Showing posts with label දැනුම. Show all posts
දියවැඩියා රෝගය අර්ථ දැක්වීම
සම්පූර්ණ මිශ්‍රිත ශිරාගත රුධිර සාම්පල පරීක්ෂා කළ පසු ,ආහාරයට පෙර සාම්පලයේ ලීටරයට මිලි මවුල 6 ට වඩා අඩු නම් දියවැඩියාව/ මධුමේහය වැළඳී නොමැති අතර,ආහාරයට පසු සාම්පලයේ ලීටරයට මිලි මවුල 8 ට වඩා ඉහළ අගයක් නම් මෙම රෝගය වැළඳී ඇති බව නිගමනය කළ හැක. (ලෝක සෞඛ්‍ය සංවිධානය-WHO )
දියවැඩියා රෝගය වර්ගීකරණය[
ප්‍රාථමික දියවැඩියාව
- ඉන්සියුලින් අත්‍යවශ්‍ය දියවැඩියාව(පළමු වර්ගයේ දියවැඩියාව)
- ඉන්සියුලින් අත්‍යවශ්‍ය නොවන දියවැඩියාව(දෙවන වර්ගයේ දියවැඩියාව)
ද්විතීක දියවැඩියාව(ගර්භනී සමයේදී ඇති වන දියවැඩියාව)
දියවැඩියා රෝගය පාලනය කළ යුතු ආකාරය
නිට්ඨාවට සුව කළ නොහැකි රෝගයක් බැවින් නිසි අයුරු ඹෟෂධ හා වෛද්‍ය උපදෙස් ලබාගතයුතු අතර,අහාර පාලනය මගින් හා ව්‍යායාමවල යෙදීමෙන් දියවැඩියා රෝගියකුට සාමාන්‍ය අයුරින් ජීවත් වීමේ හැකියාව ලැබේ.ඒ අනුව,
ආහාර පාලනය මගින් රෝගය පාලනය කිරීම
සෑම අවස්ථාවකදීම රුධිරයේ ග්ලූකෝස් ප්‍රමාණය නියත මට්ටමක පවත්වා ගැනීම සඳහා විධිමත් පාලනයකින් යුක්තව ආහාර ගැනීම ඉතා වැදගත්ය.විධිමත් ආහාර සැලැස්මේ මූලික සිද්ධාන්ත වනුයේ රුධිරයේ ඇති සීනි හා කොලෙස්ටරෝල් වැනි මේද ස්වාභාවික මට්ටමින් පවත්වා ගැනීම හා පුද්ගලයාගේ උසට සරිලන බර ප්‍රමාණයක් ලබා දීමය.
ආහාර සැලැස්මේ මූලික අංග
- සීනි සහිත ආහාර ගැනීම
මෙහිදී සීනි යනුවෙන් හඳුන්වන්නේ ග්ලූකෝස් ,සාමාන්‍ය සීනි,හකුරු සහ පැණි වර්ගය.මේ ආහාර ඉතා ඉක්මනින් ග්ලූකෝස් බවට පත්වී ශරීරයට උරා ගෙන රුධිරයේ ඇති සීනි ප්‍රමාණය වැඩි කරයි. එනිසා මෙවැනි ආහාර ගැනීමෙන් වැලකී සිටිය යුතු බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ මතයයි.
- වැඩි පිෂ්ඨය හා වැඩි කෙඳි ප්‍රමාණවලින් යුත් ආහාර ගැනීම
පිෂ්ඨයේ ඇති ස්වාභාවික කෙඳි ආවරණය සමග කෑමට ගැනීමෙන් වැඩි පිෂ්ඨ ප්‍රමාණයක් ආහාරයට ගත හැක.එහි වන කෙඳි මඟින්,පිෂ්ඨය ග්ලූකෝස් බවට හරවා ඉතා සෙමින් හා සමතුලිතව රුධිරයට උරාගැනීමට උපකාර වේ.වැඩි කෙඳි ප්‍රමාණයක් ඇති විට ආහාරවල අමතර බර ප්‍රමාණය වැඩි වීම නිසා කුඩා ආහාර ප්‍රමාණයකින් කුසගින්න සංසිඳුවා ගත හැක. එසේම කුසගින්න නැවත ඇතිවීම ප්‍රමාද කරයි.අඩු කැලරි පුමාණයක් අඩංගු ආහාර හා අඩු මේද ප්‍රමාණයක් අන්තර්ගත ආහාර ගැනීම බොහෝ දියවැඩියා රෝගීන් පමණට වඩා බරින් වැඩි බැවින් කැලරි පාලනයක් කළ යුතුය. මේද සහිත ආහාර ගැනීම මෙයට පිළියමයි. ශාක හා සත්ත්ව වශයෙන් මේදය දෙයාකාර වන අතර සත්ත්ව මේදයෙන් වැළකී සිටිය යුතුය. සම්පූර්ණ යොදය සහිත ආහාර ගැනීම වෙනුවට, කොලෙස්ටරෝල් රහිත මාගරින්, මේද රහිත කිරි ආදිය ආහාරයට ගත හැක.
දියවැඩියා රෝගියකු ආහාරයට එක් කර නොගත යුතු දේ
- බොහෝ පැණි රසැති ආහාර
- පුඩින්
- චොක්ලට්
- කේක්
- පැණි බීම වර්ග
- ග්ලූකෝස්
- පැණි හකුරු
- රට ඉඳි
- සාමාන්‍ය සීනි
- මධ්‍යසාර වර්ග(එහි අන්තර්ගත අධික කැළරි ප්‍රමාණය නිසා බර වැඩි වීම සිදුවන අතර කෑම රුචියද වැඩි කරවයි.එය ආහාර පාලනයට හිතකර නොවේ)
- සම්පූර්ණ යොදය සහිත කිරි
- චීස්
- බටර්
- බිත්තර කහමද
දියවැඩියා රෝගියකු ආහාරයට එක් කර ගත යුතු දේ
- කෘතීම රස කාරක (මින් සිදු වන්නේ දිව රැවටීමක් පමණි.
- රතු කැකුළු
- කඩල
- උළුඳු පිටි අාහාර
- කුරක්කන්
- හාල් පිටි අාහාර
- මුං ඇට
- පලතුරු සාධාරණ ප්‍රමාණයක්
- එළවළු සාධාරණ ප්‍රමාණයක්
- මේද රහිත කිරි
- කොලෙස්ටරෝල් රහිත මාගරින් වර්ග
- බිත්තර සුදු මද ආදිය
ව්‍යායාම මගින් රෝගය පාලනය කිරීම
ව්‍යායාමයෙන් රෝගියාට අත්වන අමතර වාසි
රුධිරගත සීනි මට්ටම පාලනය කරයි ගත යුතු ඉන්සියුලින් එන්නත් ප්‍රමාණය සීමා කරයි
ව්‍යායාමයේදී ශරීරය තුළ සිදුවන දේ
ක්‍රියාකාරී මස්පිඩු, ලේ වල ඇති සීනි මගින් එයට අවශ්‍ය ශක්තිය සපයා ගනී.ඉන්කොටසක් මස් පිඩු වල ඇති ග්ලූකෝස් ලෙස ගබඩා කර ගනීඑම රැස් කරගන්නා ග්ලූකෝස් අවසන් වූ පසු අමතර ග්ලූකෝස් රුධිරය හරහා අක්මාවේ සිට මස්පිඩු වෙත ගලාඑනු ලැබේ. මාංශපේශී වලට සැපයෙන ග්ලූකෝස් ප්‍රමාණය අක්මාවේ සිට රුධිරය හරහා ගලා එන ප්‍රමාණයට වඩා අඩු වුවහොත් රුධිරයේ ග්ලූකෝස් මට්ටම පහළ බසී.
ව්‍යායාමය හා ඉන්සියුලින් ලබා ගන්නා රෝගීන්
ව්‍යායාමය රෝගීන්‍ට හිතකර වුවද එය නියමිත පාලනයකින් තොරව සිදු කළ හොත් අතුරු ආබාධ ඇතිවිය හැක. එනිසා ව්‍යායාමයට පෙර මනා සැලැස්මක් අවශ්‍ය වේ. එවැනි අතුරු ඇබාධ ආකාරයකි,"හයිපොග්ලයිසීමියාව"
හයිපොග්ලයිසීමියාව
මෙහිදී සිදු වන්නේ සීනි මට්ටම පමණට වඩා පහළ බැසීමය.මෙහිදී රෝග ලක්ෂණ පහළ වීම ව්‍යායාමයේ කාලය අනුවත්. යොදා ගන්නා ව්‍යායාම වර්ගය අනුවත්වෙනස් විය හැක. ව්‍යායාමයේ යෙදෙන වේලාවේ හෝ ඉන් පැය 12ක් අතරතුර කාලයේදි ඇති වීමට පුළුවන.
හයිපොග්ලයිසීමියාවේ රෝග ලක්ෂණ
රෝගියාට,
- ඇඟ වෙව්ලීම
- ඇඟ සීතල කිරීම
- දහඩිය දැමීම
- ශරීරික අප්‍රොණිකතාව
- අධික කුසගින්න
- හිසරද
- ඇස් පෙනුම බොඳ වීම
- කරකැවිල්ල
- බඩේ කැක්කුම
- ඔක්කාරය දැනෙනු ඇත.
අවට සිටින අයට,
- නුරුස්සන ගතිය
- සිහි මද ගතිය
- සුදුමැළි බව
- ක්‍රියාකාරීත්වය අඩපණ වීම පෙනෙනු ඇත.
මෙවැනි අවස්ථාවක රෝගියාට ලබා දිය හැකි ප්‍රථිකාර
- සීනි තේ හැඳි 2ක්(10ml) වතුරේ හොඳින් දියකර පානය කිරීම
- පලතුරු යුෂ 125ml ක්(උදාඃ අඹ,අන්නාසි වැනි) පානය කිරීම
- බෝතල් කළ සිසිල් බීම 125ml පානය කිරීම
- මේ තත්ත්වයෙන් මිදීමට
ව්‍යායාමයෙන් පෙර හා පසුව ව්‍යායාමයේ ප්‍රමාණය හා ප්‍රභේදය අනුව වැඩිපුර ආහාර ගත යුතුය. එසේ අඩු ඉන්සියුලින් ප්‍රමාණයක් ගත යුතුය.පිහිනීම,බයිසිකල් පැදීම වැනි අසීරු ව්‍යායාම සඳහා වැඩි වශයෙන්ද, බිම සේදීම,වේගයෙන් ඇවිදිම, වත්තේ වැඩ කිරිම,වැනි මධ්‍යම ප්‍රමාණයේ ව්‍යායාම සඳහාද,සාප්පු සවාරි යෑම වැනි සුළු ව්‍යායාම සඳහාද වෙන් වෙන් වශයෙන් අමතර ආහාර ගැනීමෙන් හයිපොග්ලයිසීමියා තත්ත්වයෙන් මිදිය හැක.ආහාර හා පෙති මගින් පමණක් දියවැඩියාව පාලනය කරන රෝගීන් බොහෝ විට තරබාරු සිරුරු ඇත්තෝ වෙති. ක්‍රමවත් පාලනයකින් ව්‍යායාම කිරීමෙන් ශරීරයේ බර අඩුකරගත හැක.එමගින් ලබා ගන්නා බෙහෙත් ප්‍රමාණයද අඩු කරගත හැක.සාමාන්‍යයෙන් බර අඩු කරගැනීම සඳහා කරන ව්‍යායාම සඳහා අමතර ආහාර අවශ්‍ය නොවේ.
සාරාංශය
දියවැඩියා රෝගියකු යනු,කායිකව මෙන්ම මානසිකවද විවිධ දුෂ්කරතා වලට පාත්‍රවන්නෙකි. ඔවුන්ට සාමාන්‍ය පුද්ගලයන්ගේ සහය ලබා දීමෙන් සාමාන්‍ය ලෙස ජීවත් වීමට පිටුවහලක් ලැබේ.එදිනෙදා ජීවිතයේදී හමුවන එවැනි රෝගීන්ට කරුණාවෙන් යුක්තව සැලකිමෙන් ඔවුන් වෙනුවෙන් යම් කැප කිරීමක් කිරීමට ඔබත් පුරුදු වන්න. එය, ජීවිතය පුරාම යම් මානසික ආතතියකින් පීඩා විඳින, සුව කළ නොහැකි රෝගී තත්ත්වයකින් පෙළෙන දියවැඩියා රෝගියකු වෙනුවෙන් කළ හැකි සමාජ මෙහෙවරකි.
දියවැඩියා රෝගය
ළමාවිය සහ තරුණවිය
1889 අප්‍රේල් මස 20 වන දා, එකල ඔස්ට්‍රියා හංගේරියාවේ නගරයක වු ද ජර්මානු අධිරාජයේ අසන්න මායිමේ පිහිටි නගරයක් වු ද බ්‍රෝනාවූ හි දි ඇඩොල්ෆ් හිට්ලර් උපත ලැබිය. 52 හැවිරිදි ඔස්ට්‍රියානු රේගු නිලධරයකු වූ ඇලෝයිස් හිට්ලර්, ඔහුගේ ගේ පියා වු අතර මව ඒ වනවිට වයස විසි ගණනක් වූ ක්ලේරා පෝල්සල් නම් ගැමි කාන්තාවක වූවා ය.
