වාරි කර්මාන්තයේ විකාශනය

ක්‍රි.ව 6 වන සියවසේ ඡලාශ්‍රිත ප්‍රදේශවල ආර්ය ජනපද පිහිටා තිබු බව මහාවංශටීකාවේ දෑක්වේ. වාරීමාර්ග මුල් යුගයේ ගම් වැව් ලෙස නිර්මාණය විය. ක්‍රි.පු 6 වන සියවසේ විජය කුමරෑ සමඟ අනුරාධ ඈමතියා විසින් කුඩා ගම් වැවක් ඉදිකළ බව මහාවංශයේ දෑක්වේ. වාරිකර්මාන්තයේ වර්ධනය නදී පද්ධතීන් 03 ක් මුල්කොට ගෙන විකාශනය විය.
  1. මල්වතු ඔය සහ කලා ඔය නදී පද්ධතිය
  2. වළවේ සහ කිරිඳි ඔය නදී පද්ධතිය
  3. අඹන් ගග සහ මහවෑලි නදී පද්ධතිය
රජරට ශිෂ්ටාචාරයේ මල්වතුඔය හා කලා ඔය නදී පද්ධතිය මුල් කොටගෙන වර්ධනය වු වැව් හා ඈළ මාර්ග වන්නේ යෝධ වැව,මහගල්කඩවල වැව,නුවර වැව,මහකණදරා වැව,පත්තපාසාන වැව,මහවිලච්ච්ය වැව,කලා වැව වෑදගත්ය. කලා වැවේ සීට අනුරාධපුරයේ තිසා වැවට ජලය ගෙන ගියේ සෑතපුම් 54 දිගැති ජය ගග මගිනි. අඹන් ගග හා මහවැලි ගග මුල් කොට ගෙන වැව් අමුණු නිර්මාණය විය. 1වන අග්ග‍බෝධ් රඡු මහවෑලි ගග මුල් කොටගෙන මණිමේඛලා අමුණ හා මින්නේරි වැවේන් ගලා බසින විශාල ඇළක් නිර්මාණය කර ඇත. මහවෑලි ගගේ ශාඛාවක් වු කඵ ගග හරහා හත්තොට අමුණ බෑදීමෙන් ගිරිතලේ හා කන්තලේ වැව්වලට ජලය සපයා ඇත. පරාක්‍රම සමුද්‍රය ,එරබඳු වැව, දුබුටුළු වැව,තෝපා වැව,යන වැව් 3 ඵක් කොට මහා පරාක්‍රමබාහු රජ විසින් නිර්මාණය කර ඇත.

වැවු වර්ගීකරණය

  • ගම් වැවු
  • මහ වැවු
  • කුළු වැවු

වැවක අංග

වැවක අංග

ඉහත්තාව

තාවුල්ල සහ දෙණිකඩ

පෝටා වැටිය

වෑ කන්ද සහ රැළපනාව

පිට වාන

වැව් පතුල සහ වැව් (ජල) තලය

හොරොවුව

වැවකින් ජලය බෙදා හැරිමේදි ඇති විය හැකි පීඩනයෙන් වේල්ල ආරක්ෂා කර ගැනීමේදි උපක්‍රමයකි. චූල වංශය අනුව බිසෝ කොටුව කොටස් 03 කට බෙදන ලදී.
  1. වැවෙන් ළිඳට වතුර බසින බෝක්කුවක්
  2. ළිඳේ සිට බන්ධනයෙහි පිටස්තර බෑවුමෙහි අඩිය දක්වා බඳින ලද ජලය පිට කරන ‍‍බෝක්කුවක්
  3. ගැඹුරට කනින ලද විවෘත ඝෘඡුකෝණාඝ්‍ර ළිඳක් හෝ වළක් බිසෝ කොටුවේ දිය මුදා හරිනු ලබන දොරෙහි විවරය ලොකු කිරීමට හෝ කුඩා කිරීමට ඔසවන හා පහත් කරන උපකරණය"මොහොල,නම්වේ.
පරණවිතාන මහතා දක්වන්නේ සොරොව්ව හරහා බැහැර කරනු ලබන වැව් ජලයේ වේගය බිඳ දැමිම බිසෝ කොටුවේ ප්‍රධාන කාර්යය බවයි

