Posted by : Unknown
Friday, June 10, 2016
| රාජ්‍ය කාලය | 1153 – 1186 |
|---|---|
| පූර්වප්‍රාප්තිකයා | දෙවන ගජබාහු |
| දෙවන විජයබාහු | |
| පියා | මානාභරණ රජ |
| මව | රත්නාවලී බිසව |
| උපත | 1123 පුන්ඛගම/ දැදිගම |
| මරණය | 1186 පොළොන්නරු |
.
පරාක්‍රමබාහුගේ තුරුණු වියෙන් වැඩි කොටසක් ගෙවුනේ, පිළිවෙලින් දක්කිණදේශ සහ රුහුණ යන රාජ්‍යයන්හි රජවරුන් වූ, කිත්ති ශ්‍රී මේඝ සහ ශ්‍රී වල්ලභ යන්නාවූ එතුමාගේ මාමාවරුන්ගේ රජ මාලිගා වල හා, රජ රට රජු වූ, දෙවන ගජබාහු ගේ රජ මාලිගාවෙහිය. 1140 දී පමණ හේ, තම මාමා වූ කිත්තිගේ අනුප්‍රාප්තිකයා ලෙසින් දක්කිණදේශයේ රජු බවට පත්ව ඊලඟ දශකය තුලදී දක්කිණදේශයෙහි යටිතල ව්‍යුහය මෙන්ම එහි යුද්ධ හමුදාවද වැඩි දියුණු කළේය. බොහෝ කල් පැවැති සිවිල් යුද්ධයකින් අනතුරුව, 1153 දී පමණ එතුමාණන්, මුළු දිවයින පුරා තම අණසක පතුරවා 1186 දී එතුමාගේ මරණය දක්වාම එම ස්ථාපිතයෙහි පිහිටියේය. පරාක්‍රමබාහුගේ රාජ්‍ය කාලයෙහිදී, එතුමා විසින්, මියන්මාරයෙහි රජවරුන්ට දණ්ඩන පමුණුවන රිසියෙන් යුද්‍ධ ක්‍රියාන්විතයක් දියත් කල අතර, දකුණු ඉන්දියාවෙහි චෝල අධිරාජ්‍යය ට එරෙහිව පාණ්ඩ්‍යයන් හට උපකාර කරන අතරතුර චීනය හා මැද පෙරදිග රටවල් සමග පුළුල් වෙළෙඳ සබඳතා පවත්වාගෙන ගියේය.
දිවයින තුල, ඔහු විසින් ආගමික සිද්ධස්ථාන ස්ථාපිත කිරීම, රෝහල්, සමාජ සුභසාධන ඒකකයන්, ඇළ සහ පරාක්‍රම සමුද්‍රය වැනි විසල් ජලාශ ගොඩනැගීම, ආදිය සිදු කෙරිණි.