ඇලෝයිස් ගේ දිවිය එතරම් ප්‍රසන්න වූවක් නොවී ය. ඔහුගේ පළමු බිරිය වූ ඇනා ග්ලසල් රෝගී ව සිට මිය ගියා ය. ඉන්පසු ඔහු විවාහ වූයේ ඒ වනවිටත් ඔහුට දාව දරුවකු ලබා සිටි ෆ්‍රන්සිස්කා මත්සෙල්බර්ගර් සමඟ ය. ඇය ද ක්ෂය රෝගය වැළඳී මිය ගියා ය. ඉන් පසු සිය නෑනා වූ, ඔහුට වඩා විසිතුන් වසරක් බාල ක්ලේරා පෝල්සල් හා විවාහ විය. ඇඩොල්ෆ් හිට්ලර් ගේ ද මව වූ ඇය ඇලොයිස්ට දාව දරුවන් පස් දෙනෙකු ම බිහි කළා ය. ගුස්ටාව්, අයිඩා, ඇඩොල්ෆ්, එඩ්මන්ඩ් හා පෝලා එම දරුවන් විය. ඉන් තිදෙනෙකු ම මිය ගියේ ඇඩොල්ෆ් හා ඔහුගේ නැඟණිය වූ පෝලා පමණක් ඉතිරි කරමිනි.
අනෙක් දරුවන්ට වඩා වෙනස් ගති පැවතුමෙන් හෙබි ඇඩොල්ෆ් කෙතරම් මවගේ ආදරයට පාත්‍ර වූවත් නිතර ම අසන්තෝෂයෙන් යුත් කලකිරීමෙන් හා නපුරුකමින් ජීවත් වූ දරුවෙක් විය. සිය සැමියා සමඟ පැවැති නොහොඳ නෝක්කාඩු සහිත කනස්සලු ජීවිතයට ක්ලේරා නොදැනුවත් ව ම හෝ තම පුතු යොමු කර තිබුණා ය. එය ඔහු වෙතින් සමස්ත ලෝකයට ම දායාද කෙරුණි. ඇඩොල්ෆ්ගේ රුදුරු ජීවන දැක්මට, නොහික්මුණු රළු පරළු ඔහුගේ පියා ඔහුට බෙහෙවින් බලපෑවේ ය. පියා, ඇඩොල්ෆ් බෙහෙවින් බියට පත් කළේ ය. අසාර්ථක විවාහ තුනකින් කනස්සල්ලට හා හුදකලාවට පත් ඇලොයිස් අස්වැසිල්ලක් ලැබුවා නම් ඒ මත්පැනින් පමණි.
1895 ඇඩොල්ෆ් හය හැවිරිදි ව සිටිය දී, නිසි කාලය එළඹීමටත් කලින් 58 හැවිරිදි පියා රජයේ සේවයෙන් විශ්‍රාම ගත්තේ ය. වහා කිපෙන සුළු කුරිරු මිනිසකු බවට පත් හේ, තම දරුවන්ට නිතර ම පහර දුන්නේ ය. පසු කලෙක ඇඩොල්ෆ් තුළ සමාජය කෙරෙහි පැන නැඟුණු බද්ධ වෛරය ඔහු පියා කෙරෙහි දැක්වූ සතුරු ආකල්පය මෝරා යාමක් ලෙස සැලකිය හැකි ය. එමෙන් ම ඔහු ළමාවියේ දී ම උගත් එක් දෙයක් විය. එනම් යුක්තිය සැමවිට ම ශක්තිවන්තයාගේ පැත්තේ බව ය. 1903 ජනවාරි 03 දා 65 හැවිරිදි ඇලොයිස් හදිසියේ මිය ගියේ පෙණහළුවලට ලේ ගැලීමේ රෝගයකිනි. සිය වැන්දඹුව හා ජීවත් වූ දරු දෙදෙනාට ඔහු ඉතිරි කර ගිය එකම ධනය ඔහුගේ සුළු විශ්‍රාම වැටුප පමණකි.
චිත්‍ර ශිල්පියකු වීමට ඇඩොල්ෆ් තුළ තිබූ කැමැත්ත ඔහුගේ මව තුළ කනස්සල්ලක් ඇති කළේ ය. දැඩි ආගමික ශක්තියෙන් යුක්ත වූ කාන්තාවක වූ ඕ, තම පුත්‍රයා ලම්බාක්හි ආගමික පාසලකට යැව්වේ ඇඩොල්ෆ් පූජකයකු වනු දැකීමට ඈ තුළ වූ අපේක්ෂාව මුදුන්පත් කර ගන්නට ය. එහෙත් එවැනි ආකල්පයක් ඇඩොල්ෆ් තුළ නොවී ය. එම පාසලේ දුම්පානය කොට අසුවීම නිසා ඔහු පාසලින් පලවා හරිනු ලැබිණි.
මව මිය ගිය පසු ඉදිරි පස් වසර තුළ ඇඩොල්ෆ් ජීවත්වූයේ අනුන්ගෙන් පිනට ලැබුණු දෙයකින්, ඉඳහිට කළ සුළු සුළු රැකියාවලින් හා ඔහුගේ චිත්‍ර සටහන් විකිණීමෙනි.
දේශපාලන දිවිය
පළමු ලෝක යුද්ධය ආරම්භ වන වකවානුවේ හිට්ලර් මියුනිච් හි ජිවත් වු අතර ඒ අනුව ඔහු ඔස්ට්‍රියනුවෙක් වශයෙන් බැව්රියාවේ හමුදාවට ස්වේච්ඡාවෙන් එක්විය. තවද, 1914 පෙබරවාරි මාසයේ දී හමුදා සේවයට සුදුසු ද යන්න පරික්ෂා කර බැලීම සඳහා හිට්ලර් තාවකාලික ව ඔස්ට්‍රියාවට කැඳවන ලද නමුදු අවි දැරීමට තරම් ශක්තියක් නොමැති දුර්වලයකු සේ සලකා ඒ සඳහා ඔහු තෝරා නො ගැනිණ. 1914 අගෝස්තු මස යුද්ධය ආරම්භ වූ පසු බැව්රියාවේ රජුට ලිපියක් යවමින් ඔහුගේ හමුදාවෙහි සේවය කිරීමට ඉඩ දෙන ලෙස හිට්ලර් ඉල්ලා සිටියේ ය.
ඒ අනුව බෙහෙවින් ශිෂ්‍ය ස්වේච්ඡා භටයන්ගෙන් සමන්විත වූ 16 වැනි බැවේරියානු පාබල හමුදාවට ඔහු බඳවා ගනු ලැබීය. සති කීපයක පුහුණුවකින් පසු ඔහු යුද පෙරමුණට යවන ලදී. එහි දී තමා දක්ෂ හා නිර්භීත සෙබළකු බව ඔහු තහවුරු කළේ ය. 1916 වනතුරු හිට්ලර් හමුදා පණිවුඩකරුවකු ලෙස සේවය කළ අතර පසුව පණිවුඩ යවන්නකු ලෙස කටයුතු කළේ ය. සිව් වසරක් තුළ ඔහු සටන් 47 කට සහභාගි විය.
මේවායින් වැඩි ප්‍රමාණයක් දරුණු සටන් විය. දෙවරක් ම ඔහු තුවාල ලැබී ය. 1914 දී ඔහු තම පළමු වන පදක්කම වන යකඩ කුරුසය (දෙවැනි පන්තිය) දිනා ගත්තේ ය. ඉන්පසු ජර්මන් අධිරාජ්‍යවාදී හමුදාවේ සාමාන්‍ය සෙබළෙකුට ලැබිය හැකි දුලබ සම්මානයක් වූ යකඩ කුරුසය (පළමු පන්තිය) 1918 අගෝස්තු 4 දා ඔහුට හිමි විය. දෙවැන්න ඔහුට හිමිවූයේ සතුරු නිලධාරියකු හා පුද්ගලයන් 15 දෙනෙකු අත්අඩංගුවට ගැනීම නිසා ය. කෙසේ වෙතත් ලාන්ස් කෝප්රල් නිලයෙන් ඔබ්බට හිට්ලර් කිසි දිනෙක උසස් කරනු නො ලැබී ය.
පළමුවන ලෝක යුද්ධයෙන් ජර්මනිය අන්ත පරාජයක් ලැබීමෙන් පසු හිට්ලර් යළි මියුනික් බලා ආවේ ය. ජර්මනියේ සිදුවූ ආණ්ඩු පෙරළිය හා වියෙමාර් ජනරජයේ නැඟීමෙන් කුපිත වූ හෙතෙම වර්සේල්ස් ගිවිසුමට හා නව ජර්මන් ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව ක්‍රියාත්මක වීමට දේශපාලනයට පිවිසියේ ය.
තම පැරණි රෙජිමේන්තුවේ රාජකාරි ලේඛනයට ඇතුළත්ව සිටි ඔහුට දේශපාලන පක්ෂ ගැන ඔත්තු බැලීමේ කාර්යය පැවරිණි. ජර්මානු කම්කරු පක්ෂයේ ජාතිකවාදී ප්‍රවීණයන්ගෙන් යුත් සුළු කණ්ඩායමක් ගැන සොයා බැලීමට 1919 සැප්තැම්බර් මාසයේ දී ඔහුට අණ ලැබිණි.
මේ පක්ෂයට කිසිදු වැඩ පිළිවෙළක් හා ක්‍රියාත්මක සැලැස්මක් නොවී ය. (එය රජයට එරෙහි වූවක් පමණක් විය) පක්ෂ භාණ්ඩාගාරයේ මුළු වත්කම ඩොලර් දෙකක් පමණක් විය. එහෙත් පක්ෂයේ නිශ්චිත මතවාද කීපයක් බෙහෙවින් ඔහු සිත් ගත්තේ ය. ඒ ඒවා ඔහුගේ අදහස් හා සමාන වූ බැවිනි.
ඒ අනුව ඔත්තු බැලීම පසෙක තබා ඔහු එම පක්ෂයේ අංක 55 හිමි සාමාජිකයා ලෙස පක්ෂයට එකතු වූයේ ය. පසුව එම පක්ෂයේ විධායක කමිටුවේ හත්වැනියා ලෙස ඔහු පත් විය. දේශපාලන උද්ඝෝෂණ හා සංවිධාන කටයුතු පිළිබඳ ව තමා සතු හැකියාව යෙදවිය හැකි සුදුසු ම ස්ථානය, අවසානයේ දී ඔහුට හමු වී තිබිණි. පිරිසක් එක් රොක් වූ ඕනෑ ම තැනක දී ඔවුන් ඇමතීමට ලත් අවස්ථාව ඔහු අත් නො හළේ ය.
දෙවරකදී හිට්ලර් මේ කුඩා පක්ෂයේ නායකත්වය කරා ළඟා වූයේ ය. එහි නම ජාතික සමාජවාදී ජර්මන් කම්කරු පක්ෂය ලෙස ඔහු වෙනස් කළේ ය.(ව්චබඪධදචත ඉධජඪචතඪඵබ ට්ඥපථචද එධපඬඥපඵ) පසුව එය ප්‍රසිද්ධ වූයේ ව්ඉච්ඒර්‍ථ යනුවෙනි. නට්සි(ව්ඒඛධ්) යන වචනය ද ව්චබඪදචත ඉධලතචතඪඵබ) යන්නේ මුලකුරුවලින් සැදුනක් විය. හිට්ලර් හමුදාවෙන් ඉවත් වූයේ නව පක්ෂය ගොඩනැඟීමට ඔහුගේ පූර්ණ කාලීන දායකත්වය ලබාදෙනු පිණිස ය.
ඒ වනවිට පැවති තත්ත්වය ඔවුනට වාසිදායක විය. ආර්ථිකමය වශයෙන් රටේ කලකිරීමක් පැතිර තිබිණ. 1920 පෙබරවාරි 24 දා ප්‍රකාශයට පත් කළ කරුණු 25 කින් යුත් ඔහුගේ වැඩ පිළිවෙළේ දී වියනාවේ සිටිය දී ඔහු තුළට කා වැඳී තිබූ අදහස් හිට්ලර් අවධාරණය කළේ ය.
ඒ අනුව සෙමිටික් විරෝධය, අන්ත ජාති මමත්වය, ආර්යයන් ගේ වාර්ගික ශ්‍රේෂ්ඨත්වය පිළිබඳ සංකල්පය, මධ්‍යස්ථ, (ලිබරල්) ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි ඇති පිළිකුල හා නායකත්වයේ මූලධර්මය වැනි දෑ එහි අඩංගු විය.
හිට්ලර්ගේ බොහෝ අදහස් නව සංකල්ප නොවී ය. එහෙත් ඔහු ඒවා අසාමාන්‍ය අලංකාරණයකින් හා ව්‍යක්ත බවින් වර්ණවත් කළේ ය. නට්සි පක්ෂයට ස්වස්තික සංකේතය මෙන් ම ආචාර කිරීමේ නව ක්‍රමය ද ඔහු නිර්මාණය කළේ ය. එහෙත් ඒ දෙක ම පැරණි වාර්ගික කණ්ඩායම්වලින් ණයට ගත් ඒවා විය. ඔහුගේ රැස්වීම්වල ආරක්ෂාව සඳහා ‘කුණාටු බලඇණිය’ නම් දුඹුරු කමිස හමුදාවක් නිර්මාණය කළේ ය. ඔහු තමාගේ පෞද්ගලික ආරක්ෂක හමුදාවක් ලෙස දැඩි විනයකින් යුත් ‘කළු කමිසධාරි’ (ඉඉ) ආරක්ෂක බලඇණිය නමින් දෙවන ඒකකයක් ද නිර්මාණය කළේ ය. එම බලඇණිය දිවි හිමියෙන් තම නායකයා රැකීමට ප්‍රතිඥා දී තිබිණි.
