Posted by : Unknown Sunday, June 12, 2016

විශ්වය

Constellation Fornax, EXtreme Deep Field.jpgවිශ්වය යන වදන අසන බොහෝ දෙනෙකු සිතන්නේ එය ඈත අභ්‍යවකාශයේ අැති දෙයක් ලෙසිනි. එය එසේ නොවේ. විශ්වය යයි කී විට ඔබට පෙනෙන, නොපෙනෙන, ඇසෙන, නොඇසෙන ආදී වූ සියල්ල අයත්ය. ඔබේ ගෙය, ගම, නගරය හා රට විශ්වයට අයත්ය.
Milky Way IR Spitzer.jpg
විද්‍යාඥයෝ මේ විශ්වයේ ස්වභාවය හා එය ආරම්භ වූ ආකාරය ගැන ගවේෂණ රැසක් සිදු කොට ඇත. ඔවුන් ඒ ගැන යම් යම් කරුණු දැනගෙන අැතත් බොහෝ දේ දැනගෙන නැත. ඔවුන්ට විශ්වය ගැන සියලු දේ දැනගන්නට හැකි වේද?, එය කළ හැකිද? කියා කිසිවකුට කීමට නුපුළුවන.
විශ්වය නිර්මාණය වී අති ප්‍රධාන කොටස් ලෙස විද්‍යාඥයින් සලකන්නේ චක්‍රාවාටයි. අප වෙසෙන පෘථිවිය අයත් වන්නේද එවන් චක්‍රාවාටයකටය.චක්‍රාවාටයකට තාරකා බිලියන ගණනක් ඇතුලත්ය. අප වෙසෙන පෘථිවිය අයත් චක්‍රාවාටයේ තරු බිලියන සියයක් පමණ ඇතයි පැවසේ. ඊට ක්ෂීරපථය යන නම භාවිතා කරයි.
විද්‍යාඥයන් පවසන පරිදී චක්‍රාවාට කිහිපයක් එක්ව තැනුණු චක්‍රාවාට පොකුරු ඇත. ගෝලාකාර, විවෘත, ඉලිප්සාකාර, සර්පිලාකාර, ලිහිල්, සලාවැටුම් ආකාර වැනි විවිධ කාණ්ඩ වලට අයත් චක්‍රාවාට පොකුරු අතැයි විද්‍යාඥයින් පවසයි.
අප අයත් චක්‍රාවාටය ඇති ප්‍රදේශයේ මැගලයින් ක්ලවුඩ්, මහා වලසා, ස්කල්ප්ටර් ඩ්‍රැකෝ, ඇන්ඩ්‍රොමීඩා හා ලියෝ ආදී චක්‍රාවාට සමූහයක් ඇතැයි පැවසේ. ඒ හැම "ස්ථානීය" කණ්ඩායම යන නමින් "පොකුරක්" සේ හැඳින්වේ. එවන් පොකුරු රැසක් එක්වීමෙන් සුපිරි පොකුරක් සෑදේ.
1917 දී ඇල්බට් අයින්ස්ටයින් ඉදිරිපත් කළ සාපේක්ෂතා වාදය ඔස්සේ සිත මෙහෙය වූ රුසියානු යුදෙව් ජාතික ඇලෙක්සැන්ඩර් ෆ්‍රීඩ්මාන් විශ්වයේ ඇතිචක්‍රාවාට එකිනෙකින් ඈත් වෙමින් පවතින බව ප්‍රකාශ කළේය. එඩ්වින් පි. හබල් හා මිල්ටන් හියුමේසන් යන තාරකා විද්‍යාඥයින් දෙදෙනා 1929 දී ඒ අදහස වඩාත් පැහැදිලි කොට තහවුරු කොට තිබේ.

විශ්වය යනු කුමක්ද?


විශ්වය යනු ඉමක් කොනක්, කෙලවරක් දැකගත නොහැකි මන්දාකිනි හෙවත් චක්‍රාවාට සමූහයකි. විශ්වයට නිහාරිකා, චක්‍රාවාට, තාරකා, ග්‍රහලෝක, ධූමකේතු, ග්‍රාහක, වායු, දූවිලි ආදී අද පවත්නා සියලු දේ අයත්ය. මෙතෙක් පැවති සහ අනාගතයේ පවත්නා දෙවල්ද ඊට අයත්ය.

මීට සියවසකට පෙර විද්‍යාඥයන් විශ්වාස කළේ සම්පූර්ණ විශ්වය යනු ක්ෂීර පථ මන්දාකිනිය පමණක් බවයි. කෙසේවෙතත් 20වන සියවසේදී තාරකා විද්‍යාවේ භෞතික විද්‍යාවේ හා තාක්ෂණයේ දියුණුවත් සමඟම විශ්වය කොතරම් විශාලද කියා තේරුම්ගන්න පටන්ගත්තා. නමුත් විශ්වය පිළිබඳ සියලුම කාරණා අවබෝධ කරගැනීමට ඔවුන්ට හැකි වී නැති බව ඔවුන් පිළිගන්නවා. උදාහරණයකට මෑත දශක කිහිපය ඇතුළත ඔවුන් වටහාගෙන තිබෙන දෙයක් නම් විශ්වය පිළිබඳ නොදන්නා කාරණා සියයට 90කට වඩා තිබෙන බවයි. මේ නිසා මෙතෙක් පිළිගෙන තිබූ භෞතික න්‍යායන්වල නිරවද්‍යතාව පිළිබඳවද ඔවුන් තුළ සැක මතු වී තිබෙනවා.
භෞතික විද්‍යාඥයන් විසින් 19වන සියවස අග භාගයේදී ආලෝකයේ වේගය පිළිබඳ නව සොයාගැනීම් අනාවරණය කළා. මේ පිළිබඳව මනුෂ්‍යයන්ට නොයෙකුත් දේ පැහැදිලි කළේ ප්‍රසිද්ධ විද්‍යාඥයෙක් වන ඇල්බට් අයින්ස්ටයින් විසිනුයි. ඔහු සොයාගත්තේ සියලුම චලිත සාපේක්ෂ බවයි. මෙය හැඳින්වූයේ සාපේක්ෂතා වාදය ලෙසයි. මෙම සාපේක්ෂතා වාදය ගොඩනැඟීම සඳහා අයිසැක් නිව්ටන් විසින් භෞතික විද්‍යාව පිළිබඳව ප්‍රකාශයට පත් කළ නීති රීති අයින්ස්ටයින් නැවත සංශෝදනය කර යොදාගත්තා.
මීලග ලිපියෙන් විශ්වයේ උපත පිලිබද පලාපොරොත්තු වන්න

Leave a Reply

අදහස්

Subscribe to Posts | Subscribe to Comments

- Copyright © දැනුම කරා - Blogger Templates - Powered by Blogger - Designed by Johanes Djogan -