Posted by : Unknown
Sunday, June 26, 2016
බුදු දහමේ උපත(ජාති) ව්‍යාධියට පත්වීම හා මරණය (ජරා මරණ) යන ලෝකයේ සියළු සත්ත්වයන්ට පොදු වූද නිර්වාණය ලබාගැනීමෙන් පමණක් මිදිය හැකි චක්‍රය සංසාරය නම් වේ. සංසාරය දුක්විඳීම හා බැඳී ඇති අතර නිර්වාණයට විරුද්ධ ආකාරයයි. සසර යනු කුමක්ද? දුක් නම් කවරහුදැයි සෑම සියලු දෙනා විසින්ම දැනගත යුතු ය. එම නිසා එම වචන දෙකට අයත් තේරුම් තථාගතයන් වහන්සේ දේශනා කළ ධර්මය තුළින් මනාව පැහැදිලි කර ඇත. එසේ ප්‍රකාශ කරනු ලබන සසර දුක් විභාගය මෙය කියවන ඇත්තන් දත මැද දැහැටි විසික්කරන්නා සේ නොකොට කටපාඩම් වනතෙක් දෙතුන් වතාවක් වත් කියවා අවබෝධ කර ගැනීමට උත්සාහ ගත යුතු ය. කුමක් හෙයින් ද යත් සසර දුක් නොදන්නා අය තුළ සසර කළ කිරීමක් හට ගන්නේ නැති නිසා ය. සසර අවබෝධයක් නැති අයට සසර නැතිකිරීමට අවස්ථාවක් නොලැබෙන්නේ ය. එවැනි අයට ආගමක්ද ඕනෑ නැත. අද ලංකාවේ බෞද්ධ ජනතාව අතර සසර භය දන්නා අය ඉතා දුර්ලභය. එම නිසා බුදු දහමට අනුකූලව ජීවත්වීමට ඔවුහු උත්සාහ ගන්නේ නැත. බුදු දහම දන්නා අය ද, ආගමාලය ඇති අයද ඉතා දුර්ලය. කරුණු කාරණා මෙසේ හෙයින් නමින් පමණක් බුද්ධාගම්කාරයන් වශයෙන් පෙනී සිටිමින් බුදුදහමට විරුද්ධව නොයෙක් පව්කම් වල හැසිරෙමින් අපිරිසුදු චේතනාවෙන් කල්ගත කරමින් මැරි මැරී සතර අපායපුරවති. මේ ක්‍රමය මිනිසුන්ව උපන් අයගේ යුතුකම නොවන බව නුවණින් දැක සසර දුක මේ යැයි දැන, එම දුක් සංසිඳුවන උපාය මාර්ගය වූ සද්ධර්ම මාර්ගයෙහි යහතින් ගමන්කොට නිවන් අවබෝධය කරා ගමන් කළ යුතු ය.සසර නම් කුමක් ද යන මේ ප්‍රශ්නයේ දී, මේ ගාථාව තේරුම් සහිතව පාඩම් කර ගැනීමට උත්සාහ ගැනීම සුදුසු ය.
ඛන්ධානං පටිපාටි ධාතු ආයතනා ච අබෙභා ඡින්නං වත්තමානං සංසාරොති පවුව්චති.
පඤ්චස්බන්ධයන්ගේ ද ධාතු ආයතනයන්ගේ ද පිළිවෙළ නොසිඳී භවයෙන් භවය ගලපමින් පවත්නා ආකාරය සංසාර යැයි කියනු ලැබේ. රූප රාශිය, වේදනා චෛතසික රාශිය, සංඥා චෛතසික රාශිය, කුසලාකුසල චේතනා රාශිය විඤ්ඤාණ හෙවත් සිත් රාශිය යනාදී රාශි කිහිපයකින් යුක්ත වූ රූපා රූප සමූහ පඤ්චස්කන්ධය යනුවෙන් හැඳින්වේ.
එසේම එහි පෘථිවි ධාතු ආදී ධාතු සමූහයක්ද ඇත. එසේම චක්කායතනාදී ආයතන සමූහයක් ද ඇත. ඒ ඒ ජාතියෙහි උපන්නා වූ ඒ ඒ පඤ්චස්කන්ධ ආයතනාදිය දිරා මැරී ගිය පසු එපමණකින් නොනැවතී කර්ම ශක්තිය අනුව නැවත හටගන්නා ස්කන්ධ ධාතු, ආයතන නිසා අනෙක් භවයක උත්පතිත්ය දැයි යනාදී වශයෙන් චුති ප්‍රතිසන්ධි පරම්පරාව හෙවත් මරණය උත්පත්තිය, උප්පත්තිය මරණය යන වශයෙන්, පවත්නා පිළිවෙළ නොකැඩී නොසිඳී පැවැත්ම, සසර නම් වෙයි. මනුෂ්‍ය, දේව , මාර නරකාදීසත්වයන් වශයෙන් හැම දෙනාම වරින් වර සසර උපත ලබති.