1923 නොවැම්බර් 8 දා මියුනිච්හි පැවති බීරහල් කුමන්ත්‍රණයේදී අත්අඩංගුවට පත් හිට්ලර් 1924 පෙබරවාරි 26 දා රාජද්‍රෝහිවීමේ චෝදනාව යටතේ අධිකරණය ඉදිරියට පමුණුවන ලදී. මෙහි දී මෙම නඩු විභාගය තම ප්‍රචාරාත්මක ජයග්‍රහණයක් බවට පෙරළා ගැනීමට හිට්ලර් සමත් වූයේ ය.
නඩු විභාගයෙන් හිට්ලර් ට පස් අවුරුදු සිර දඬුවමක් නියම විය. නඩුවේ දී ඔහු ඊට මුහුණ දුන් විලාසය ජර්මන් ජනතාව තුළ දැඩි හැඟීමක් ඇති කිරීමට හේතු වූයෙන් ජනතාව ඔහු ජාතික වීරයකු කොට සලකන්නට පටන් ගත්හ. පසුකලෙක නට්සි ව්‍යාපාරයේ දේශපාලන බයිබලය බවට පත් ‘මගේ සටන’ (Mein Kampf) හි පළමු වෙළුම, සිය සගයා වූ රුඩොල්ෆ් හෙස්ට ලිවීම සඳහා කියවන ලද්දේ ලෑන්ඩ්ස්බර්ග් සිරගෙදරදී ය. ‘මගේ සටන’ අන්තර්ගතය කුමක් වුව ද එය ලොව වැඩියෙන් ම අලෙවි වන ග්‍රන්ථය බවට පත් විය. 1939 වනවිට එය භාෂා 11 කට පරිවර්තනය වී පිටපත් පනස් දෙලක්ෂයක් පමණ අලෙවි විය. එහි කර්තෘභාගයෙන් ලත් ආදායම හිට්ලර් ධනවතකු කළේ ය.
1930 වනවිට නට්සි ව්‍යාපාරයේ අවිවාදාත්මක ව පිළිගත් නායකයා ඔහු විය. 1928 පැවැති පාර්ලිමේන්තු මැතිවරණයේදී කොමියුනිස්ට්වාදීන් ලබාගත් ආසන 54 කට එරෙහි ව නට්සි පක්ෂයට දිනාගත හැකි වූයේ ආසන 12 ක් පමණි. එහෙත් 1930 මැතිවරණයේදී NSDAP ය ඡන්ද 60 ලක්ෂයක් පමණ දිනා ගනිමින් ව්‍යවස්ථාදායක මණ්ඩලයට (රයිෂ්ටාගයට) ජනතා නියෝජිතයන් 107 ක් යැවීමට සමත් විය. එමඟින් එය රටේ දෙවන ප්‍රධාන පක්ෂය බවට ද පත් විය. මෙහි දී කොමියුනිස්ට්වාදී නියෝජිතයන් 77 දක්වා ඉහළ නැංගේ ය.
1932 ජූලි මස පැවති මහා මැතිවරණයේදී නට්සි පක්ෂය රයිෂ්ටාගයේ ආසන 230 දිනා ගනිමින් ජර්මනියේ ප්‍රබල ම දේශපාලන පක්ෂය බවට පත් විය. 1933 ජනවාරි 30 දා ෆොන් හින්ඩර්බර්ග් දැඩි නොකැමැත්තෙන් වුව සභාග ඇමැති මණ්ඩලයක් සහිත ව හිට්ලර් ජර්මන් චාන්සලර් ලෙස නම් කළ අතර ඔහුට අසාමාන්‍ය ලෙස බලතල ලබාදීම ප්‍රතික්ෂේප කළේ ය. හිට්ලර් තම සහායකයන් ගැන දැඩි සෙවිල්ලෙන් සිටි අතර කිසිදු පෞද්ගලික සංවිධානයකට ඔහුගේ බලයට අභියෝග කිරීමට තරම් වන ශක්තියක් ඇති නො වීමට වග බලා ගත්තේ ය. සමස්ත ජර්මානු රාජ්‍යය ම දැවැන්ත සිරකඳවුරක් බවට පත් විය. නට්සි රහස් පොලිසිය (Gestapo) මැදියම් රැයේ නිවාසවලට කඩා පැන මිනිසුන් අත්අඩංගුවට ගන්නට වූහ.
ත්‍රස්තවාදයෙන් ජර්මනිය තුළ සිය නායකත්වය වර්ධනය කරගත් හිට්ලර් ‘මගේ සටන’ කෘතියෙන් දැක්වුණු ඔහුගේ අරමුණු සපුරා ගනිමින් යුරෝපය පුරා ජර්මන් බලය ව්‍යාප්ත කිරීම ඇරඹුවේ ය. ඔහුගේ මුල් ම අවධානය යොමු වුණේ රට යළි සන්නද්ධ කිරීමට ය. 1937 අවසාන වනවිට හිට්ලර්ගේ ව්‍යාප්තවාදී ප්‍රතිපත්තිය මුළුමනින් ම ක්‍රියාත්මක වෙමින් පැවතිණි. පෝලන්තය, හිටිලර්ගේ මීළඟ ගොදුර බවට පත්වෙමින් තිබුණේ ය. 1939 සැප්තැම්බර් 1 දා ජර්මානු හමුදා පෝලන්තය ආක්‍රමණය කිරීමත් සමඟ වසර පහමාරක් තිස්සේ ඇවිලුණු, මිලියන 55 කට අධික ජනතාවකට මරු කැඳවූ, දෙවන ලෝක යුද්ධය ආරම්භ විය. ඔහු බොහෝ රටවල් තම රාජ්‍යයට ඈදා ගත්තේ ය.
1942 උදාවත් ම සියල්ල ආපසු හැරී නැවත ගමන් කිරීම ඇරඹෙන්නට විය. මිත්‍ර හමුදා විසින් හිට්ලර් පරාජය කිරීමේ දැවැන්ත මෙහෙයුම අරඹා තිබිණි. හිට්ලර්ගේ කීර්තිමත් කාලය කෙමෙන් අවසානය කරා ළඟා වෙමින් තිබුණේ ය. අනපේක්ෂිත ලෙස යුද්ධයෙන් පරාජය වූ හිට්ලර් ඔහුගේ මූලස්ථානය බර්ලිනයට ගෙන ගියේ ය. එහි චාන්සලර් මන්දිර භූමියේ තැනූ භූගත බංකරයට වී සිය අවසන් දින කිහිපය ගත කළේ ය.
සිය දිවි නසා ගැනීමට හිට්ලර් තීරණය කළේ ය. ඔහු විසින් ඉටු කළ යුතු තවත් කාර්යයන් දෙකක් ඉතිරි ව තිබිණි. 1945 අප්‍රේල් 29 දින උදයේ එහෙත් ඔහුගේ අනියම් බිරිය වී සිටි ඊවා බ්‍රොන් විවාහ කර ගත්තේ ය. ඒ සමඟ ම තම අන්තිම කැමැති පත්‍රය හා දේශපාලන අන්තිම කැමැති පත්‍රය ලියා ගැනීම සඳහා කියැවී ය. එහි දී සිය ජීවිත කාලය තුළ ඔහු කළ කී දෑ යුක්තියුක්ත කළේ ය. පසුදින තම කුටියට වැදුණු හිට්ලර් වෙඩි තබාගෙන සිය දිවි හානි කර ගත් අතර ඊවා බ්‍රොන් ද වස පානය කොට දිවියෙන් සමුගත්තා ය. හිට්ලර්ගේ උපදෙස් අනුව මළ සිරුරු දෙක ම චාන්සලරි උයනේ පිහිටි සතුන්ගේ ආහාර වළකට ඇද දමා ඉන්ධන වත්කොට ගිනි තබන ලදී.
ඇඩොල්ෆ් හිට්ලර්
ඉතිහාසය
වංශ කථාවන්හි දැක්හවෙන පරිදි ක්‍රිස්තු පූර්ව 247 දී ඵළඹෙන ඡෙමිට මුල මාසය හෙවත් පොසොන් පුර පසළොස්වක පොහොදා මිහිදු මහරහතන් වහන්සේ ප්‍රමුඛ ඉට්ටිය, උත්තිය, සම්බල, බද්දසාල රහතන් වහන්සේ නිර්මල දහම් පණිව්ඩය රැගෙන දඹදිව සිට ම්ස්සක පර්වතයට වැඩිසේක. එවකට ලක්දිව රජතුමා වු දේවානම්පියතිස්ස රජතුමා ම්හින්තලයේදි මෙම දුත පිරිසට හමුවුහ. මෙම එෙෙතිහාසික හමුවීම සිදුවූ ස්ථානය ශ්‍රි ලාංකික බෞද්ධයෝ ගෞරව බුහුමානයෙන් වැඳුම් පිඳුම් කරති.
මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රමුඛ ධර්මදුත පිරිස දේවානම්පියතිස්ස රජතුමා සහ මෙම දුත පිරිස හමුවූයේ පොසොන් මස පසලොස්වක දිනයකදිය. මිහිදු හිමියන්ගේ ලංකා ගමනය පිළිබද සාහිත්‍ය මූලාශ්‍ර ඇසුරින් වගේම පුරාවිද්‍යාත්මක මුලාශ්‍ර තුලින් ද කරුණු රුස්කර ගත හැක. මේ අනුව වංශ කථා පවසන පරිදි ම් බුදුන් පිරිනිවි වසර දෙසිය තිස්හයක් එළඹුණදා මිහිඳු මහරහතන්වහන්සේ ප්‍රමුඛ පිරිස ලංකාවේ මිහින්තලයට වැඩිසේක. එහිදි මිහිඳු තෙරුණ්ට දේවානම් පියතිස්ස රඡු හමුවි දෙදෙනා අතර ප්‍රශ්නෝත්තර මාලාවක ස්වරුපයේන් සංවාදයක් ඇති විය. ඉන්පසු මිහිඳු හිමි රජු ගේ බුද්ධිය අවබෝධ කර ගැනිමෙන් පසු රඡතුමා ඇතුළු පිරිසට මිහින්තලා කඳු මුදුනේදි පළමු ධර්ම දේශනාව වන චුල්ලහත්තපදෝපම සුත්‍රය දේශනා කරන ලදී.
ආශ්‍රිත උත්සව
එදාමිහිඳුමහරහතන්වහන්සේ පොසොන් පොහොදා මිහින්තලයට වැඩම කොට සිංහල ජනයාගේ ජිවිතයට නව උදාවක් ලබා දුන්නේය. සිංහල සංස්කෘතියේ නව නැම්මක් ඇතිවුයේය. මෙම උත්තම සිද්ධිය සිහිපත් කරමින් සෑම වර්ෂයකම පොසොන් පොහොදා සිංහල බෞද්ධ ජනයා මිහින්තලය වැද පුදා ගැනිමට එක්රොක් වේ. මේ අයුරින් මිහින්තලය යනු සිංහල බෞද්ධයන් අපට ඉතා පාරිශූද්ධ වු සුවිශේෂ ස්ථානයකි. ඒ නිසාම පොසොන් මාසයේ මිහින්තලයට වන්දනා ගමන් යාමට පුරුදුව සිටිති.
පුරාණ ඉදිකිරීම්
පුරාණයේ සිටම මිහින්තලය නැඟීමට පියගැට විශාල සංඛ්‍යාවක් නිර්මාණය කර ඇත. එම ඉදි කිරීම් දේවානම්පියතිස්ස රජතුමා විසින් ආරම්භ කර ඇති අතර විහාර ගෙයක් ද, භික්ෂුන් වහන්සේලාට වැඩ විසීම සඳහා ගුහා 68 ක් ද කරවා ඇත. ඉන් අනතුරුව මිහින්තලය ආශිතව විහාරාරාම කීපයක් ඉදි වී ඇති අතර එවා එම යුගයට ආවේණික ලක්‍ෂණ දරණු දැකිය හැකිය. සෙල්ලිපි, මැඩපත්, ලෙන්ලිපි, කටාරම් ලිපි ආදි පුරාවිද්‍යාත්මක සාධක තුලින්ද මිහින්තලා ඉතිහාසය පිළිබඳ තොරතුරු හමුවේ. මිහිඳු හිමියන්ගේ පැමිණිම පිළිබඳ කරුණු ඇතුළත් සෙල්ලිපියක් හමු වී ඇත. මෙම සෙල්ලිපිය කැඩිබිඳි අබලන්ව ගිය එකකි. එහි එන "මහිද තෙරභව, භද්‍රසාල තෙරභ, ඉට්ටක තෙරභව, පති තෙරභව" යන පාඨය අනුව මෙම ධර්මදුත ව්‍යාපාරයට සහභාගිවුවන් පිළිබඳ තොරතුරු සඳහන් වේ. මිහිඳු හිමියානෝ ලක්දිව පැමිණ 27වන දිනයෙහි වස් විසිම පිණිස මිහින්තලයට වැඩියහ. මිහින්තලයේ වස් විසිම භික්ෂුන් 60 නමක් සිටි අතර එහි වස් විසිමට ආවාස නොවුහෙයින් කණ්ඨක චේතිය අසල ලෙන් ශූද්ධ කරවා ආවාස හැටියට සකස් කරවීය. මෙම ලෙන්වල ලිපිවලින් මිහින්තලා ඉතිහාසය පිළිබඳ තොරතුරු හමුවේ.
