන්පතියෙකු බවට පත්විය. රජරට ආක්‍රමණය. තමාගේ ආරක්ෂාව තහවුරු කර ගැනී මෙන්පසු දුටුගැමුණු උතුර ආක්‍රමණය කිරීමට සැළසුම් කළේය. මෙයට රජරට පමණක් නොව අර්ධ ස්වාධීන පාලන සංස්ථාවන් විශාල සංඛ්‍යාවක් ඇතුළත් විය. ඒ හැරුණු විට සංඝයා වහන්සේලා පිරිසක්ද ආශිර්වාදය පතා භාවනාව බලාපොරොත්තුවෙන් සර්වඥ ධාතු අඩංගු කොතයක්ද ගෙන යන ලදී. මේ සියල්ල හැරුණු විට ඔහුගේ පියා විසින් දිවයිනේ විවිධ පෙදෙස් වලින් කැදවා පුහුණු කල නන්දි මිත්‍ර , සුරනිමල , මහාසේන, ථෙරපුත්තභාය, ගෝඨාභය, භරණ, වයඹ, වේලුසුමන සහ පුස්ස දේව නම් වු දස මහා යොධයින්ද එක්වුහ. මෙම යුද්ධ ව්‍යාපාරයේදී දුටුගැමුණු විසින් දෙමළ පාලකයින් බොහෝ සංඛ්‍යාවක් පරාජය කරනු ලැබුහ. (මහා වංශය අනුව 32 ක් තරම් සංඛ්‍යාවක් ) විජිත නගරය හාර මසක් මුලුල්ලේ වට කිරීමෙන් පසු ආරක්ෂාව සදහා දෙමළ සේනාවෝ උණු දිය හා තාර දුටුගැමුණුගේ ඇතුන්පිට වත් කළහ. මෙම කාලයේදී ඔහු ගැමි ප්‍රධානියෙකුගේ දියණියකු වු රන් එතනා විවාහ කර ගත්තේය. මෙම ගැමි ප්‍රධානියා ඒ වන විට අනුරාධපුරයේ එළාරට තුටු පඩුරු යවමින් සිටි කෙනෙක්. රජුගේ උපාය ශිලි බවත් කණ්ඩුලගේ නිර්භීත භාවයත් යුද්ධයේ ජයග්‍රහණයට ඉවහල් විය. යුද්ධය උච්චස්ථානයට පැමිණියේ අනුරාධපුරයේ නැගෙන හිර දොරටුවේදීය. එහිදි කණ්ඩුල ඇතු අරා සිටි දුටුගැමුණු මහාපබ්බත නම් ඇතු අරා සිටි මහළු එළාර සමග සටන් කොට අවසා‍නයේ හෙල්ලකින් ඇන එළාර ජිවිතක්ෂයට පත් කළේය. මෙම සටන ශ්‍රී ලංකා ඉතිහාසයේ වැදගත් සිදුවීම් වලින් එකකි.

අනුරාධපුරයේදී ලත් දුටු ගැමුණුගේ ජයග්‍රහණය පෙර නොවු විරූ තත්ත්වයකට පත්වුයේ සම්පුර්ණයෙන් වාගේ ශ්‍රී ලංකාවේ පාලනය ඔහුට නතු වීම නිසයි. එසේ වුවත් එපමණකින් ඔහුගේ දුෂ්කර තත්වය නිම නොවිනි. ඔහු පරාජයට පත් කල එළාර චෝල අධිරාජ්‍යයෙන් පැමිණි රජ කෙනෙකු වුවත් ඔහු ඉතා යුක්ති ගරුක ධාර්මික රජේකු ලෙස ප්‍රසිද්ධියට පත්වී තිබිණ. දුටු ගැමුණු වෙනත් අයට වඩා වෙනස් මගක් ගෙන මියගිය එළාර රජුට පුජනීයත්වයක් දෙනු පිණිස එළාරගේ දේහය ආදාහනය කර සොහොන් ගෙයක් තනවා එම සොහොනට ගරු කළ යුතු බවට නියෝග පැනවීය. තවදුරටත් කියතොත් ඔහුගේ කීරිතිමත් ජයග්‍රහණය ගැන මෙනෙහි කරද්දි ඔහුට සතුටක් නොදැනුනේ ලක්ෂ ගාණක් ජීවිත විනාශ වු හෙයිනි. මෙය සනාථ වන්නේ වංශ කථා වලට අනුව (68 සහ 69 අතර) ඔහු විසින් කළා ගේ සැළකෙන ස්ථුප, විහාර ආරාම, පුජනීය ස්ථාන ඇතුලු අප්‍රමාණ වු ආගමික ගොඩනැගිලි ගැන කල්පනා කරන විටය.

