Posted by : Unknown
Friday, June 10, 2016
සීගිරි බලකොටුවේ නාගර සැළසුම්කරණය
සීගීරියේ වාස්තු විද්‍යාවේ කැපී පෙනෙන අංගය වන්නේ එහි නාගරික සැලසුම්කරණයයි. ලාංකීය පැරණි නගර නිර්මාණ
සැලසුම් අතර විශිෂ්ඨතම නිර්මාණයක් ලෙස සිගිරි නගර සැලසුම හදූන්වා දිය හැකිය. ලාංකිය වෙනත් නාගරික සැලසුම්වලින් යම් තරමකට හෝ සිගිරිය වෙනස් වන්නේ හුදෙක් එය ජනතාවගේ පාලන මධ්‍යස්ථානයක්ම වශයෙන් තිබු
තැනැක් පමනක්ම නොව සෞන්දර්යාත්මක නිර්මාණයක්ද වු බැවිනි. පුරාණ නගරයක් සැලසුම් කිරීමේදී ආරක්ෂාව පිළිබදව සැළකිලිමත් වු බව පෙනේ.රාජ මාළිගාව පිහිටියේ නාගරික සංකීර්ණයේ
සැලසුම් අතර විශිෂ්ඨතම නිර්මාණයක් ලෙස සිගිරි නගර සැලසුම හදූන්වා දිය හැකිය. ලාංකිය වෙනත් නාගරික සැලසුම්වලින් යම් තරමකට හෝ සිගිරිය වෙනස් වන්නේ හුදෙක් එය ජනතාවගේ පාලන මධ්‍යස්ථානයක්ම වශයෙන් තිබු
තැනැක් පමනක්ම නොව සෞන්දර්යාත්මක නිර්මාණයක්ද වු බැවිනි. පුරාණ නගරයක් සැලසුම් කිරීමේදී ආරක්ෂාව පිළිබදව සැළකිලිමත් වු බව පෙනේ.රාජ මාළිගාව පිහිටියේ නාගරික සංකීර්ණයේ
මධ්‍යයේය. සිගිරිය ගිරි දූර්ගයක් කේන්ද්‍ර කොට ගත් බලකාටුවකි. මෙම ස්ථානය දූර්ගයක් වු පමනින්ම ආරක්ෂාව ප්‍රමාණවත් වෙතැයි නොසිතා ඊට තවත් ආරක්ෂක විධි විධාන සම්පාදනය කළ බව පෙනේ. සිගිරියේ සැම නිර්මාණයක්ම සැලසුම්වන්නේ උතුරු දකුණු දිශානුගතව පිහිටි භුමියෙන් අඩි 600ක් තරම් උසවු හුදකලා පර්වතයක් කෙන්ද්‍ර කර ගනිමිනි. එ අනුව නගරයද සැලසුම් කර ඇත්තේ උතුරේ සිට දකුණටත්,බටහිර සිට නැගෙනහිරටත් පර්වතය මැදින් එකිනෙක කැපි යන පරිදි සකස් කරන ලද මධ්‍ය රේඛාවක් මත පිහිටා ගෙන මෙහි මුලික සැලසුම සකස් කර ඇත්තේ ප්‍රධාන පර්වතය සහ භුමියේ ස්වාභාවික පිහිටිමට අනුගතවන පරිද්දෙනි. එ අනුව නගරයේ ප්‍රධාන ප්‍රවේශය බස්නාහිර අර්ධයට හිමිවී ඇති අතර වැඩිම නිර්මාණ දායකත්වයක් දක්නට ලැබෙන්නේ එම භුමි ප්‍රදේශය මුල් කරගෙනයි. මේ නිසා සිගිරි සැලසුම වශයෙන් බටහිර-නැගෙනහිර දිශානුගත වු ආයත චතුරස්‍රකාර ස්වරැපයක් ගනි.