ගෘහ නිරමාණ කේෂත්‍රය අතින් මිහින්තලය සුවිශේෂ ස්ථානයක් ගනී. මිහින්තලයේ පිහිටි ගෘහ නිර්මාණ වාස්තු විද්‍යාත්මක වශයෙන් ඉතා වැදගත් වේ. ගෘහ නිර්මාණ අතර ආරාම, වෙදහල දාන ශාලාව, සන්නිපාත ශාලාව, පෝය ගෙවල්, භාවනා ශාලා, ආරෝග්‍ය ශාලාව, සිමා මාලක සහ සක්මළු ආදී බොහෝ නිර්මාණ තනවා තිබුණේය.
මහා සෑය
මිහින්තලය කඳු මුදුනේ පිහිටා ඇති විශාල චෛත්‍යය මහා සෑයයි. එය මහදාතිත මහානාග රජතුමා විසින් කරවා ඇති අතර අඩි 136 ක විශ්කම්භයකින් යුක්තය.
කණඨක චේතිය
මෙය සුරතිස්ස රජතුමා විසින් කරවන්නට ඇති බව විශ්වාස කෙරේ. එහි පේසාවළලු සහ ඉදිරි කොටස සෑහෙන තරම් තවමත් ඉතිරිව පවතී. එය බහිරව රූප හා ඇත් රූප වලින් අලංකාරව ඇත. ස්ථූපය අඩි 425.5 යුක්තය. එහි අඩි 40 ක් පමණ උස් වූ ස්ථූපයක නටඹුන් දැකිය හැක. භික්ෂුන් වහන්සේලා මෙම ස්ථූපයට ආසන්නයේ ඇති ගල් ගුහා වල වෙසෙන්නට ඇත. මෙම ස්ථූපය කරවා ඇත්තේ “ලජ්ජිතිස්ස” රජතුමා විසින් බැවින් එය අයත් වන්නේ පලමු බුද්ධ ශතවර්ශයටය බව සැකයක් නැත.
අම්බස්තල දාගැබ
මෙය කඳු මුදුනට ආසන්න වූ තැනිතලාවක පිහිටා ඇති අතර මාතලන්තිස්ස රජතුමා විසින් කරවන්නට ඇතැයි විශ්වාස කෙරේ. මිහිඳු මහ රහතන් වහන්සේ හා දේවානම්පියතිස්ස රජතුමා අතර අති වූ එෙෙතිහාසික හමුවේ දේවානම්පියතිස්ස රජතුමා සිටින්නට ඇතැයි සැලකෙන ස්ථානය සිහි ගැන්වීමට මෙම දාගැබ ඉදිකර ඇත.
මිහිඳු සෑය
මිහිඳු මහරහතන් වහන්සේගේ භෂ්මාවශේෂ වලින් කොටසක් නිදන් කොට දේවානම්පියතිස්ස රජතුමාගේ බාල සොයුරු උපතිස්ස රජ විසින් (ක්‍රි. පූ. 210-200) විසින් මිහින්තලා කඳු මුදුනත ඉදිකරන ලද බවට මහාවංශයේ සඳහන් සෑය මෙය වේ. මෙහි නටඹුන් අතර තිබූ ගඩොල් වල ඇති බ්‍රාහ්මී අක්ෂර ක්‍රි.පූ. සියවස් වලට අයත් වේ. මේ අනූව මෙම සෑය මෙරට ඇති පැරණිතම සෑ අතුරින් එකක් වේ. 1951 වර්ෂයේදී මෙහි කැණීම් කටයතු ආරම්භ කෙරුණි. මිහිඳු සෑය 1941 වර්ෂයේදී පුරාවිද්‍යා ආරක්ෂිත ස්මාරකයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලදී.
ගිරිභණ්ඩ සෑය
1951 වසරේදී කැණීම් කොට මතු කරගන්නා ලද මෙම දාගැබ ක්‍රි.ව. 8 වන සියවසට පමණ අයත් යැයි විශ්වාස කෙරේ. ගොඩනැංවූ අය අවිනිශ්චිත වේ. අනුරාධපුර යුගයේ දාගැබක ධාතු ගර්භයක පිහිටීම හා ඉදිකිරීම් තාක්ෂණය මෙන්ම අනුරාධපුර යුගයේ ධාතු ගර්භ සිතුවම් පිළිබද නිරික්ෂණයට මින් අනාවරණය වූ ධාතු ගර්භය වැදගත් වන අතර එම ධාතු ගර්භය දැනට මිහින්තලය කෞතුකාගාරයේ තැම්පත් කර තිබේ.
රෝහල[
මිහින්තලය කඳු පාමුල පැරණි රෝහලක නටඹුන්ද, බෙහෙත් ඔරුවක්ද, එම යුගයට අයත් යැයි සැලකෙන ගොඩනැගිලි වල කොටස් ද දැකිය හැකිය. රෝහල සහ කඳුමුදුනට දිවෙන පඬිපෙල අතර විශාල අසපුවක නටඹුන් දැකිය හැකිය. පැත්තක් අඩි 125 වූ හතරැස් ගොඩනැගිල්ලට පහලින් අලංකාර ගල් කැටයම්ද, ගලින් කරන ලද බරාඳි වැට වල්ද මුරගල් ද පිහිටා ඇත. මේ අංශය අධික ප්‍රපාත වූ බැවින් පඩි පිහිටා ඇත්තේ නැගෙනහිර බෑවුමට වන්නටය. එහි පඩි 1840 කඳු මුඳුන දක්වා දිවේ. පලමු පඩි කොටස අවසානයේ කුඩා කඳු මුඳුනක් හමුවේ එහි “ කණ්ඨක චේතිය” පිහිටා ඇත.
භෝජන ශාලාව]
මළුව පිහිටා ඇත්තේ තුන්වන පඩිපෙල අවසානයේය. මළුවෙහි වම් පැත්තට වන්නට භෝජන ශාලා පිහිටා ඇත. එය සෘජුකෝණාස්‍රාකාර වන අතර දිගින් අඩි 62ක් ද , පලලින් අඩි 25 ක් ද වේ. එය වටා ගබඩා කාමර පිහිටා ඇත. ජලවහන පද්ධතියක කොටස් ඒ අසලින් සොයා ගෙන ඇති බැවින් ඉතා ක්‍රමාණූකූල ජල සම්පාදන ක්‍රමයක් තිබෙන්නට ඇතිබව විශ්වාස කෙරේ. භෝජනාගාරය අසල ආහාර ගබඩා කර තබන්නට ඇතැයි විස්වාස කෙරෙන ගල් භාජන 2ක් දක්නට ඇත. ගොඩනැගිල්ලට ඇතුළුවන පැති දෙකකින් විශාල ශිලා ලේඛන දෙකක් පිහිටා ඇත. ආරාමයේ පරිපාලන කටයුතු සඳහා අවශ්‍ය නීති රෙගුලාසි මෙහි සටහන් කර ඇත. මෙය මිහිඳු රජතුමා විසින් කරවා ඇති අතර සේවය කරන්නන්ට ගෙවන ගෙවීම් ද සඳහන් කර ඇත. ඊට නොදුරින් තවත් තැනිතලාවක භික්ෂුන් වහන්සේලා හමුවී ධර්ම හා විනය සාකච්ඡා කරන්නට ඇතැයි සැලකේ. එය විවෘත ගොඩනැගිල්ලක් වන අතර පැත්තක් අඩි 62කි. ගල් කණු 48 ක් මත පිහිටා ඇත. ගොඩනැගිල්ල මධ්‍යයේ දොරටු 4කින් යුතු වේදිකාවක් ද පිහිටා තිබේ.
දාන ශාලාව
මෙය චේතිය පබ්බතහී භික්ෂූන් වහන්සේලාගේ දෙෙනික දානමය වුවමනාවන් සපුරාලූ ස්ථානය වේ. ප්‍රාථමික වාස්තු සලකා බැලීමේදී අනුරාධපුර මහා විහාරබද්ධ සෙසු දාන ශාලාවලට සමාන වේ. මෙම දාන ශාලාව වෙත ගල් පිහිල්ලක ආධාරයෙන් ජලය සපයාගෙන ඇති ආකාරය සුවිශේෂී වේ.
මිහිඳු ගුහාව
අම්බස්තල දාගැබේ සිට කඳු බෑවුම් දෙසට දිවෙන කුඩා අඩිපාර මිහිඳු ගුහාව තෙක් විහිදේ. මිහිඳු ගුහාව මිහිඳු මහානාහිමියන් සැතපී විවේක ගත් ස්ථානයයි. සියළුම ගුහා වලින් වඩාත් ප්‍රසිද්ධ හා බෞද්ධයින්ට වඩාත් පූජනීයවන්නේ මිහිඳු ගුහාවයි.
ආරාධනා ගල
ආරාධනා ගල මහාසෑයට මුහුණලා පිහිටා ඇත.අධික සුළං සහිත කාල වලදීත් ආරාධනා ගල නැගීමට බැතිමත්හූ අමතක නොකරති. මහාවංශයේ සඳහන් වන පරිදි අහසින් වැඩිය මිහිඳු මහ රහතන් වහන්සේ ඇතුළු පිරිස පළමුවෙන්ම ශ්‍රි ලංකා ද්වීපයෙහි පය තැබුවේ ආරාධනා ගල මුදුනටය.
අටසැට ලෙන්
දේවානම්පිය තිස්ස රජු, මිහිදු මහ රහතන් වහන්සේ ප්‍රමුඛ භික්ෂූන් උදෙසා ලෙන් 68 ක් සකස් කොට පූජා කල බව මහා වංශයේ දැක්වෙයි. මෙම සෑම ලෙනකම පාහේ කටාරමට පහලින් පූර්ව බ්‍රාහ්මී ලේඛන දැකගත හැකි බැවින් මේවා ක්‍රි.පූ. යුගයට අයත් බැව් පැහැදිලි වේ. ක්‍රි.ව. 31-34 සමයේ කණිරජාණුතිස්ස රජ, තමන් ඝාතනයට සැළසුම් කල දුශ්ශීල මහණුන් 60 නමක් කනිර නම් ප්‍රපාතයට හෙලා දැමූ බව මහා වංශයේ විස්තර වේ. එම ප්‍රපාතය මෙම ලෙන් පිහිටා ඇති බෑවුම් සහිත ප්‍රදේශය බැව් විශ්වාස කෙරේ.
පොකුණු
මිහින්තලා පුඡා භුමියේ පිහිටා ඇති මෙම පොකුණු අතර සිංහ පොකුණ, නාග පොකුණ, කළු දිය පොකුණ ප්‍රධාන තැනක් ගන්නා අතර තවත් අවශේෂ පොකුණු කිහිපයක් ද හමු වී ඇත.
සිංහ පොකුණ
විනාශ වී ගිය ආරාමවලින් ගහණ ප්‍රදේශයේ සිංහ පොකුණ දක්නට ලැබේ සිංහ පොකුණ යයි ව්‍යවහාර වුවද එය පොකුණක් නොව සිංහ මුඛයෙන් ජලය පිටවන දිය පිහිල්ලකි. කණ්ඨක චේතිය හා සන්නිපාත ශාලාව අසබඩ ජිවත් වු භික්ෂුන් වහන්සේලාගේ පැන් පහසුව පිණිස විශේෂයෙන් ස්නානය පිණිස යයි සිතිය හැකි මෙම දය පිහිල්ල සකස්කර ඇත්තේ පසු පාද දෙකින් සිට ගෙන සිටින ලෙස ගලින් නෙලන ලද ජිවමාන ප්‍රමාණයේ සිංහයකුගේ මුවින් ජලය පිටවන ආකාරයටය.
කළු දිය පොකුණ
මෙය මිහින්තලයේ පිහිටි ප්‍රසිද්ධ පොකුණු වලින් එකකි. පොකුණෙහි ඇති ජලය කළු පාටට පෙනෙන බැවින් එයට කළු දිය පොකුණ යන නම ලැබී ඇත.එක් පොහෝ දිනක කළු බුද්ධරක්ඛිත හිමියන් කළු දිය පොකුණු සමීපයෙහි ඇති තිඹිරිය ගසක් යටට වී කාල කර්ම සුත්‍රය දේශනා කල බවට විශ්වාස කෙරේ.
නාග පොකුණ
මහාවංශයේ මහින්දාගමන ප්‍රවෘත්තීන් අතර නාගචතුස්ක නම් වූ විලක් පිළිබඳව සඳහන් වේ. පසු කාලීනව පළමු අග්ගබෝධි රජු (ක්‍රි.ව. 575-608) විසින් නාග සොණ්ඩි පොකුණ කරවූ බවක්ද වංශ කතාව වාර්ථා කරයි. මින් පැවසෙන්නේ නාගචතුශ්ක නම් විල ස්වභාවික විල අග්ගබෝධි රජු විසින් වඩා විධිමත් පොකුණක් බවට වර්ධනය කල බවයි. වර්ෂා ජලයෙන් පෝෂණය වන බවට විශ්වාස කල හැකි මෙම පොකුණෙන් සිංහ පොකුණ, දාන ශාලාව ආදී ස්ථාන සඳහා අවැසි ජලය සැපයීමද, දෙෙනික භික්ෂු ජල වුවමනාව සැපිරීමද සිදුවී තිබේ. අම්බස්තලය දාගැබ පසුකර බටහිර දෙසට යනවිට මෙම නාග පොකුණ මුණ ගැසේ.