පාලනය සහ ඉදිකිරීම් වැඩ


දුටුගැමුණු රජතුමාගේ කාලයේ ඔහු විසින් කරවන ලද අප්‍රමාණ ගොඩනැගිලි ව්‍යාපෘති හැරුණු විට ඔහුගේ පුතා සහ ඔහු අතර තිබුණු භේදයද සැළකිය යුතු කරුණක් විය. ඔහුගේ පුතා සාලිය නොහොත් සාලිරාජකුමාර අශෝකමාලාදේවී නොහොත් අශෝකමාලා නම් රොඩී කුල තරුණියක හා පෙමින් වෙළුණේය. මෙම තරුණිය සිංහල සමාජය විසින් පහත් යයි සළකන රොඩී කුලයේ තරුණියකි. සාලිය ඇයගෙන් වෙන්වීමට අකමැති වී සිහසුනද ප්‍රතික්ෂේප කළේය. රජු සහ පුතා අතර ඉන් පසු සිදු වූ සමගියක් ගැන මහා වංශයේ සඳහන් නොවෙතත් ජන කථාවල කියැවෙන්නේ රජතුමාගේ ආශීර්වාදය දෙදෙනාට ලැබුණු බවයි.

තමන්ගේ රාජ්‍ය බලය හොඳින් තහවුරු කර ගත් පසු දුටු ගැමුණු රජතුමා විශාල ගොඩනැගිලි ඉදිකිරීම් ව්‍යාපෘති ආරම්භ කළේය. එයින් බොහොමයක් අදද අනුරාධපුරයේ සුරැකිව තිබේ. දුටු ගැමුණු රජුගේ ජීවිතයේ සෑම දෙයක්ම මෙන් සෑම ඉදිකිරීමකම ආරම්භය හා සම්බන්ධ ඓතිහාසික ප්‍රබන්ධයක් තිබේ. එයින් බොහොමයකින් පුරාණ සිංහල සමාජයේ තොරතුරු හා අභිලාෂයන් හෙළි වේ.

මහාවංශයේ සඳහන් වන ප්‍රථම කොඩනැගිලි අත්තිවාරම වන්නේ වර්තමාන මිරිසවැටිය ලෙසින් හැඳින්වෙන මරිචවට්ටි ස්ථූපයේ පාදමයි. ඓතිහාසික පුරාවෘත්තයන්හි දැක්වෙන පරිදි දුටුගැමුණු රජු තම අන්තඃපුර බිසවුන් සමග දිය කෙළි සඳහා තිසා වැවට යාමට ප්‍රථම ඔහුගේ කුන්තය වැව් වෙරළේ සිටුවා ඇත. (මෙම කුන්තයේ සර්වඥධාතු අඩංගුව තිබුණා යයි කියැවේ) ආපසු මාළිගාවට යාමට සුදානම් වී කුන්තය ආපසු ගැනීමට තැත් කළ නමුත් රජුට හෝ එතැන සිටි පිරිසගෙන් කිසිවෙකුට එය ආපසු ගැනීමට නොහැකි විය. මෙය විශේෂ ලක්ෂණයක් ලෙස සළකා කුන්තය වසා ස්ථූපයක් තැනීමට රජතුමා නියම කරන ලදී
දුටුගැමුණු රජතුමා ලෝහ ප්‍රාසාදය තැනීමටද නියෝග කළේය. එය මහල් නමයකින් යුක්තව සංඝයා වහන්සේලා උදෙසා ඉදිකරන ලදී. තඹ තහඩු සහිත වහලකින් යුත් නිසා එයට ඒ නම ලැබිණ. තවදුරටත් කියතොත් ප්‍රාසාදය සඳහා සැලසුම ලැබුනේ දෙව්ලොවිණි. භික්ෂුන් වහන්සේලා පිරිසක් එක් දෙව්ලොවකදී දුටු ප්‍රාසාදයක හැඩය ගෙන එය නිර්මාණය කරන ලදී. එම භික්ෂූහු සැළසුම රතු ආසනික් වලින් ලිනන් රෙද්දක ඇඳ රජු වෙත එවා ඇත.