993 හිදී සිදුවූ පළමුවන රාජ රාජ චෝල ගේ ශ්‍රී ලංකා ආක්‍රමණයට අනතුරුව, ශ්‍රී ලංකා දිවයින, දකුණු ඉන්දියාවේ බලවත් චෝල රාජ ආණ්ඩුවෙහි අණසකට අඩ වශයෙන් යටත්ව පැවතිණි. Iවන විජයබාහු රජ(1055–1100) රජතුමා රාජ්‍යත්වයට පත්වන තුරු මෙම ප්‍රදේශයන් චෝල පාලනය යටතේ පැවතිණි. තම රාජ්‍යත්වයෙහි ඇරඹුමත් සමගම, පළමුවන විජයබාහු විසින් සාර්ථක ලෙස චෝල ආක්‍රමණිකයන් පලවා හැර, රජ රට අගනගරය, අනුරාධපුරයෙහි සිට, නව සැලසුම් කල නුවරක් වූ, පොළොන්නරුව (පුලත්තිනගර) වෙත ගෙන එන ලදි. පළමුවන වික්‍රමබාහු රජතුමාගේ රාජ්‍ය සමය (1111–1132) වන විට, දිවයින, රාජධානි තුනකට —රජ රට, දක්කිණ දේශ, සහ රුහුණ —වෙන් කොට තිබුණි. එනමුදු, වික්‍රමබාහු ඉමහත් ගරුත්වයෙන් සැලකුණේ, ඓතිහාසික හා ආගමික වැදගත් කමින් හෙබි අඩවි පිරි රජ රට අයත්ව සිටි බැවිනි. එනමුදු, දක්කිණදේශයේ ("දකුණු රට") රජවූ මානාභරණ හා, ඔහුගේ සොහොයුරන්වූ හා රුහුණෙහි සම-රජුන් වූ, ශ්‍රී වල්ලභ හා කිත්ති ශ්‍රී මේඝ, කිරුළ සඳහා ඇස යොමා සිටි පිළිමළුන් වූහ.තවදුරට සැලකූ කල, මෙම තිදෙන ම, විජයබාහුගේ සොහොයුරියගේ පැවතෙන්නන් වූ අතර, එම නිසාම සිහසුනට ප්‍රබල හිමිකමක් දැරූහ; චූල වංශයෙහි ඔවුන් හඳුන්වනුයේ රාජ වංශයෙහි ආර්ය ශාඛාව ලෙස වන අතර, පළමුවන වික්‍රමබාහු කාලිංග ශාඛාවට අයත් විය.
උපත
පුරාතන වංශකතාවක් වන චූල වංශයෙහි එන පරිදි, පරාක්‍රමබාහුගේ උපත පිලිබඳව, එතුමාගේ පියාණන් වූ දක්කිණ දේශයෙහි මාණාභරණ රජු විසින් දුටු සිහිනයක පෙනී සිටි දෙවියෙකු වැනි රුවක් විසින් පෙරනිමිති පල කෙරිණි.[6] මානාභරණගේ බිරිය රත්නාවලීට එපරිද්දෙන්ම පුතකු උපන් අතර, ඔහු පරාක්‍රමබාහු ලෙසින් නම් ලැබුවේ, ඔහුගේ "රුපුන්-මඩින බාහු" [7] නිසාවෙනි. ඔහු උපන් වසර නිශ්චය වශයෙන් සහතික කර නොදැනුතත්, සාමාන්‍යයෙන් එය 1123 පමණ විය යැයි විශ්වාසය කෙරේ.ස්ථානය කලක් දක්කිණද්ශයෙහි අග නගරය වූ දැදිගම (පුන්ඛගම) යයි විශ්වාස කෙරේ.[8] මෙම ස්තානය සිහිවීම පිනිස ඉදිකල ස්මාරකය කොටවෙහෙර නම් වේ.
දරුවාගේ උපත පිලිබඳ දැනුවත් වූ පොළොන්නරුවෙහි පළමුවන වික්‍රමබාහු අණකලේ, පිරිමි දරුවා ඔහුගේ සිහසුනට උරුමකරු ලෙස ඇති දැඩි විය යුතු බවයි. තම මරණය තෙක් සිහසුන දරා, ඉක්බිතිව පරාක්‍රමබාහු වෙතට එය පැවරීමට අදහස් කල වික්‍රමබාහු විසින්, මෙවැනි දාරක ග්‍රහණයක් යෝජනා කලේ, සමාදානයේ ලකුණක් ලෙසින් විය යුතුයි. කෙසේවෙතත් මානාභරණ විසින් මෙම යෝජනාව ප්‍රතික්ෂේප කලේ, "මෙවැනි පුත් රුවනක් පිටත් කොට යැවුම ... (ඥානාන්විත) සුදුස්සක් නොවේ" යැයි පවසමිනි. ඔහු තවදුරටත් අනුමාන කලේ "...පිරිමි දරුවා එහි රැගෙන ගියහොත්, වික්‍රමබාහුගේ පාර්ශවය... බලයෙන් දිදුලනු ඇත, රෑස් විහිදුවනු ඇත, එනමුදු අපගේ අභාග්‍යය, දැනටමත් ඉමහත්, තවදුරටත් උග්‍ර වනු ඇත!" ශ්‍රී ලංකාවෙහි රාජකීය වංශ අතර පැවැති භේදය කෙතරම් උග්‍රවීදයත් මෙවැනි කරුණකදී පවා එකඟතාවයකට එළඹීමට නොහැකි විය.