මිහින්තලය
Posted by : Unknown
දෙවන ලෝක යුද්ධය පසුබිම
පළමුවන ලෝක යුද්ධයෙන් පසු පරාජයට පත් වූ ජර්මනිය වර්සේල්ස් ගිවිසුමට අත්සන් තැබීය. මේ හේතුව නිසා ජර්මනියට නව භූමි ප‍්‍රමාණයෙන් 13%ක්, එනම්, ඕස්ටි‍්‍රයාව, චෙකොස්ලෝවැකියාව, පෝලන්තය හා ඩැන්සිග් යන රටවල් අහිමි වූ අතර, ජර්මන් හමුදාවේ භට පිරිස 100,000ක් දක්වා සීමා කිරීමට සිදු විය. එසේම ගිවිසුම මගින් අනිවාර්ය හමුදා සේවය, ආයුධ නිෂ්පාදනය, ආයුධ ආනයනය සහ අපනයනය කිරීම තහනම් කරන ලද අතර, ජර්මනියට විශාල වන්දි නියම කරන ලදී.
රුසියාවේ සිවිල් යුද්ධය විසින් ජෝශප් ස්ටාලින්ගේ නායකත්වයෙන් යුත් සෝවියට් සංගමය නිර්මාණය කරන ලදී. ඉතාලියේ ‘නව රෝම අධිරාජ්‍යයක්’ගොඩ නැංවීමේ පොරොන්දුව මත බෙනිටෝ මුසෝලිනි නම් ෆැසිස්ට් පාලකයා බලය අත්පත් කර ගත්තේය. චීනයේ පාලක කුමන්ටැන්ග් පක්ෂය 1920 දශකයේ මැද භාගයේ දී විප්ලවකාරී හමුදා නායකයන්ට එරෙහිව එක්සත් කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කළ නමුත්, ඉක්මනින්ම එය මුල් කාලීන කොමියුනිස්ට් මිත‍්‍ර පක්ෂවලට එරෙහි සිවිල් යුද්ධයකට පැටළුණි. 1931 දී චීනය කෙරෙහි දැඩි බලපෑමක් කළ, අතිශය මිලිටරි බලය සහිත ජපානය ආසියාව පාලනය කිරීමේ පළමු පියවර තැබීය. ඔවුහු මුක්ඩන් සිදුවීම ආයුධයක් කර ගනිමින් මැන්චූරියාව ආක‍්‍රමණය කළහ. එම ජාතීන් දෙපළ 1933 ටැන්ගු සටන් විරාමය තෙක්ම කුඩා ගැටුම් රාශියක නිරතව සිටියහ.
1933 ජනවාරි මාසයේ දී ජාතිවාදී සමාජවාදීයකු වූ ඇඩොල්ෆ් හිට්ලර් ජර්මනියේ නායකයා බවට පත් විය. ඔහු සීඝ‍්‍ර සන්නද්ධ ව්‍යාපාරයක් ඇරඹීය. මෙය කලින් යුද්ධවලදී පරාජයට පත් වූ ප‍්‍රංශය හා එක්සත් රාජධානිය බියට පත් කළ අතර, තම දේශ සීමාවලට තර්ජනයක් එල්ල වනු ඇතැයි ඉතාලිය බිය විය. නව මිත‍්‍ර පාක්ෂිකත්වය තහවුරු කර ගැනීම සඳහා ප‍්‍රංශය ඉතාලියට, ඉතියෝපියාව නිදහස් කොට දුන්නේය. 1935 මුල් භාගයේ දී සාර්ලන්තය නෛතිකව ජර්මනිය හා එක්වීමත්, හිට්ලර් වර්සෙල්ස් ගිවිසුම ප‍්‍රතික්ෂේප කරමින් සිය හමුදාවන්ට බලෙන් බඳවා ගැනීම සහ සන්නද්ධ වීම ඇරඹීමත් සමග තත්ත්වය තවත් බරපතල වන්නට විය. ජර්මනිය ද ඇතුලත් කර ගැනීමේ අපේක්ෂාවෙන් එක්සත් රාජධානිය, ප‍්‍රංශය හා ඉතාලිය එක්ව ස්ටේරසා පෙරමුණ ඇති කර ගත්හ. නැගෙනහිර යුරෝපයේ විශාල ප‍්‍රදේශයක් අත්පත් කර ගැනීමට ජර්මනියට තිබූ ඉලක්කය හඳුනාගත් සෝවියට් සංගමය, ප‍්‍රංශය සමග අන්‍යොන්‍ය සහයෝගීතාව පිළිබඳ ගිවිසුමකට එළඹුණි.
ප‍්‍රංශ - සෝවියට් ගිවිසුම බලාත්මක වීම සඳහා ජාතීන්ගේ සංගමය මගින් අනුමත විය යුතු වූ අතර, 1935 ජුනි මස දී එක්සත් රාජධානිය සිය මුලින් තිබූ සීමා ලිහිල් කරමින් ජර්මනිය සමග ‘ස්වාධීන නාවික එකඟතාවකට’ එළඹුණි. එක්සත් ජනපදය මෙම තත්ත්වය නිරීක්ෂණය කරමින් අගෝස්තු මස දී මධ්‍යස්ථභාවයේ පනත සම්මත කළේය. ඔක්තෝම්බර් මාසයේ දී ඉතාලිය ඉතියෝපියාව ආක‍්‍රමණය කළ අතර, එයට සහයෝගය දුන් එකම රාජ්‍යය ජර්මනිය පමණි. ඉන්පසුව ඉතාලිය, ඔස්ටි‍්‍රයාව සිය පරිවාර රාජ්‍යයන් කර ගැනීම සඳහා ජර්මනියට තිබූ අපේක්ෂාව කෙරෙහි විරෝධය දැක්වීම නවතා දැමීය.
1936 මාර්තු මාසයේදී වර්සෙල්ස් හා ලොකාර්නෝ ගිවිසුම් සෘජුව උල්ලංඝනය කරමින් හිට්ලර් යළිත් රයින්ලන්තය සන්නද්ධ කළේය. අනෙකුත් යුරෝපා බලවතුන්ගෙන් මීට ලැබුණේ අවම ප‍්‍රතිචාරයකි. සෝවියට් සංගමය සහයෝගය දුන් ස්පාඤ්ඤ ජනරජයට එරෙහිව ෆැසිස්ට් ජනරාල්වරයකු වූ ෆ‍්‍රැන්සිස්කෝ ෆ‍්‍රැන්කෝ ජූලි මස දී ස්පාඤ්ඤ සිවිල් යුද්ධය ආරම්භ කළ විට, හිට්ලර් හා මුසලෝනී ඊට සහයෝගය දැක්වූහ. දෙපාර්ශවයම නව අවි ආයුධ හා සටන් ක‍්‍රම අත්හදා බැලීමට මෙම යුද්ධය පාවිච්චි කළහ.
නැඟී ආ ආතතීන් සමග බලතල ස්ථාපනය කිරීම සඳහා විවිධ උත්සාහයන් දරන ලදී. ඔක්තෝම්බර් මස දී ජර්මනිය හා ඉතාලිය එක්ව රෝම - බර්ලින් අක්ෂය පිහිටුවා ගත් අතර ඉන් මසකට පසුව කොමියුනිස්ට්වාදය (විශේෂයෙන්ම සෝවියට් සංගමය) තර්ජනයක් ලෙස දුටු ජර්මනිය සහ ජපානය එක්ව ‘කොමියුනිස්ට්වාදයට එරෙහි එකඟත්වයට’ අත්සන් තැබීය. ඉන්පසු වසරේදී එයට ඉතාලිය ද සම්බන්ධ විය. චීනයේ කුමමින්ටැන්ග් හා අනෙකුත් කොමියුනිස්ට් බලමුළු සටන් විරාමයකට එකඟව, ජපානයට එරෙහි එක්සත් පෙරමුණක් ගොඩනංවා ගැනීමට සැලසුම් කළහ.
යුද්ධයේ ආරම්භය හා ව්‍යාප්තිය
ජර්මනිය සිය යුරෝපා සාමාජික රටවල් හා පින්ලන්තය සමග එක්ව 1941 ජුනි මස අග දී සෝවියට් සංගමය ආක‍්‍රමණය කළේය. විශාල තුවාලකරුවන් සංඛ්‍යාවක් සහිත ව දෙසැම්බර් මස වන විට ඔවුහු මොස්කව් නගරයට සමීපව සිටි අතර, යටත් කර ගැනීමට ඉතිරිව තිබුණේ ලෙනින්ග‍්‍රෑඞ් හා සේවාස්ටෝපල් යන නගර පමණි. ශීත සමය තුළ ඔවුහු සිය ප‍්‍රහාරය මඳකට නතර කළ අතර, සේවියට් සංගමය ජපානයේ මන්චුකු ඕ අසල සිටි අමතර භට පිරිස් කැඳවා ප‍්‍රති ප‍්‍රහාර එල්ල කිරීමට පටන් ගත්තේය.
මෙම ප‍්‍රහාරයෙන් පසුව එක්සත් රාජධානිය යළි සන්ධානගත වන්නට විය. ජූලි මසදී එක්සත් රාජධානිය හා සෝවියට් සංගමය එක්ව ‘ජර්මනියට එරෙහි හමුදා සහයෝගීතාව’ පිහිටුවා ගත් අතර, ඉන් ටික කලකට පසුව, පර්සියානු සැපයුම් මාර්ගය හා ඉරාන තෙල් නිධි ආරක්ෂා කර ගැනිම සඳහා ඉරානය ආක‍්‍රමණය කළහ.
අගෝස්තු මාසයේ දී එක්සත් රාජධානිය හා එක්සත් ජනපදය එක්ව පශ්චාත් යුද ලෝකය තුළ ජනතාවට සිය පාලන ක‍්‍රමය තෝරා ගැනීමට ඇති අයිතිය පිළිබඳව සඳහන් කරමින් ‘අත්ලන්තික ප‍්‍රඥප්තිය’ නිකුත් කළහ. නොවැම්බර් මස දී ජර්මනිය හා ඉතාලියට එරෙහිව පොදු රාජ්‍ය රටවල්වල හමුදාව කාන්තාරය තුළ ප‍්‍රතිප‍්‍රහාර එල්ල කිරීම ආරම්භ කළහ.
මේ අතර ආසියාව තුළ ජපානය යුද්ධයට සූදානම් වෙමින් පැවතුණි. අධිරාජ්‍ය ජනරාල් මූලස්ථානය සැලසුම් කලේ ගිනිකොණ ආසියාවේ සම්පත් භාවිත කරමින් ආරක්ෂක සටනකට සූදානම් වීම සඳහා සිය භුමි ප‍්‍රමාණය මධ්‍යම පැසිපික් කලාපය තුළ පුළුල් කර ගැනීමට ය. එමගින් එක්සත් ජනපද පැසිපික් බලමුළු මුලින්ම බල රහිත කරමින් සිය භූමිය ආරක්ෂා කර ගැනීමට ද ඔවුන්ට අවශ්‍ය විය. මේ සඳහා ජපානය 1941 දී දකුණු ඉන්දු- චීනය තුළ හමුදා බලය ලබා ගත්තේය. මේ නිසා එක්සත් ජනපදය හා එක්සත් රාජධානිය ඇතුලූ අනෙකුත් බටහිර ආණ්ඩු තමා සතු සියලූ ජපන් දේපළ සන්තකයට ගන්නා ලදී. දෙසැම්බර් 7 වන දින ජපානය බි‍්‍රතාන්‍ය, ලන්දේසි හා ඇමරිකානු භූමි වෙත ප‍්‍රහාර එල්ල කළ අතර, එම විටම ගිනිකොණ දිග ආසියානු හා මධ්‍යම පැසිපික් ප‍්‍රති ප‍්‍රහාර සහ පර්ල් හාර්බර් හි ඇමරිකානු නාවික මූලස්ථානයට එල්ල කළ ප‍්‍රහාරයද දියත් කළේය.
මේ හේතුවෙන් එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, චීනය සහ අනෙකුත් බටහිර බලමුළු ජපානයට එරෙහිව යුද ප‍්‍රකාශ කළහ. ඉතාලිය, ජර්මනිය සහ ත්‍රෛපාක්ෂික සම්මුතියේ අනෙකුත් සාමාජිකයෝ එක්සත් ජනපදයට එරෙහිව යුද ප‍්‍රකාශ කළහ. ජනවාරි මාසයේ දී එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, සෝවියට් සංගමය හා චීනය තවත් කුඩා පිටස්තර ආණ්ඩු 22ක් සමග එක්ව එක්සත් ජාතීන්ගේ ප‍්‍රකාශනය :ෘැජක්ර්එසදබඉහ ඹබසඑැා භ්එසදබි* නිකුත් කළහ. මෙමගින් අත්ලාන්තික් ප‍්‍රකාශනය තහවුරු කරන ලද අතර, සිය ඒකරාශී වීම විධිΩමත් ලෙස ඉදිරිපත් කරන ලදී. එහෙත් සෝවියට් සංගමය සම්පූර්ණයෙන්ම මෙයට එකඟ නොවුණි. එය ජපානය සමග ඇතුලූ වී මධ්‍යස්ථභාවයේ ගිවිසුම පවත්වාගෙන ගිය අතර, ස්වයං - තීරණ මූලධර්මයෙන් බැහැර විය.