රුවන්වැලිසෑය ගොඩනැගීම




මේ පිළිබදච දේවානම්පියතිස්ස රජතුමා විසින් වෙසක් දිනයක ලියනලද ශිලාලේඛනයකට අනුව දුටුගැමුණු රජතුමා විසින් රුවන්වැලිසෑය දාගැබ

 නිර්මාණය කරනලදි.

  1. පළමුව භූමිය මනින ලදි.
  2. රියන් 7ක් බිම හාරන ලදි.
  3. ගල් අඩිතාලමක් යොදන ලදි.
  4. මිටියෙන් තලා ගල් කඩන ලදි.
  5. ගල් බිම අතුරා අලින් ලවා පාගවා බිම සකසන ලදි.
  6. හිමාලෙයන් මැටිගෙන්වා ගොඩනැගීම අරඹන ලදි.

දාගැබ අංග නිර්මාණය ඇරඹුනි. ඉන්දියාවෙන් පැමිණි භික්ෂූන් වහන්සේලාගේත් ලාංකීය භික්ෂූන් වහන්සේලාගේත් පූර්ණ මගපෙන්වීම ලැබිණි. බුද්ධපරිනිර්වාණයෙන් පසු උන්වහන්සේගේ ධාතු රටවල් අටකට පිටත්කර අතර මෙම රටවල දාගැබ් තනවා ධාතු තැන්පත් කරනලදි. ඉන් ලැබුන ධාතු රුවන්වැලිසෑය දාගැබ තුළද තැන්පත් කර ඇත.




රජුගේ මරණය


මහ‍ ‍‍දාගැබ සාදා නිමකිරීමට පෙරාතුව දුටුගැමුණුරජතුමා රෝගාතුර විය. නමුත් රජුගේ ආශාව වූයේ වැඩ අවසන් වු දාගැබට වන්දනා කොට තම අවසන් හුස්ම හෙලීමයි.‍ මෙය දන්නා රජුගේ සොයුරු සද්ධාතිස්ස රජතුමා ගොඩනගමින් සිටි දාගැබ සුදු රෙදිවලින් වටකර වැඩ නිමකරන ලද අලංකාර රුවන්වැලිසෑය දාගැබ සේ දුටුගැමුණු රජතුමාට පෙන්වන ලදි. සත්‍ය වශයෙන්ම මෙය තමා නිර්මාණය කරනලද රුවන්වැලිසෑය දාගැබ යැයි සිතූ රජු කිරි පැහැයෙන් බබළන දාගැබ දෙස බලාගෙනම ඵයට වදිමින්ම තම අවසන් හුස්ම පොද වා තලයට මුදා හැරියේය. පසුව තුසිත දෙව්ලොව දිව්‍ය රජකුව ඉපදුනි. පසුව සද්ධාතිස්ස රජතුමා විසින් වැඩනිමවා රුවන්වැලිසෑය දාගැබ වන්දනා මානයට පූජා කරනලදි. අවසානයේදී සද්ධාතිස්ස රජතුමාද තුසිත දෙව්ලොවම ඉපදුනු බව සදහන් වෙයි.
අනාගත මෛත්‍රී බුදුන් කළ උන්වහන්සේගේ දකුණත් සව්ලෙස දුටුගැමුණු රජතුමාද වමත් සව්ලෙස සද්ධාතිස්ස රජතුමාද කාවන්තිස්ස රජතුමා සහ විහාරමහා දේචිය අනාගත මෛත්‍රී බුදුන්ගේ මව සහ පියා බවද සදහන් වෙයි. කාවන්තිස්ස රජතුමාගේ බාලම සොයුරිය අනුලා කුමරිය මෛත්‍රී බෝධිසත්වයන්ගේ බිසව වන අතර දුටුගැමුණුරජතුමාගේ පුත් සාලිය කුමරා මෛත්‍රී බෝධිසත්වයන්ගේ පුතු බවද සදහන් වෙයි. අනාගත මෛත්‍රී බුදුන්‍ ගේ අග උපස්ථායිකාව වන්නේ දුටුගැමුණු රජතුමාගේ මෙහෙසිය වූ ශෝභා දේවියයි. ශෝභා දේවියගේ දියණිය මෛත්‍රී බුදුන්‍ගේ උපස්ථායිකාවක් වන බවද සදහන් වෙයි.
post facebook එකවුන්ට් එකට ඉක්මනින් ගෙන්න ගන්න like එකක් දාලා යන්න
like us

Leave a Reply

අදහස්

Subscribe to Posts | Subscribe to Comments

- Copyright © දැනුම කරා - Blogger Templates - Powered by Blogger - Designed by Johanes Djogan -