දරුවාගේ උපත සිදුවී ඉතා කෙටි කලකින්, මානාභරණ රෝගාතූරවී මිය ගියේය. රුහුණෙහි සම-රජූ වූ, ඔහුගේ බාල සෙහොයුරු කිත්ති ශ්‍රී මේඝ, දක්කිණදේශයෙහි සිංහාසනාරූඪ වූ අතර, රුහුණෙහි එකම රජු ලෙසින් ශ්‍රී වල්ලභ ප්‍රකාශයට පත්කෙරිණි. පරාක්‍රමබාහු, ඔහුගේ මව රත්නාවලී හා ඔහුගේ සොහොයුරියන් දෙදෙන මිත්තා සහ ප්‍රභාවතී, රුහුණෙහි අග නගරය වූ මහානාගහුල වෙත යවන ලදුව, ශ්‍රී වල්ලභ ගේ ආරක්ෂාව යටතේ දිවි ගෙවීමට සලස්වන ලදී.
තුරුණු විය
පරාක්‍රමබාහුගේ ඇතිදැඩි කිරීම වෙත ශ්‍රී ලංකාවෙහි දේශපාලනය විසින් නිතැතින් ම සිදුකළ බලපෑම සැලකිය යුතු තරම් එකක් විය. ඔහු කුඩා දරුවෙකුව සිටියදීම, ඔහුගේ වැඩිමහළු සොහොයුරියවූ මිත්තා; රුහුණේ ශ්‍රී වල්ලභගේ පුතු හා ඔවුන්ගේ ඥාති සෙහොයුරු වූ මානාභරණ වෙත බලහත්කාරයෙන් සරණපාවා දෙන ලද්දේ රත්නාවලී රැජිණගේ අභිප්‍රායට එරෙහිවය. රජ පවුලෙහි කාලිංග වශයෙහි කුමාරිකාවක් වූ රත්නාවලී, ඇය රජ පවුලෙහි ආර්ය ශාඛාවෙහි රජ කෙනෙකුගේ වැන්දඹුවක් වුවද, වඩාත් කැමැත්තක් දැක්වූයේ ඇයගේ දූ වරුන් කාලිංග වංශයෙහි රජෙකුට සරණ පාවා දීමටය. ශ්‍රී වල්ලභගේ රජ මාලිගාවෙහි කල් ගත කල සමයෙහිදී, තම අනාගත මහේශිකාව (රජ මෙහෙසිය) බවට පත් වූ, ශ්‍රී වල්ලභ ගේ දියණිය, ලීලාවතී හමුවීමට පරාක්‍රමබාහුට අවස්ථාව ලැබුණු අතර, පරාක්‍රමබාහුගේ මරණයෙන් පසුව ඇයගේ අභිමතය පරිදි රට පාලනය කිරීමට වරම ඇය වෙත ලැබිණි.
1132 දී, වික්‍රමබාහුගේ මරණයෙන් අනතුරුව, දෙවන ගජබාහු රජරට සිංහාසනාරූඨ විය. නව රජුගේ මානවක බවින් උපරිම ප්‍රයෝජනය ගැනුමට රිසි වූ රජ පවුලේ ආර්ය ශාඛාවෙහි රාජකීයයන් දෙදෙනා වන ශ්‍රී වල්ලභ හා කිත්ති ශ්‍රී මේඝ, රජ රට බලෙන් අල්ලා ගැනුමට අසාර්ථක ප්‍රයත්නයක නිරත වූහ. ගජබාහු පාලකයා ලෙසින් ස්ථීර ලෙසින් ස්ථාවරත්වයකට එළැඹි අතර ඒ අනුව ආර්ය රජුන් දෙදෙනාට වඩා නාමික ලෙසින් ජ්‍යෙෂ්ඨයා බවට පත් වූ අතර ශ්‍රී වල්ලභ හා කිත්ති ශ්‍රී මේඝ දෙදෙනාගෙන් එක් අයෙකුවත් ඔවුන්ගේ ජීවිත කාලය තුලදී රජ රට රජු හට සිංහාසනය අහිමි වනවා දැකීමට වරම් නොලැබූහ.