ඇළ

වැවක ඵක් රැස් කරගත් ජලය කුඹුරැ වලට බෙදා හැරිම සඳහා සකස් කර ගත් ක්‍රමයකි. පැරණි වාරි ශිල්පින් ඇළමාර්ග පද්ධතියේ කාර්යය ප්‍රමාණය අනුව කොටස් 03 වර්ග කර ඇත.
  1. වැවේ ජලය කුඹුරු වලට බෙදා හැරිමේ ඇළ මාර්ගය.
  2. ගගක් හා ඔයක් හරහා අමුණක් බැඳඉන් ලබා ගන්නා ජලය වැවට ගෙන යාම සඳහා තනනු ලැබු ඇළ මාර්ගය
  3. බෙදාහරින ඇළමාර්ගයකින් ලියඳි වලට ජලය ලබා ගැනිමේ අතුරැ මාර්ගය
ලෝකයේ ව්ශිෂ්ඨ ජල තාක්ෂණයක් සැතපුමකට අගල් 1ක බෑවුමක,පළමු සැතපුම්18 තුළ ඇතිවනසේ අනුරාධපුර තිසා වෑව තෙක් සැතපුම්54 දිගට කනින ලද යෝධ ඇළ ධාතුසේන රඡු කල තිබු තාක්ෂණික දියුණුවයි.

වෑ කන්ද (වැව් බැම්ම)

වැව් බැම්ම තුළින් ජලය සුරක්ෂිතව තබා ගැනිම සිදුවේ.(වැවක ජලය රඳවා ගැනීම) සියළු වැව් වල වැව් බැම්මේ ඇතුල් පැත්ත මෙන්ම පිට පැත්තද බෑවුම් වන ලෙස ඉදි කොට ඇති අතර ඵසේ නිර්මාණය කොට ඇත්තේ ජල ධාරිතාව නිසාවැව් බැම්මට වන හානිය වළක්වා ගැනීමටයි.
වැව්.jpg

වාන් ක්‍රමය

ඇළ මාර්ගය ජලයෙන් පිරැණු අවස්ථාවලදි අතිරික්ත ජලය ගලායාම සඳහා ගලින් නිර්මාණය කොට අැති වාන් ක්‍රම දැක්වේ. ඇළ මාර්ගයෙහි වේගයෙන් ජලය ගලා යන බෑවුම් සහිත ස්ථානයෙහි වේල්ල ආරක්ෂා කිරිම සඳහා ගල්වාන් යොදා ඇත.

සොරොව්ව / බිසෝ‍‍කොටුව

වැවේ ජලය මනා පාලනයකින් යුතුව ඇළ මාර්ග වලට මුදා හැරීම සඳහා යොදා ගන්නේ මෙයයි. සොරොව් වර්ග 03ක් දැකිය හැක.
  1. සොරොව්වේ ළිඳ ඇතුළට ජලය ගැනීම සඳහා එක් මගක්ද ජලය පිටට ගෙන යාම සඳහා එක්මගක්ද ජලය පිටට ගෙන යාමට එක් මගක්ද දැක්වේ.

    P025B094.JPG


  1. ඇතුළට ජලය ගැනීමට ඇළ මාර්ග 02න්ද ,පිටාරය සඳහා ඇළ මාර්ග 02ක්ද
  2. ඇතුළට ජලය ගන්නා එක් මගක්ද පිටට ජලය ගන්නා මාර්ග 02ක්ද ඇති සොරොව්

සමෝච්චකරණය

ක්‍රි.ව1 ශත වර්ෂයේ සිටම ලංකාවේ භූමිය මැනීම හා සම කිරිම පිළිඳව පුළුල් ඥනයක් තිබු බව පැහැදිලිවේ.