සත්වයා යනු පඤ්චස්කන්ධය සත්වයා රූප වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යන රාශි පහෙන් යුක්තය. සත්වයා කවරෙක්ද යන්න විස්තර කැර බැලුවහොත්, පෘථිවි ධාතුව ආදී සතර මහා
භූත කොටස් හා ඒවා නිසා හටගත් රාශියක්ද එසේම සුවදුක් විඳීම් ආදී වේදනා රාශියක් සහ නිල්, සුදු, රතු, මිටි, මහත් යනාදිය හැඳිනීම යැයි කියන ලද සංඥා රාශියක්ද එසේම පිරිසුදු අපිරිසුදු චේතනා රාශියක්ද යනාදී රාශි පහක් හැර, වෙනත් දෙයක් නැති බව පෙනේ. එම නිසා සත්වයා කීවද පඤ්චස්කන්ධය කීවද දෙකම එකකි.
පඤ්චස්කන්ධය හෝ සත්වයාට සංසාර යැයි කියන්නේ, නැවත නැවත ඒ ජාතියෙහි ඉපදීමේ පිළිවෙළක් ඇති නිසා ය.
පරමාර්ථ වශයෙන් හෙවත් හරි තේරුම ලෙස ගත් කල සත්වයා පඤ්චස්කන්ධය යනු නාම රූප අටළොස් ධාතු සමූහය, සලායතනය දුක්ඛ සත්‍යය, යනාදියෙන් හඳුන්වන දේමය. රාශි පහෙන් යුක්ත නිසා පඤ්චස්කන්ධ යැයිද , චුති උප්පත්ති පරම් පරාවක් ඇති නිසා සංසාර යැයි ද, සිත, කය, දෙක, නිසා නාම රූප යැයි ද පඨවි, ආපෝ, තේජෝ, වායෝ යනාදී ස්වභාව ධර්ම නිසා ධාතු යැයි ද ඇස, කණ, නාසාදී ආයතන නිසා සලායතන යැයි ද, ඒ සියල්ලම දුක් සමූහයක් දුක් ගොඩක්, දුක් පිඬක් නිසා දුක්ඛ සත්‍යය යැයි ද, ඉපිද නැසෙන නිසා අනිත්‍ය යැයි ද, පීඩා වන දැවෙන, තැවෙන හිරිහැරවන නිසා දුක යැයි ද බැලූ බැලූ අතින් අසාර වූ නිසා අනාත්ම යැයි ද කියනු ලැබේ. මේ කරුණු කාරණා පිළිබඳව නිරවුල්ව අවබෝධ කරගත යුතු ය.
මේ සසර යැයි කියන ලද සත්ත්ව සමූහයට ඇති දුක්ඛ සමුදාය ද අප විසින් තේරුම් ගත යුතු ය. කෙටියෙන් සිතා බලන විට මේ සත්ව සමූහයා හෙවත් සසර එකම දුක් ගොඩකි.
ජාති දුක හෙවත් මවුකුස පිළිසිඳ ගත් තැන් පටන් මවුකුසින් ප්‍රසූත වන තෙක් විඳිනට ලැබෙන අප්‍රමාණ දුක් සමූහයද එතැන් සිට ළදරු කාලයෙහි විඳින්නට වන අනන්ත දුක් සමූහයද, එසේම මහලු වියට පත්වීමෙන් හට ගන්නා ජරා දුක ද නොයෙක් රෝග පීඩා නිසා හටගන්නා ව්‍යාධි දුකද, සියලු හිත කැමැති, අඹු දරු ඤාති මිත්‍රාදීන් සහ තෘෂ්ණාවෙන් රැස් කළ ධනයද හැර දමා නොකැමැති සේ යන අනන්ත රෞද්‍ර දුකක් වූ මරණයද ආහාර සැපයීමේ දුක ද පි‍්‍රයයන්ගෙන් වෙන්වීමේ දුක ද, ධන හානි දුක ද, නින්දා, පරිභව දුක ද ආදී බොහෝ අනන්ත අප්‍රමාණ දුක් විඳින්නට සිදුවන බව කිව යුතු නොවේ. නමුත් අඥානකම සහ තෘෂ්ණාව නිසා මේ දුක් සමූහය භය වශයෙන් දුක් වශයෙන් නොදකින අතර එහි කළකිරීමක් සිදු නොවෙයි.
මේ හැර අට මහා නිරයාදී එකසිය සතිස් නිරයෙහි ඉපදී කල්ප ගණන් ලක්‍ෂ ගණන් කෝටි ගණන් අවුරුදු දුක් විඳීමට සිද්ධ වීම ද බලු කපුටු, එළු, බැටළු, ගව මහීෂා දී තිරිසන් අපාය වල ඉපිද කල්ප ගණන් අනන්ත දුක් විඳින්නට ලැබීම ද සසර දුක වශයෙන් වටහා ගත යුතු ය.
එක් සත්වයකු විසින් අතීත සංසාරයේ දී විඳින ලද දුක් අනන්තය. මතු භවවල විඳින්නට ලැබෙන දුක ද, අනන්ත ය. අප්‍රමාණ ය.
නමුත් මෙම දෙකොටසටම නොපෙනෙන නිසා බොහෝ දෙනා ඒ ගැන අල්පමාත්‍ර වූ භයක් තැති ගැනීමක් නැතිව, මනුෂ්‍ය ආත්මය සැපසේ පරිහරණය කිරීම පමණක් උසස් කොට සළකා තෘෂ්ණාවෙන් යුක්තව අනන්ත දුශ්චරිත වල ද යෙදෙමින් සසර දුක් වර්ධනය කර ගනිමින් අන්ධව කටයුතු