ආර්ය-කාලිංග යුද්ධයෙන් අනතුරුව, රුහුණේ ශ්‍රී වල්ලභගේ මාලිගයෙන් නික්මුණු පරාක්‍රමබාහු, දක්කිණදේශයෙහි නව අගනුවර බවට පත්ව තිබූ සංඛතාලි වෙත නැවත පැමිණ, ඔහුගේ මාමා සමග විසීම ඇරඹීය.චූල වංශය පවසන පරිදී මෙම නික්මයාමට හේතු යුක්ත වූයේ ඔහු තුලවූ අසහනය හා රුහුණෙහි උත්ත්ජජනක දෑ නොතිබීමය. රජ රට සිංහාසනයට රුහුණෙහි මානාභරණ නැංවීමට ශ්‍රී වල්ලභ වෙත තිබූ සැලසුම් හේතුවෙන්, රාජසභාවෙහි පරාක්‍රමබාහුගේ තරාතිරම ඇඩි ලෙස අවප්‍රමාණ වීම මෙයට පාදක වන්නට ඇත.අනෙක් අතට, ඔහුගේම පුතුන් නොමැති වූ කිත්ති ශ්‍රී මේඝ විසින් දක්කිණදේශයෙහිදී ඔහු සාදරයෙන් පිළිගන්නාලදුව පුත් තනතුරෙහි අනිවාර්යයෙන්ම හදා වඩා ගැණිනි; මෙයින් පසුව චූල වංශය විසින් පරක්‍රමබාහුගේ පියා ලෙසින් කිත්ති දක්වයි. දක්කිණදේශයෙහි ගතකල මේ කාලය තුලදී, හේ, කෞටිල්‍යගේ වැදගත් කෘතීන් හා ව්‍යාකරණ ශාස්ත්‍රය, සාහිත්‍යය, ඇතුන්-පිට-යෑම, සටන් කලාවන්, ගැයුම් හා නැටුම් ආදී විෂයයන් අධ්‍යයනය කලේය.
වැඩිහිටි වියට පත්ව ටික කලකින්, තරුණ කුමරා රහසේ දක්‍ඛිණදේශයෙන් පිටත්ව රජ රට දෙවන ගජබාහුගේ අඩවිය කරා පිටත්ව ගියේය. බඩලත්ත (වත්මන් බතලගොඩ) හිදී තම මිත්‍ර-පාක්ෂිකයන් හමුව, රජ රට හා දක්‍ඛිණදේශයෙහි මායිමෙහිදී හේ සේනාපති(අණ දෙන නිලධාරි) සංක බැහැදුටුවේය. කුමරුගේ ගමන පිළිබඳව කිත්ති ශ්‍රී මේඝ වෙත දැනුම් දීමට සංක උත්සාහ දැරූ විට, ඔහු මරා දැමීමට පරාක්‍රමබාහු කටයුතු යෙදවීය. තමාගේ රැකවලාව සිටි සංක පිළිබඳ කිත්ති ශ්‍රී මේඝ හැඳින්වූයේ 'මාගේ රාජධානියෙහි බලවත්ම නිලකාරයා' ලෙසට වූ අතර, මේ නිසා ඝාතනය ඉතාමත් බරපතළ ලෙසින් සැලකිල්ලට ගැනිණි.ඉන්පසුව පරාක්‍රමබාහු විසින් බුද්ධගම (වත්මන් මැණික්දෙන නුවර) හා සංකගේ සියළු වස්තුව අත්පත්කොට ගත්තේය. පොළොන්නරු මාලිගය සමග සංකුලතාවයක් ඇති කර ගනී යැයි බියවූ කිත්ති ශ්‍රී මේඝ විසින් තමාට විරුද්ධව එවන ලද බල සේනාවක් ද පැරදවූ හේ, මලය ප්‍රදේශය හරහා ගජබාහුගේ මාලිගය වෙත ගමන් කලේය.