1942 අපේ‍්‍රල් මස වන විට ඉතා අවම හානියක් කරමින් ගිනිකොණ දිග ආසියාව යටත් කර ගැනීමට ජපානයට හැකිවිය. එහිදී අනෙකුත් පාර්ශවයන් බුරුමයෙන් එලවා දමා, පිලිපීනය, මලයාසියා, ලන්දේසි පෙරග ඉන්දීය හා සිංගප්පූරු සිරකරුවන් විශාල ප‍්‍රමාණයක් අත්පත් කර ගැනීමට ඔවුන්ට හැකි විය. එසේම ජපානය, ඕස්ටේ‍්‍රලියාවේ ඩාර්වින් හි නාවුක මූලස්ථානයට පහර දුන් අතර, දකුණු චීන මුහුදේ, ජාවා මුහුදේ හා ඉන්දියන් සාගරයේ නැව් විශාල ප‍්‍රමාණයක් ගිල්වා දමන ලදී. ජපානයට එරෙහිව කරන ලද ප‍්‍රහාරවලින් සාර්ථක වූයේ චගේෂා ප‍්‍රහාරය නැවැත්වීම සහ අපේ‍්‍රල් මාසයේදී ටෝකියෝ වෙත එල්ල කරන ලද බෝම්බ ප‍්‍රහාරය මගින් ජපානය මානසිකව බිඳ වැට්ටවීම පමණි.
ඇමරිකාවට සබ්මැරින් යුද සටන් පිළිබඳ ව තිබූ නොහැකියාව ප‍්‍රයෝජනයට ගනිමින් ජර්මනිය ඇමරිකානු අත්ලන්තික් වෙරළට ආසන්න නැව් ගණනාවක් ගිල්වා දැමීය. ජනවාරි මාසයේ දී ඔවුහු කාන්තාරය තුළ ප‍්‍රතිප‍්‍රහාර එල්ල කිරීම ඇරඹු අතර, පෙබරවාරි මස මුල වන විට ගසාලා තීරය තුළින් බි‍්‍රතාන්‍ය හමුදා ඉවත් කර දැමූහ. සෝවියට් සංගමයේ මාර්තු වන විට ප‍්‍රහාර නතර වී තිබුණි. කාන්තාරය හා සෝවියට් සංගමය යන දෙකෙහිම බලමුළු ඉදිරි සටන්වලට සූදානම් වීමේ අරමුණින් තාවකාලිකව ජර්මනිය හා සටන් නවත්වා තිබුණි.
දෙවන ලෝක මහා සංග‍්‍රාමය ආරම්භය
දෙවන ලෝක මහා සංග‍්‍රාමය ආරම්භ වූයේ 1939 සැප්තැම්බර් 01 දින ඇඩොල්ෆ් හිට්ලර් පෝලන්තය ආක‍්‍රමණය කිරීමෙනි. සැප්තැම්බර් 03 දින වන විට බි‍්‍රතාන්‍ය හාප‍්‍රංශය ද යුද ප‍්‍රකාශ කෙළේ ය. ජර්මනිය හා එක් ව සිටි ඉතාලිය හා ජපානය මුල දී සංග‍්‍රාමයට එකතු නො වූ නමුත්, පසු ව ඔවුහු ද ඊ එක් වූ හ; බි‍්‍රතාන්‍ය ප‍්‍රංශ හමුදා සමඟ එක් ව ජර්මන් හමුදාවන්ට මුහුණ දුන් ලුවී මවුන්ට් බැට්න් සාමි ජපානය චීන මුහුදේ හා ඉන්දියන් සාගරයේ යාත‍්‍රා කළ යුද නැව් කීපයකට බෝම්බ හෙළා විනාශකොට ලංකාවේ ති‍්‍රකුණාමලය සහ කොළඹ වරායට ද බෝම්බ හෙළී ය. මේ බෝම්බ හෙළීම සියැසින් දුටු පිරිස් අදත් ජීවතුන් අතර ඇත. ජපනුන් කළ වැරැද්ද නම් ඇමරිකානු එක්සත් ජනපදයටත් බෝම්බ හෙළීම ය.
ධන බලයෙන්, පිරිස් බලයෙන් හා යුද බලයෙන් ද පරිපූර්ණ ව සිටි ඇමරිකානු එක්සත් ජනපදය, බි‍්‍රතාන්‍යයට ද අවශ්‍ය අහස් යානා, නැව් සහ යුද අවි සපයා දී මේ සංග‍්‍රාමයට එක සේ මුහුණ දුන්නේ ය.
මේ වන විට බි‍්‍රතාන්‍ය අගමැති ව සිටි වින්ස්ටන් චර්චිල් මේ යුදය ජයග‍්‍රහණය කරා මෙහෙයවනු මිස, අතර මඟ සාමදානයකට නොයන ලෙස මතවාදයක් රටපුරා ගොඩනැංවී ය. බි‍්‍රතාන්‍ය රටවැසි සියලුදෙන එකහෙළා ඒ මතයට සහාය දැක්වූ හ. ඉංගී‍්‍රසින් කිසි ම විටෙක ජර්මන්වරුන්ට යටත් නොවිය යුතු ය යන මතයෙහි මුළු රට ම විය.
1944 වන විට බුරුමයේ රැඳී සිටි ජපන් හමුදාවෝ ඉන්දියාව ද ආක‍්‍රමණය කිරීම ඇරැඹී ය. බි‍්‍රතාන්‍ය හා ඉන්දීය හමුදාවන් එක් ව බුරුම රට ජපන් ආක‍්‍රමණයෙන් ගලවා ගැනීමට සමත් විය. මේ සංග‍්‍රාමය බි‍්‍රතාන්‍යයට ජයගැනීමට හැකි වූ තීරණාත්මක සාධකය වූයේ අග්නිදිග ආසියාවේ යුද මෙහෙයුම් බළඇණි මූලස්ථානය SEAC දුම්බර බිමෙහි පිහිටුවීමට ගත් තීරණය යි.
එදා බි‍්‍රතාන්‍යයේ අගමැති වූ වින්ස්ටන් චර්චිල් විසින් 1941 ඔක්තෝබර් 27 වන දා නැඟෙනහිර ආසියා බලකායේ ප‍්‍රධාන අණදෙන නිලධාරී වශයෙන් ලුවී මවුන්ට් බැට්න් නාවික හමුදා ජෙනරාල්වරයා පත් කරන ලදී
මවුන්ට් බැට්න් යනු ඔස්ටි‍්‍රයාවේ වියානා නුවර උපන්, මුල දී බැට්න්බර්ග් නමින් හැඳින් වූ වික්ටෝරියා මහ රැජින ගේ මුණුබුරකු මෙන් ම පස්වන ජෝර්ජ් රජු ගේ දෙවැනි ඥාති සොහොයුරු රාජකීයයෙකි.
යුදය ජයගත් පසු 1947 දී ඔහු එවකට සිටි බි‍්‍රතාන්‍ය අගමැති ක්ලෙම්න්ට් ඇට්ලී විසින් ඉන්දියාවේ වයිස්රෝයිවරයා වශයෙන් පත්කරන ලදී. අද පවතින පකිස්තානයවශයෙන් ඉන්දියාව දෙකඩ කිරීම ද ඔහු ගේ අධීක්ෂණය යටතේ 1947 අගෝස්තු මස 14, 15 දිනවල සිදුවුණු
ලුවී මවුන්ට් බැට්න් සාමි යුවළ ගාන්ධිතුමා සමඟ පකිස්තානය බෙදා වෙන් කිරීමේ දී බෙදා වෙන්කර පාලනය කිරීමේ සූක්ෂ්ම න්‍යායයේ ප‍්‍රතිඵලයකි. විශ‍්‍රාමික ජීවිතයක් ගතකරන අවස්ථාවක 1979 අගෝස්තු 27 දින අයර්ලන්ත ගරිල්ලා හමුදාව විසින් ස්ලීගෝ මුහුදු වෙරලෙහි දී ඔහු මරා දැමිණි. එදා SEAC නමින් හැඳින්වූ දුම්බර පිහිටි ආසියාවේ මේ යුද මූලස්ථානය භාර ව සිටියේ ලුවී මවුන්ට් බැට්න් යුද සෙනෙවියා ය.
ඔහු දුම්බර බිමේ මෙකී මූලස්ථානයේ සිට ජයග‍්‍රහණය දක්වා ම යුද මෙහෙයුම් කි‍්‍රයාත්මක කෙළේ ය.
අග්නිදිග ආසියාවේ යුද ආඥා මූලස්ථානය -SEA
එදා ආසියාවේ මූලස්ථානයට යෝග්‍ය ප‍්‍රදේශ සොයමින් බි‍්‍රතාන්‍ය හමුදා ප‍්‍රධානයන් ආසියාකරය පීරමින් ඒ සඳහා සුදුසු ආරක්ෂක බිමක් සොයමින් සිටියෝ ය. පසු කලෙක ලංකාවේ ප‍්‍රථම මහාමාර්ග කොමසාරිස් වශයෙන් පත් වූ තෝමස් ස්කිනර් නම් ඉංජිනේරුවරයා මේ මූලස්ථානයට සුදුසු ප‍්‍රදේශයක් සොයා ගැනීමේ ප‍්‍රධාන ම භූමිකාව රඟපෑවේ ය.
හෙතෙම හමුදාවේ මේජර්වරයෙක් ද විය. තමාට සිංහල භාෂාව ඉගෙනීමට ආශාවක් ඇති වූ බැවින්, ඔහු ඒ පිළිබඳ ව එවකට මහනුවර ඒජන්ත ව සිටි ඊ.ජේ. ඩයිසන් ගේ සහාය පැතී ය.
මහනුවර සුදු ඒජන්ත ඩයිසන් ඒ සඳහා නිර්දේශ කළ ගුරුවරයා වූයේ එදා විද්‍යාර්ථ විද්‍යාලයේ සේවා කළ මහනුවර ප‍්‍රදේශයේ එවකට ප‍්‍රථම පන්තියේ සිංහල ගුරු සහතිකය මෙන් ම ඉංගී‍්‍රසි ගුරු සහතිකය ද ලබා සිටි එක ම ගුරුවරයා වූ ඇම්.බී.ඩබ්ලිව්. මැදිවක මහතා ය.
මැදිවක මහතා පසු ව පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයකු ඇමැතිවරයකු හා සෙනෙට් මන්තී‍්‍රවරයකු වශයෙන් ද ප‍්‍රදේශයට විශාල සේවාවක් සිදු කෙළේ ය. මේ වන විට ස්කිනර් ඉංජිනේරුවරයා මහනුවර දිසාපතිවරයා හා මැදිවක මහතා කුලුපග මිතුරන් බවට පත් ව සිටියෝ ය. යුදයේ උච්චතම අවස්ථාව වන විට බි‍්‍රතාන්‍ය හමුදා මූලස්ථානය පිහිටුවා තිබුණේ නවදිල්ලියේ ය.
නවදිල්ලියෙන් මූලස්ථානය ඉවත්කර ගැනීමේ අවශ්‍යතාව ඉංගී‍්‍රසින්ට තදබල ලෙස දැනෙන්නට විය. ඉංගී‍්‍රසින්ට විශ්වාසවන්ත ව ලෝක සංග‍්‍රාමය වැනි දැවැන්ත මෙහෙයුමක දී අතිශයින් රහසිගත භාවය ආරක්ෂා කිරීමට හැකි සිංහලේ නායකයකු ගේ අවශ්‍යතාව ඔවුනට පෙනී ගියේ ය.
එපමණක් නො ව අදහස් සන්නිවේදනය කරගැනීමේ භාෂා නෛපුණ්‍යය මෙහි දී අවශ්‍ය ම අංගයක් විය. නිරායාසයෙන් ම ඉංගී‍්‍රසින් ගේ මතකයට යොමු වූයේ මැදිවක නාමය භ. ඉංගී‍්‍රසි කිරිටය පමණක් නො ව යටත් විජිත අධිරාජ්‍යයේ ම පැවැත්මේ තීරණාත්මක හෝරාව දැන් එළැඹ තිබේ.
කුණ්ඩසාලේ මූලස්ථානය
ඉංගී‍්‍රසින් ගේ යුද හමුදා මූලස්ථානය ආසියාවේ රටක ස්ථානගත කිරීමේ අදහස ආණ්ඩුකාරයා හරහා මහනුවර දිසාපති මඟින් මැදිවක මහතාට දැනුම් දෙනු ලැබිණි. සිංහලේ අන්තිම රජු වූ නරේන්ද්‍රසිංහ රජතුමා ගේ කුණ්ඩසාලේ නුවර අසල පිහිටි භූමිය මේ යුද හමුදා මූලස්ථානය සඳහා සුදුසු ම ස්ථානය ලෙස බි‍්‍රතාන්‍ය හමුදා නිලධාරීන්ට පෙන්වන ලද අතර, ඒ සඳහා ඔවුන් කැටුව, ක්ෂේත‍්‍ර පරීක්ෂණයන් ද සිදුකැරිණි. තැන්නේකුඹුර පාලමෙහි සිට රජවැල්ල දක්වා වූ භූමි ප‍්‍රමාණය මේ සඳහා යොදාගන්නා ලදි.
මේ ප‍්‍රදේශයෙහි පිහිටි ඉංගී‍්‍රසි කොම්පැනිවලට මෙන් ම ස්වදේශිකයන්ට අයිති සියලු ම ඉඩම් යුද නීතිය යටතේ හමුදාව වෙත පවරා ගැනිණි. මේ ප‍්‍රදේශය තුළ පදිංචිවීමට අවසර තිබුණේ හමුදාවේ පිරිස්වලට පමණි. අවශ්‍ය සියලු ම ගොඩනැඟිලි, හමුදා නිවාස, සිනමා ශාලා හා වෙනත් පොදු පහසුකම් ශීඝ‍්‍රයෙන් ඉදිවිය. මහවැලි ගඟින් මෙගොඩ අද පොල්ගොල්ලේ විවෘත විශ්වවිද්‍යාලයය පිහිටි ඉඩමෙහි රාජකීය ගුවන් හමුදා මූලස්ථානය ඉදිවිය.