බිම් සැලසුම
නගර සැලසුම් කරනයේ වඩාත්කැපි පෙනෙන අංග
- නගරය වටා ප්‍රාකාර සහ දිය අඟල් නිර්මාණය කිරිම
- දොරටු නිර්මාණය
- පාරිසරික සම්බන්ධතාවය
- ලෙන් නිර්මාණය
- ගල් භාවිතා කිරිමේ ස්වරැපය(කළු ගල්/හුණු ගල්/ගඩොල්)
නගරය වටා ප්‍රාකාර සහ දිය අගල් නිර්මාණය කිරිම
සිගිරියේ දක්නට ලැබෙන නශ්ටාවශේෂ අනුව ප්‍රධාන වශයෙන් දිය අගල් දෙකක් වු බව සොයා ගෙන තිබේ. ඉන් වඩාත් පළලින් යුතු දිය අගල පිටත දිය අගල වශයෙන් හැදින්වේ.මෙහි පිටතින් ඇති නොඋස් ප්‍රාකාරය පිටත ප්‍රාකාරය ලෙස නම් කර තිබේ. පිටත දිය අගලට ඇතුළතින් ඇති ගඩොලුමය ප්‍රාකාරය මැද පවුර යන නම්න් හදූන්වනු ලබන්නකි. මැද පවුරෙන් ඔබ්බට දක්නට ඇත්තේ සමතලා බිමකි. අද සිගිරි නගරයට පිවිසෙන මාර්ගය ලෙස මෙය භාවිතයට ගනි. මේ ප්‍රදේශයේ ඇතුළට වන්නට ඇතුළු දිය අගල පිහිටා තිබෙන අතර එය පටු එහෙත් ගැඹුරැ බවින් යුක්ත වුවකි. මේ දිය අගල අවසානයේම ඉතා ඉහලට උස් වු ඇතුළු ප්‍රාකාරය නිමවා තිබේ. පිටත පවුර සහ පිටත දිය අගල සැලසුමට ඇතුලත් කොට තිබුණද එහි නිර්මාණාත්මක හෝ වාස්තුවිද්‍යාත්මක ඉදිකිරිම් වල ස්වරැපය දූර්වලය. සමහර විට මෙය මඩ අගලක් වශයෙන් භාවිතා කරන්නට ඇත. එහෙත් මධ්‍ය ප්‍රාකාරයේද,ඇතුළු දිය අගල සහ ඇතුළු ප්‍රාකාරයේද ඉදිකිරිම් ස්වරැපය වඩාත් සිත් ගන්නා සුළුය. පිටත ප්‍රකාරය පස් වලින්ද, මධ්‍ය ප්‍රාකාරය ගඩොලින්ද, ඇතුළු ප්‍රාකාරය ගලින් බැද ඒ මත පස් පුරවා උස් කොට තැනිමෙන්ද නිර්මාණය කර තිබේ. සිගීරි පර්වතයේ සිට බටහිර ප්‍රාකාරවලට ඇති දූර මෙන් දෙගුණයක් දුරකට නැගෙනහිර ප්‍රාකාරය ඉදි කර තිබේ. එහෙත් මෙහි දක්නට ලැබෙන නිර්මාණාත්මක ස්වරුපය බටහිර පැත්තේ ස්වරුපයට වඩා වෙනස්ය. නැගෙනහිර පැත්තේ ඇතුළු ප්‍රාකාරයද බටහිරට සමාන දූරකින් එහෙත් ඊට වඩා පටු සීමාවන් තුළ ඉදිකර තිබේ. පිටත ප්‍රාකාරය,බටහිර පිට ප්‍රාකාරයට සමානව එමෙන් දෙගුණයක් තරම් නැගෙනහිර දෙසට විහිදී තිබෙනු පෙනේ. එහෙත් මෙම ප්‍රාකාරය බැමි හෝ දිය අගල්වල අඛණ්ඩ ස්වරූපයක් දක්නට නොමැතිය. ඇතැම්විට මෙම ප්‍රාකාරය නිම කරමින් පැවති අවස්ථාවක් විය යුතුය.