පරාක්‍රමබාහුගේ හැසිරීම ට හේතූන් අපැහැදිලි නමුත්, චූල වංශය පවසන පරිදී, ඔහුගේ ගමන අනිවාර්යයෙන්ම පෙරික්සුම් සඳහා සිදුවූවකි පළාත් තුනෙහි රාජකීයයන් තුන් දෙන එක්සත්ව සිටියද, ඔවුන් සියළු දෙකගේ සිත් තුල නලියමින් තුබූ ආශාව වූයේ රජ රට රාජධානිය පාලනය කිරීමයි. කෙසේවුවත්, මේ කාලය වන විට, ඔවුන්ගේ කුඩා පළාත්වල තිබූ සීමාසහිත සම්පත් ප්‍රමාණය හේතුවෙන්, මෙයින් අතුරින් කිසිවෙකු හෝ රජ රට පාලනය සිදුකිරීමට අසමත්වූ බවක් ඇඟවිනි.මෙය විශ්වාස කිරීමට පරාක්‍රමබාහු අකමැති වූ අතර, එම නිසාම රජ රජ සංචාරය කොට එම පළාතේ තිබූ තත්ත්වය තමන් විසින් අධ්‍යයනය කිරීමට රිසි විය.
කුමරු නැවතත් දක්‍ඛිණදේශය වෙත ගෙන ඒමට කිත්ති ශ්‍රී මේඝ දැරූ තැත පැහැදිලි කෙරුණේ තම බෑණනුවන් ගේ සුභසිද්ධිය පිළිබඳ ඔහු තුල වූ සාංකාව හා එලෙසම පරාක්‍රමබාහු විසින් ආර්ය හා කාලිංග දෙපාර්ශවය අතර විරුද්ධතා නැවත අවුළුවායිය යන සැකය හැර වෙන කිසිවක් නොවන ලෙසිනි. කෙසේවෙතත්, දක්‍ඛිණදේශයේ රජු හා ඔහුගේ බෑණා අතර "සෙනෙහෙවන්ත බැඳීමක් " තිබූ බව යන්න නම් "ප්‍රබන්ධයක්" ලෙසින් පිළිගැනෙන අතර, ගෙන හැර දැක්වෙන්නේ "මෙම අරගලයෙහි සිදුවීම් මාලාව එළිදැක්වුනු විලාශය හා, මාමා හා බෑණා අතර ප්‍රශ්න-විරහිත සබැඳියාවක් තිබූ බව පැවසෙන අදහස, පරස්පරවිරෝධි බවය.