යුද හමුදා මූලස්ථාන ගොඩනැඟිලි ඉදිවූයේ කුණ්ඩසාලේ නරේන්ද්‍රසිංහ රජමාලිගා භූමියෙහි ය. හමුදාවේ පොදු සමාජ ශාලාව General Mess පිහිටුවා තිබුණේ කුණ්ඩසාල වත්තේ ප‍්‍රධාන බංගලාවේ ය. අද ඒ භූමිය අයත් වන්නේ කුණ්ඩසාලේ කෘෂිකර්ම විද්‍යාලයට ය. ගැහැනු පිරිමි දෙපක්ෂයට ම කෘෂිකර්ම අභ්‍යාස විද්‍යාලයක් ද අද එහි පිහිටුවා ඇත. මෙහි පිරිමි සිසුන් සඳහා වූ නේවාසිකාගාරයෙහි එදා සිතියම් හා මුදල් ආදිය මුද්‍රණය කළ මුද්‍රණ යන්ත‍්‍ර පිහිටුවා තිබිණි.
කුණ්ඩසාලේ පිහිටි ආසියාවේ අණදෙන මූලස්ථානයට අතිරේක ව දකුණේ කටුකුරුන්ද, බූස්ස, වීරවිල, රත්මලාන ආදි ස්ථානවල මෙන් ම සීගිරිය, මින්නේරිය, හිඟුරක්ගොඩ, ති‍්‍රකුණාමලය ආදී ස්ථානයන්හි ද එක් එක් බළකායන්ට අයත් වූ කඳවුරු පිහිටුවා තිබිණි.
එදා යුද පිටියෙහි වූවෝ ඉංගී‍්‍රසි, ඇමෙරිකන්, ගුරුකා, කාපිරි, කළුඅපි‍්‍රකා, ඉන්දීය ආදි විවිධ රටවල යුද ගුවන් හා නාවික හමුදාවෝ ය. ඉබ්බන් දමා කටවල් වසා දැමූ සොල්දාදුවන් කොටසක් ද පාර තොටවල පාගමන් සංදර්ශනවල යෙදී සිටීම එදා අප දුටු සුලබ දසුන් ය. යුදයේ අතුරු ඵලයක් වූ කාබේරි දරුවන් මෙන් ම සුදු දරුවන් ද අපේ කාන්තාවන් වෙත දායාද කර තිබෙනු එදා අපට දක්නට හැකි විය.
යුද්ධය පැතිර යෑම
මේ අවස්ථාවේ ප‍්‍රධාන අණදෙන නිලධාරී වශයෙන් හමුදා මෙහෙයුම් භාර ව සිටි විලියම් ස්ලීම් 4 වන හමුදා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරියා ද විය. ඔහු ගේ ප‍්‍රධාන නිලධාරියා මේජර් ජෙනරාල් ස්රිලින්ග් විය. මීට අතිරේක ව තවත් අනුඛණ්ඩ භාර නිලධාරීන් බොහෝ දෙනෙක් ද යුද මෙහෙයුම්වල යෙදී සිටිය හ.
මේ වන විට දරුණු සටන් පැවැතියේ ඉන්දියාවේ උතුරු නැඟෙනහිරි ප‍්‍රදේශ, ජපානයේ කොහිමා දූපත, බුරුමය, මලයාසියාව, සිංගප්පූරුව එදා අරක්කන් දේශය නමින් හැඳින්වූ චිතගොන් සහ අද ඉන්දුනීසියාව නමින් දක්නා දූපත්වල ය. ඉන්දියාව හා ලංකාව මේ වන විට බි‍්‍රතාන්‍යයට අයත් ව තිබූ අතර බුරුමය, මැලේසියාව, සිංගප්පූරුව හා අද ඉන්දුනීසියාව නමින් දක්නා දූපත් රටවල් ජපානයට අයත් විය. ජපානය මේ සටන්වල ජයග‍්‍රාහී ස්ථාවරයක සිටියේ ය.
කුණ්ඩසාලේ හමුදා මූලස්ථානය අසල භූමියෙහි සංඥා බළකා මූලස්ථානය ද පිහිටුවා තිබුණේ ය. ඒ මූලස්ථානයට දිවා රෑ නොකඩවා දිනකට සංඥා දෙදහසක් පමණ ලැබීමට හා නිකුත් කිරීමට සිදු ව තිබිණි. සාමාන්‍ය සියලු ම මෙහෙයුම් භාර ව තිබුණේ ලංකා ඉන්ෆන්ටි‍්‍ර හමුදාවට ය. (CLI). එය දැනට හාරගම වත්ත නමින් දක්නා ප‍්‍රදේශයෙහි ස්ථාන ගතකර තිබිණි. මුලින් සඳහන් කළ පොල්ගොල්ල ගුවන් හමුදා මූලස්ථානයෙන් මින්නේරිය, සීගිරිය හා පලාලේ ගුවන් හමුදා කඳවුරු පාලනය විය.
යුදය පැවැති අවස්ථාවෙහි සිවිල් සම්බන්ධීකරණ කටයුතු ප‍්‍රධානයා ලෙස ඇම්.බී.ඩබ්ලිව්. මැදිවක මහතා පත්කරනු ලැබ හමුදා කඳවුර තුළ නිවාසයක රැඳී සිටීමට අවසරලත් එක ම සිවිල් පුරවැසියා හා සිංහලයා වූයේ ද මැදිවක මහතා ය. දෙවන ලෝක සංග‍්‍රාමය ජයගත් පසු කුණ්ඩසාලේ පිහිටි යුද හමුදා කඳවුරෙහි ඉන්දුනීසියාවෙන් අල්ලාගත් ලන්දේසි අනාථයන් රඳවා තබන ලදී.
යුදය මෙහෙයවූ විලියම් ස්ලීම් පසු ව ෆීල්ඩ් මාර්ෂල් තනතුරට පත් කැරිණි. හිරු නොබසින අධිරාජ්‍යය යැයි විරුදාවලිය ලත් මහා බි‍්‍රතාන්‍යයට මේ සංග‍්‍රාමයෙහි ජයග‍්‍රහණය අත්කර දුන්නේ දුම්බර ජය භූමිය යි. එය එසේ නො වූ වද අප රට ජර්මනියේ හෝ ඉතාලියේ යටත් විජිතයක් වනු නිසැක ය.
දෙවන ලෝක යුද සමයේ භාවිත කළ රසායනික හා බැක්ටීරියා විද්‍යාත්මක ආයුධ
ජපානය විසින් භාවිත කරන ලද රසායනික වායු තහනම් කරමින් 1938 මැයි 14 වන දින ජාතීන්ගේ සංගමය ගෙන ආ යෝජනාව හා අනෙකුත් ගිවිසුම් තිබියදී ද, අධිරාජ්‍යවාදී ජපන් හමුදාව රසායනික අවි නිරන්තරයෙන්ම භාවිත කළහ. කෙසේ වුවත්, පළිගැනීමට ඉඩ ඇති හෙයින් ඔවුන් බටහිර රටවල්වලට එරෙහිව මේවා භාවිත නොකළ අතර, අධිරාජ්‍යවාදී ප‍්‍රචාරණය තුළ ‘යටත්භාවය’ සාධාරණීකරණය කළ අනෙකුත් ආසියානු රටවලට එරෙහිව පමණක් භාවිත කරන ලදී. යොෂියති යොෂිමි සහ සෙයියා මත්සුනො යන ඉතිහාසඥයින්ට අනුව, මෙම රසායනික අවි භාවිත කිරීමට නම් හිරොහිතො අධිරාජ්‍යයා විසින්ම විශේෂ නියෝගයක් නිකුත් කළ යුතු විය. නිදසුනක් ලෙස, 1938 අගෝස්තු සිට ඔක්තෝබර් දක්වා කාලය තුළ සිදු වූ වුෂාන් ආක‍්‍රමණයේ දී 375 වතාවක් විෂ වායු භාවිත කිරීමට ඔහු අවසර දී තිබේ.
1936 දී අධිරාජ්‍ය නියෝගයකින් ක්වැන්ටුන්ග් හමුදාවට එක් කරන ලද අප‍්‍රසිද්ධ 731 ඒකකය :ඹබසඑ 731* වැනි, ජපාන හමුදාවේ විවිධ ඒකක මගින් මිනිසුන් යොදාගනිමින් ජීව විද්‍යාත්මක අවි අත්හදා බලා ඇත. මේවා ප‍්‍රධාන වශයෙන් චීනයට එරෙහිව ද, 1939 නොමොන් හැන් සිදුවීමේ දී මොන්ගෝලියානු හා සෝවියට් සෙබළුන්ට එරෙහිව ද භාවිත කොට තිබේ. 2004 ඕස්ටේ‍්‍රලියානු ජාතික ලේඛනාගාරයේ දී සොයා ගන්නා ලද යොෂිමි හා යුකි මනාකාගේ ලියකියවිලිවලට අනුව, 1944 නොවැම්බර් මස දී තායිපත්වල ඕස්ටේ‍්‍රලියානු හා ලන්දේසි සිරකරුවන් අතර සයනයිඞ් වායුව අත්හදා බලා තිබේ.
බෝම්බ දැමීම
මිත්ර හා සතුරු පාර්ශවයන් විසින් සිදු කරන ලද මහා පරිමාණයේ බෝම්බ ලක්ෂ ගණන් සිවිල් ජනතාවගේ ජීවිත අහිමි කළේය. ජර්මන් නගරවල, විශේෂයෙන්ම ඩි‍්‍රස්මන් හි සිදු වූ ඇන්ග්ලෝ ඇමරිකානු බෝම්බ ප‍්‍රහාරවලින් සිවිල් ජීවිත 600,000ක් විනාශ වී ඇතැයි ගණන් බලා ඇත. 1940 සැප්තැම්බර් මස සිට 1940 මැයි මස දක්වා බි‍්‍රතාන්‍යයට එල්ල කරන ලද ජර්මන් ප‍්‍රහාර මාලාව තුළ ලන්ඩන් නගරයට බෝම්බ හෙළන ලදී. එක් අවස්ථාවකදී එක දිගට රාත‍්‍රී 57ක් නගරයට බෝම්බ හෙළා ඇත. න්‍යෂ්ටික ආයුධ භාවිත කළ ප‍්‍රථම හා එකම අවස්ථාව මෙයයි. එක්සත් ජනපදය විසින් හිරෝෂිමා වෙත ද, ඉන් දින 3කට පසුව නාගසාකි වෙත ද න්‍යාෂ්ටික බෝම්බ ප‍්‍රහාර එල්ල කරන ලදී. මෙමගින් සිදු වූ මරණ සංඛ්‍යාව 200,000ක් යයි ගණන් බලා ඇත.
අක්ෂය ඇදවැටීම - මිත්‍ර රටවල්වල ජයග්‍රහණය
1944 දෙසැම්බර් 16 දින ජර්මන් හමුදා ආර්ඩන්ස් හි දී බටහිර මිත්‍ර හමුදාවන්ට ප්‍රතිප්‍රහාර ඵල්ල කළේය. මිත්‍ර හමුදාවන්ට ඵම ප්‍රහාරය ව්‍යර්ථ කිරීමට සති හයක් ගත විය. සෝවියට්වරු හංගේරියාව හරහා පැමිණ පහර දුන්හ. ඵ් අතරේ දී ජර්මනිය, ග්‍රීසිය සහ යුගොස්ලෝවියාව අතහැර දැමුවේය. ඉතාලියේ දී මිත්‍ර හමුදා ජර්මන් හමුදාවල අරක්ෂක වැට ඉදිරියේ දුර්මුඛව සිටියේය.
1945 ජනවාරි මැද භාගයේ දී සෝවියට්වරු පෝලන්තයට පහර දුන්හ. ඔවුහු විස්ටුලා නදියෙන් ජර්මනියේ ඔඩර් නදියට ගොස් ඵතැනින් නැගෙනහිර පර්සියාව ද ඉක්මවමින් ඉදිරියට ගියහ. පෙබරවාරි 4 දින ඵක්සත් ජනපදය,බ්‍රිතාන්‍ය සහ සෝවියට් නායකයන් යෝල්ටාවේ දී මුණ ගැසුනාහ. ඔවුහු යුද්ධයෙන් පසු ජර්මනිය අත්කර ගැනීම ගැන ද ජර්මනියට ඵරෙහිව සෝවියට් සංගමය යුධ වදින්නේ කවදා ද යනුවෙන් ද ඵකඟතාවයකට පැමිණුනාහ.
පෙබරවාරියේ දී බටහිර මිත්‍ර හමුදා ජර්මනියට ඇතුළු වී රයින් නදිය වෙතට ළඟා වූහ. මේ අතර සෝවියට්වරු පොමරේනියාව සහ සිලේසියාව ආක්‍රමණය කළහ. මාර්තුවේ දී බටහිර මිත්‍ර හමුදා රයින් නදිය තරණය කොට රූර් පෙදෙසින් උතුරින් හා දකුණින් ජර්මන් හමුදා කොටුවන සේ වට කළහ. මේ අතර සෝවියට් හමුදා වියානා දක්වා ඉදිරියට පැමිණියහ. අප්‍රේල් මුලදී බටහිර මිත්‍ර හමුදා අවසාන වශයෙන් ඉතාලියෙන් ඉදිරියට ගොස් බටහිර ජර්මනිය ජයග්‍රහණය කළේය. මේ අතර අප්‍රේල් අගභාගයේ සෝවියට් හමුදා බර්ලිනයට පහර දී අල්ලා ගත්හ. අප්‍රෙල් 26 දින බටහිර හමුදා සහ සෝවියට් හමුදා ජර්මනියේ දී ඵකට ඵකතු වූහ.