වාරි මාර්ග නඩත්තුව හා පාලනය

P025B094.JPG
  1. වැව් බැම්වල ගස් කැපීම
  2. ගවයන් දක්කා ගෙන යාම
  3. පැරණි බ්‍රහ්මීය ලිපි 2ක "අනගත""අවියක"යනු වාරි ඉංජිනේරැවෙකු හා ඇළවල් භාර නිලධාරියෙකි.-සෙනරත් පරණවිතාන.
  4. දොළොස්මහා වෑ තැන-වැව් පාලන සංවිධානය-(ඩබ්ලිව්.නිකලස්)
  5. IIවන සේන රජට අයත් ශිලා ලිපිය-"වෑවැඡෑරෑම්" (වාරි කර්මාන්ත සම්බන්ධ විධායක නිළධාරියෙකු)"වෙල් කැව්"නිළධාරියා-දිය පාලනය,නෙලීම්,සී සෑම

වාරිකර්මාන්ත සඳහා අය කළ බඳු

  1. දිය බද්ද
  2. දිය බදු
  3. ඇළමාර්ග

අපේ තාක්ෂණය පෙන්වන වැව

Posted by : Unknown
Monday, June 27, 2016
0 Comments

  එන්න දැන් සිනි වලත් බදු වැඩි කරන්න යන්නෙ
අපි පොඩ්ඩක් බලමුද මොනවද මේ සිනි කියල

සීනි යනු රසායනික, පැණි රස ගණයට අයත්, බොහෝවිට ආහාර සඳහා යොදාගනු ලබන ද්‍රව්‍යකට භාවිතා කරන පොදු නමකි. එය කාබන්,හයිඩ්‍රජන් සහ ඔක්සිජන් වලින් සැඳුම් ලත් කාබෝහයිඩ්‍රේට ය. විවිධ මූලාශ්‍ර වලින් ලැබෙන විවිධ වර්ගයේ සීනි ඇත. සාමාන්‍ය සීනි මොනොසැක්‍රයිඩ නමින් හඳුන්වන අතර එහි ග්ලූකෝස් (ඩෙක්ස්ට්‍රෝස් නමින්ඳ මෙය හඳුන්වයි), ෆෲක්ටෝස් සහ ග්ලැක්ටෝස් අඩංගු වේ. ආහාරයන් සඳහා සිරිත් පරිදි/චාරිත්‍රානුකූලව යොදා ගන්නා මදක් කැටිගැසුණු හෝ රළු සීනි බෝහෝ විට සුක්‍රෝස්, එනම් ඩයිසැකරයිඩය (ශරීරය තුලදී සුක්‍රෝස්, ෆෲක්ටෝස් සහ ග්ලුකෝස් බවට විච්ඡේදනය වේ). අනෙකුත් ඩයිසැකරයිඩ වර්ග මෝල්ටෝස් හා ලැක්ටෝස් වේ. රසායනික අතින් වෙනස් පැණි රස ද්‍රව්‍යය තිබුන ද, ඒවා සීනි යන නාමය යටතේ වර්ගීකරණය නොකෙරේ. කෘතිම රසකාරකවල විස්තර කර ඇති පරිදි ඉන් සමහරක් සීනි ආදේශකයක් ලෙස අඩු කැලරි සහිත ආහාර සඳහා භාවිතා කෙරේ.