ගජබාහුගේ රාජ සභාවෙහි ගතකල කාලය තුලදී, පරාක්‍රමබාහු විසින් වැදගත් කර්තව්‍යයන් දෙකක් කරන ලදි. මෙයින් පළමුවැන්න වූයේ, ගජබාහුගේ රාජසභාව සම්පූර්ණයෙන් ආවරණය වන පරිදී චරපුරුෂ ජාලයක් ඇති කිරීම වන අතර දෙවැන්න වූයේ තම සෙහොයුරියන් අතුරින් එක් අයෙකු වූ භද්දාවතී කුමරිය ගජබාහු රජ වෙත සරණ පාවා දීමයි. මෙම විවාහය හා බොහෝ අනෙකුත් ක්‍රියාවන් ඔස්සේ,
පාලකයා (Iවන ගජබාහු) විසින් හා රජ පවුල විසින් ඔහු වෙත පැවරුනු කාර්යයන් සතුටුදායක ලෙසින් සම්පූර්ණ කිරීමට පරාක්‍රමබාහු සමත්විය. කෙසේවෙතත්, භද්දාවතීගේ මුළු දෑවැද්ද තම භාරයෙහි තබා ගැනුමට ඔහු ක්‍රියාකල අතර, ගජබාහුගේ සේනාධිපති ගෝකණ්ණ හා සමග රහස් ගිවිසුමකට එළඹීමට හේ ක්‍රියා කලේය. අවසානයෙහිදී පරක්‍රමබාහුගේ ක්‍රියාකලාපය පිළිබඳව ගජබාහු තුල සැක පහල වූ අතර, රාත්‍රියෙහි හොර රහසේ රජ රට හැර දමා දක්‍ඛිණදේශය වෙත ගමන් ඇරඹීමට පරක්‍රමබාහු ක්‍රියා කලේය.
රාජ්‍ය පාලනය
1153 හි සිට පොළොන්නරුව (චූල වංශයෙහි සඳහන් පරිදි පුලත්තිනගර) තුල ස්ථාවර වූ පරාක්‍රමබාහු, ඊළඟ වසර 33 තුලදී ශ්‍රී ලංකාව සාකල්‍ය ලෙසින් පාලනය කලේය. ඔහු පිළිබඳ අප මතකයන්හි ගැඹුරින් රැඳි බොහෝ කර්තව්‍යයන් සිදු කෙරුණේ මෙම කාලය තුලදී වන අතර, මේ අතර වැදගත් තැනක් ගත්තේ ආගමික ප්‍රතිසංස්කරණ, ඉදිකිරීම්, හා යුද්ධ වේ.
චූලවංශය පවසන්නේ, පරාක්‍රමබාහු රජතුමා " වසර තිස්තුනක් පුරා රාජ්‍යය කලේය", සහ එතුමා පොළොන්නරුවෙහිදී මිය ගිය බව පමණි. එතුමා විසින් කාලිංගයෙහි අගනගරය වූ සිංහපුර වෙතින් මෙරටට ගෙන්වා ගෙන ඇති හා ඔහුගේ “සොහොයුරියගේ පුත්‍රයා” ලෙසින් හැඳින්වුනු විජයබාහු, ඔහුගේ අනුප්‍රාප්තිකයා විය.රුහුණෙහි මානාභරණ හට සරණපාවා දී තිබුණු පරාක්‍රමබාහුගේ සොහොයුරියන් වන ප්‍රභාවතීගේ හෝ මිත්තාගේ හෝ පුත්‍රයා වීමට විජයබාහු හට කිසිසේත් ඉඩක් නොමැත්තේ, එවිට කාලිංගයෙන් ඔහු කැඳවා ගැනුම පැහැදිලි කල නොහැකි වීම නිසාය. ගජබාහු සහ රජුගේ අනෙකුත් නම් කරන ලද සෙහොයුරිය වන භද්දාවතී ගේ ප්‍රත්‍රයා වීමටද ඔහුට ඉඩක් නොමැත්තේ, ඔහුට වඩා ආයුෂ සහිතවූ පුතුන් ගජබාහු හට නොසිටිය බව චූල වංශය විසින් පැහැදිලි ලෙසින් දක්වා ඇති බැවිනි.මේ අනුව උපග්‍රහණය කල යුතුව ඇත්තේ විජයබාහු යනු කාලිංග රජෙකුට සරණ පාවා දී තිබුනු රජුගේ අඥාත සතරවැනි සෙහොයුරියක ගේ පුත්‍රයා බවය.රජුගේ භූමදාන ස්ථානය නොදනී.අ0ගම් සටන් මධ්‍යස්ථාන පවා පවත්වාගෙන යාම මෙතුමා අතින් සිදුවූ වැදගත් මෙහෙයකි.