අප්‍රෙල් 12 දින ඵක්සත් ජනපදයේ ජනාධිපති රුස්වෙල්ට් මිය ගියේය. ඔහුගෙන් පසු හැරී ටෲමන් ජනාධිපති පදවියට පත් විය. ඉතාලි පාක්ෂිකයින් විසින් අප්‍රේල් 28 දින මුසෝලිනි මරා දමනු ලැබීය. දෙදිනකට පසු හිට්ලර් වෙඩි තබා ගෙන සිය දිවි හානි කර ගත්තේය. ජර්මානු හමුදා ඉතාලියේ දී අප්‍රේල් 29 දින යටත් වූ අතර මැයි 7 වෙනිදා ජර්මනිය යටත් විය.
පැසිපික් කලාපයේ දී 1944 අවසානයේ දී පමණ ‘ලෙයිටෙ’හි බාධක ඉවත් කරමින් ඇමෙරිකන් හමුදා ඉදිරියට ගියේය. ඔව්හු 1945 ජනවාරි ලූසෝන් වෙතද මාර්තුවේදී මින්දනාඕ වෙතද ගොඩ බැස්සාහ. බ්‍රිතාන්‍ය සහ චීන හමුදා ඔක්තෝබර් සිට මාර්තු දක්වා කාළය තුළ උතුරු බුරුමයෙන් ජපානය පලවා හැරියේය. අනතුරුව මාර්තු 3 වැනිදා වන විට බ්‍රිතාන්‍යය රැන්ගුන් දක්වා ඉදිරියට සීඝ්‍රයෙන් ගියේය.
නාගසාකි න්‍යෂ්ටික පිපිරුම
ඇමෙරිකන් හමුදාවන්ද ජපානය දෙසට ගියේ මාර්තු වන විට ‘ඉවො ජිමා’ සහ ජුනි වන විට ‘ඔකිනාවා’ ග්‍රහණය කර ගනිමිනි. ඇමෙරිකන් යුධ ගුවන් යානා ජපන් නගර වලට බෝම්බ ප්‍රහාර ඵල්ල කොට ඵ්වා විනාශ කළහ. ඇමෙරිකන් සබ්මැරීන් හමුදාව විසින් ජපානයේ ආනයන කටයුතු නවතා දැමුවේය. ඵහෙත් ජපන් නායකයින් දිගටම සටන් කළ යුතු යැයි තීරණය කළේ මිත්‍ර හමුදාවන් පරාජය කොට අනතුරුව සාම කථා පැවැත්වීමේ අදහසිනි.
ජුලි 11 දින මිත්‍ර රටවල්වල නායකයෝ ජර්මනියේ පෝට්ස්ඩෑම්හි දී හමූවූහ. ඔවුහු කලින් ජර්මනිය සම්බන්ධයෙන් තිබූ ගිවිසුමක් නැවත ස්ථිර කරමින් කොන්දේසි විරහිතව යටත්වන ලෙස ජපානයෙන් දිගින් දිගටම ඉල්ලා සිටියේ “ජපානයට ඉක්මන් විකල්පයක් සහ සම්පූර්ණ විනාශයක් අවශ්‍යයි” යනුවෙන්ද ප්‍රකාශ කරමිනි. මෙම සාකච්ඡා අතර වාරයේ බ්‍රිතාන්‍යය ඵහි මැතිවරණයක් පැවැත් වූ අතර ඵයින් චර්චිල් වෙනුවට ක්ලෙමන්ට් ඇට්ලි අගමැතිවරයා වශයෙන් තේරී පත් විය.
ජපානය පෝස්ට්ඩෑම් කොන්දේසි ප්‍රතික්ෂේප කළේය. ඇමරිකානු එක්සත් ජනපදය අගෝස්තු 6 හිරෝෂිමාවට ද අගෝස්තු 9 නාගසාකි නගරයට ද බෝම්බ දැමූහ. අගෝස්තු 8 වැනිදා සෝවියට් දේශය මැන්චූරියාව ආක්‍රමණය කළේ යෝල්ටාවේ දී ඵකඟ වූ පරිද්දෙනි. යුද්ධය නිමා කරමින් 1945 අගෝස්තු 15 දින ජපානය යටත්විය.
යුද අධිකරණ
1945 සිට 1951 දක්වා ජර්මන් හා ජපාන නිලධාරීහූ යුද අපරාධ පිළිබඳ ව චෝදනා ලැබූහ. එම චෝදනා වූයේ සාමයට එරෙහි අපරාධ, මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ, සටන්වලට මුල පිරීම හා වෙනත් ඒවාය. බොහෝ ජර්මානු නිලධාරීන් නියුරන්බර්ග් යුද අධිකරණය තුළ ද, ජපන් නිලධාරීන් ටෝකියෝ යුද අපරාධ අධිකරණය සහ ආසියා පැසිපික් කලාපයේ අනෙකුත් යුද අපරාධ අධිකරණවලදී ද විනිශ්චයට බඳුන් කෙරිණි. අනෙකුත් බොහෝ පහළ නිලධාරීන් නියුරන්බර්ග් විනිශ්චය සභාවට පසුව ඇති කළ විනිශ්චය සභා, ඩචවු අධිකරණය :ෘ්ජය්ම* සහ කබරොව්ස්ක් යුද අපරාධ අධිකරණය වැනි කුඩා අධිකරණ තුළ විනිශ්චයට ලක් කෙරිණි. ජාත්‍යන්තර නීතිය ඒකාබද්ධ උල්ලංඝනය කිරීම (විශේෂයෙන්ම 1939 පෝලන්තය විසින් සෝවියට් සංගමය ආක‍්‍රමණය කිරීම) හෝ ඒකාබද්ධ යුද අපරාධ සිදු කිරීම (සතුරු රටවලට බෝම්බ හෙළිම හෝ නැගෙනහිර යුරෝපය තුළ සෝවියට් කෲර ක‍්‍රියා) සම්බන්ධව සැලකිය යුතු විනිශ්චයන් සිදු නොවීය.
දෙවන ලෝක මහා සංග්‍රාමයේ ප්‍රතිඵල
- මියගිය සංඛ්‍යාව එක්කෝටි හැත්තෑ ලක්ෂයක් පමණවන අතර ප‍්‍රංශය, ඉතාලිය, ජර්මනිය ආදී රටවල නගර විශාල සංඛ්‍යාවක් නටබුන් විණි.
- ජර්මනිය නැගෙනගිර හා බටහිර ලෙස දෙකඩ විණි.
- ඇමරිකා එක්සත් ජනපදය හා රුසියාව සුපිරි බලවතුන් ලෙස නැගී සිටියහ.
- බ.ජර්මනිය හා ජපානය ගොඩනැඟීමට මාෂල් සැලැස්ම ක්‍රියාත්මක වීණි.
- බ්‍රිතාන්‍යය හා ප‍්‍රංශය තම යටත්විජිතවලට නිදහස දිනි.
- ලෝක සාමය ආරක්ෂාකර ගැනීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය ක්‍රියාත්මක කෙරිණි.
දෙවන ලෝක මහා සංග්‍රාමයෙන් පසු
දෙවන ලෝක යුද්‍ධයෙහි නිමාව සිට දළ වශයෙන් 1960 දශකයෙහි අගබාගය හා 1970 දශකයේ මුල් භාගය වන කාලය තුල ඇමෙරිකානු ඉතිහාසයේ ඉතාමත්ම ජනප්‍රිය කෘතින්ගේ එලිදැක්වීම සිදුවිය. අවසන් යථාර්තවාදි නුතන අදහස් දරන්නන් සහ හණමිටි සමාජය අප්‍රිය කළ කරුණු ප්‍රේමාන්විතයින් මේ කාලය තුල පෙරමුණ ගත් අතර, ඔවුන්ගේ කාර්යයට දෙවන ලෝක යුද්ධයට ඇරමරිකාව හවුල් කිරිමට විත්ත්කරුවන් වුවන්ගේ බලපෑම ද නොමැද විය.
ජේ.ඩී සැලින්ගර් හේ Nine Stories හා The Catcher හා the Rye වැනි කෘතින් ගේ සිට ශිල්පාය ප්ළාත්ගේ The Bell Jor වැනි කෘතින් දක්වා වු නිර්මාණ, ඇමරිකානු එක්සත් ජනපදයේ උමතුව ජාතියේ සාහිත්‍යමය ප්‍රමුඛස්ථානයට ගෙන ඒමට හවුල්විය. වෙනත් රටවලින් ඇමරිකානු එක්සත් ජනපදයට පදිංචියට පැමිණි එලදිමිර් නෝබෝකොන් වැනි කතුවරැන් Lolita වැනි කෘතින් මගින් මෙම මාතෘකාව ඉදිරියට ගෙන ගිය අතර, එම කාලය තුලදිම ඉහත දැක්වු තරුණ ප්‍රේමාන්විතයින් ඔවුන්ගේ Lost පුර්වජයන්ගෙන් සංවිධානාත්මක පියවරක් ඉවතට තැබීය.
නිව්යෝර්ක් නුවර හා කොලොම්බියා සරසවිය ආශ්‍රිතව ගොඩනැගී යම් කාලයකට පසු සැන් ෆ්‍රෙන්සිස්කෝ නුවර නිල වශයෙන් පිහිටවනු ලැබු බුද්ධිමතුන්ගේ කව මගින් බිහිවු Beat Generation හි කවි හා ප්‍රබන්ධ කරලියට පැමිණියහ. Beat යන පදය 'ජෑස්' සංගීතයේ ප්‍රතිවරැද්ධ සංස්කෘතික රිද්මයටත්, යුද්ධයෙන් පසුවත් පැවති වෙනස්වීම් වලට ඇති අකමැත්ත කෙරෙහි වු කැරලිකාර ස්වභාවයත්, මත්ද්‍රව්‍ය, මත්පැන් දර්ශනවාසය හා සෙන් බෞද්ධාගම ප්‍රමුඛ ආගම් වලින් ලැබුනු නව ආත්මීය අත්දැකීමුත් සහ සියල්ලම හැදින්විමට සාමුහිකව භාවිත කරන ලදී. ඇලන් ජින්ස්බර්ග් විසින් ඔහුගේ Howl නම් කවිය මගින් මෙම යාන්ත්‍රණයට අවශ්‍ය තාලය සපයන ලදි. මාගේ පරම්පරාවේ සුවිශේෂම බුද්ධිමතුන් උමතුව මගින් විනාශ වනු මම දුටිමි... ලෙස ආරම්භ වු මෙම කවිය වෝල්ට් විට්මෑන්ගේ කෘතින්ට සමානකමක් දැක්විය. මේ කාලය තුලදීම ඇලන් ජින්ස්බර්ගේ මිත්‍රයෙකු වු ජැක් කොරොවුවැක් (1922-1969) ගේ ජනප්‍රියම නවකථාව වන The Road මගින් Beats ලෙස හැදින්වුවන්ගේ විනෝදකාමී, බාහිර බලපෑම් රහිත, ස්ථර පදිංචියක් පවා නැති ජීවින විග්‍රහ කරන ලදි. දෙවන ලෝක යුද්ධයට පසු සමය යුද්ධ නවකථා සම්බන්ධව නම් ඇමරිකානු එක්සත් ජනපදය තුල විශාල සංගීත්‍යමය පිබිදිමක් ඇති වු සමයක් විය. නෝමන් මේලර් ගේ The Naked and the dead (1948) ජෝසප් හෙලර්ගගේ Catch -22 (1961) සහ කර්ථ වොන්නෙගට් ජුනියර්ගේ Slaughter House- Five (1969) වැනි කෘතින් මේ කාලය තුලදී ඉතාමත් ජනප්‍රිය වු කෘතින් අතුරින් කිහිපයකි. බාබරා ගාර්කන් විසින් රචිත Mac Bird කෘතිය යුද්ධයෙන් නිරර්ථක භාවය විදහාපාන තවත් කෘතියක් විය.
සංසන්දනාත්මකව බැලු කල, ජෝන් අප්බයික් ඇමෙරිකානු ජීවිතයේ ගැමි ජීවිතය අලංකාරව විස්තර කිරිමක් ලෙස සැලකිය හැකි කෘතින් නිහඩ එහෙත් පෙරලිකාර රචනා ශෛලියකින් ඉදිරිපත් කලේය. ඇමෙරිකානු මධ්‍යම පන්තියෙහි කුඩා තොරතුරු පවා චරිතයට නැගීම නිසා 1960 දි රචිත Robbit Run නමැති කෘතිය නවමු අත්දැකිමක් විය. මෙම නවකථාව වර්ථමාන කාලය එහි කථා විස්තරයට යොදාගත් පළමු නවකතා කිහිපය අතරින් එකක් ලෙස ද සැලකේ.
ෆ්ලැන්නරි ඕ'කොනර් (උපත - මාර්තු 25, 1925 ජෝර්ජියාව, විපත - අගෝස්තු 3 1964 ජෝර්ජියාව) විසින්ද මාර්ක් ට්වේන් වැනි ඇමෙරිකානු සංහිත්‍රයේ ප්‍රමුඛ කතුවරැන්ට ඉතා සමීප මාතෘකාවක් වු දකුණු පලාත සහ මාතෘකාව පිරික්සීමට ලක්කොට සංවර්ධනය කරන ලදි.
දෙවන ලෝක යුද්ධය
Posted by : Unknown