සීගිරි සංකීර්ණයේ සැලසුමට අනුව ඊට ප්‍රවිෂ්ඨ විම සදහා තනනු ලැබු නොයෙක් ආකාරයේ දොරටු රාශියක්ම සොයා ගෙන තිබේ. විශේෂයෙන්ම බටහිර ප්‍රවේශයේ වු දොරටු අතර බටහිර ඇතුල් දිය අගලින් ඇතුළුවන ස්ථානයේ ඇති දොරටුව ඉතා වැදගත් නිර්මාණයකි. ඉතා විසිතුරු මෙම දොරටුව සිගිරි සංකීර්ණයේ ප්‍රධානතම දොරටුව වුවාට සැක නැත. සීගිරියේ අනෙකුත් ප්‍රධාන දොරටු සැලසුම් කර ඇත්තේ පර්වතයට උතුරු හා දකුණු පැත්තෙනි.ඉන් උතුරු දොරටුව පිහිටියේ පිදූරංගල පර්වතය පැත්තට මුහුණලාය. සිගිරි සැලසුමේ දකුණු පසින් දක්නට ලැබෙන දකුණු දොරටුව උතුරු දොරටුවට සෑම අතන්ම සමානත්වයත්වයක් දක්වයි. මේ දොරටුව ද දිය අගල හරහා යන බැම්මකින් සම්බන්ධ කර තිබෙන අතර මෙම පැත්තේද දිය අගලේ මට්ටම් කිහිපයක් දක්නට ලැබේ. මේ සියලු දොරටුවලට වඩා සුවිශේෂී නිර්මාණය වූයේ සීගිරි ගල මුදුනට නැගීමට තිබූ එකම දොරටුව වන සිංහ දොරටුවයි. මේ සියල්ල දෙස බැලීමේදී පැහැදිලි වනුයේ සීගිරි සංකීර්ණය සැලසුම් කිරීමේදී විවිධ ආරක්ෂිත උපක්‍රම අනුගමනය කරමින් සහ ස්වභාවික නිර්මාණයද පාදක කර ගනිමින් සීගිරි සංකීර්ණය සඳහා මාවත් මෙන්ම දොරටු ද නිර්මාණයකර තිබූ ආකාරයයි.
උද්‍යාන සැලසුම්කරණය
සීගිරියේ උද්‍යාන පිළිබදව සලකා බලන කල පැහැදිලි වනුයේ ලොව ඇති පැරණිතම උද්‍යානවලින් එකක් අතරට මෙයද අයත් වන බවයි. සීගිරි පර්වතයේ බටහිර අර්ධයේ දිය අගලින් සහ පවුරු වලින් වලින් වටවු තැනිතලා බිම්කඩ පුරා දක්නට ලැබෙන්නේ නොයෙන් වාස්තු විද්‍යාත්මක ලක්ෂණ වලින් යුතුව නිර්මාණය කර ඇති අලංකාර උද්‍යානයයි. විශේෂයෙන්ම ජල රැදවුම් වලට මුල්තැනක් දෙමින් ඉතා ක්‍රමානුකූලව සහ සැලසුම් සහගත අයුරින් නිර්මාණය කර තිබෙන මේ උද්‍යානය වු කලි පුරාණ දකුණු ආසියාවේ ඇති උද්‍යාන පිළිබඳව දක්නට ලැබෙන හොඳම නිදර්ශනය සේ සැලකේ.
සීගිරි ගල පාමුල පිහිටි මාලක උද්‍යානය ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදේ.
- ජල උද්‍යානය
- ශිලා උද්‍යානය
- මාලක උද්‍යානය
මෙම උද්‍යාන ක්‍රමවේද තුනම අනුගමනය කරමින් රජමාළිඟා උද්‍යානය නිම කර තිබේ.
ඉදිරි ලිපි වලින්
- සීගිරි බිතු සිතුවම්
- සීගිරි කුරුටු ගී
- සීගිරි බලකොටුවේ ලලිත කලා
- ගොඩනැගිලි සැලසුම්කරණය
- ලෙන් නිර්මාණය
යන ලිපි බලාපොරොත්තු වන්න......................
උදවිවක් ලෙස share කර යන්න