සීනි, බෝහෝ ශාක පටක වල සොයාගැනීමට තිබුනද, කාර්ය​ක්ශමව නිස්සාරණයට ප්‍රමාණවත් සාන්ද්‍රයක් සහිතව සොයාගත හැක්කේ උක් ගසෙන් සහ ශුගර් බීට් නැමති සීනි බහුලව පවතින අල වර්ගයකිනි. උක් ගස යනු ඈත අතීතයේ සිටම නිවර්තන දේශගුණයේ වගා කරනු ලබන විශාල තෘණ වර්ගයකි. බටහිර ඉන්දීය කොදෙව් දූපත්වල හා ඇමෙරිකාවේ සීනි වගාවට අවශ්‍ය වට​පිටාව​ සැකසීමත් සමඟ 18 වන සියවසේදී එහි නිෂ්පාදනයේ විශාල ප්‍රසාරණයක් ඇති විය. මෙය ආහාර පැණි රස කිරීම සඳහා පෙරාතුව පැණි යොදාගත් සාමාන්‍ය ජනතාවට සීනි ප්‍රයෝජනයට ගැනීමට හැකියාව​ ලැබුණු ප්‍රථම අවස්ථාවයි. අල බෝගයක් වන ශුගර් බීට් යන්න ශීත දේශගුණයේ වගා කල අතර 19 වන සියවසේ සීනි ලබා ගැනීමේ ප්‍රධාන මූලාශ්‍රය බවට පත් විය. සීනි නිෂ්පාදනයේ සහ වෙළදාමේ පියවර මිනිස් ඉතිහාසයේ විවිධ වශයෙන් වෙනස්කම් වලට භාජනය වී ඇත. එය ජනපද බිහිවීම, වහල්භාවය, ගිවිසුමකට බැඳී සිටින ශ්‍රමයට පරිවර්තනය, පුද්ගල සංක්‍රමන, 19 වන සියවසේ සීනි වෙළදාම පාලනය කරන රටවල් අතර ගැටුම් සහ නව ලෝකයේ ජන වාර්ගික සංයුතිය හා දේශපාලන ව්‍යුහය බලපෑම් ඇති කරන ලදී.
2011 වසරේදී ලෝකයේ සීනි නිශ්පාදනය ටොන් මිලියන 168 කි. සාමාන්‍ය මිනිසෙකුගේ වාර්ෂික සීනි පරිභෝජනය කිලෝග්‍රෑම් 24 (කාර්මික රටවල කිලෝග්‍රෑම් 33.1) කි. එය එක් මිනිසෙක් සඳහා එක් දවසකට කැලරි 260 ට වැඩි ආහාර ප්‍රමාණයකට සමාන වේ. සීනි වලින් ජවයක් ලැබෙන අතර ඉන් කැලරි හෝ පෝෂණයක් නොලැබේ.
විසිවන සියවසේ අග භාගයේ සිට සීනි අධික ආහාර, විශේෂයෙන්ම ශෝධිත සීනි ශරීර සුවතාවය සඳහා නරකද යන්න පිලිබඳව සැකයක් පැවතිණි. සීනි භාවිතය තරබාරුකමට හා දියවැඩියාව ඇතිවීමේ සැකය සමඟ, හර්ද රෝග, ඩිමෙන්ශියාව, ඇස් නොපෙනී යාම සහ දත් දිරා යාම හා සම්බන්ධ වී පවතී. මේ තත්වය පැහැදිලි කර ගැනීමට බොහෝ විචාර කර ඇති නමුත් එහි ප්‍රතිථල විශාල වශයෙන් නොපැහැදිලි තත්වයක පවතී. පාලකයක් ලෙස, සීනි භවිතා නොකරන ජනතාව සොයා ගැනීමට හැකි වීම මෙසේ වීමට ප්‍රධාන හේතුවකි.

රසායනික සංයුතිය[සංස්කරණය කරන්න]

සුක්‍රෝස්: ග්ලූකෝස් හි ඩයිසැකරයිඩය​ (වම​) සහ​ ෆෲක්ටෝස් (දකුණ), ශරීරයේ ඇති වැදගත් අණු.
විද්‍යානුකූලව, සීනි යනු මොනොසැක්‍රයිඩ, ඩයිසැකරයිඩ හෝ ඔලිගොසැක්‍රයිඩ වැනි කාබෝහයිඩ්‍රේට කිහිපයකටය. මොනොසැක්‍රයිඩ “සාමාන්‍ය සීනි” ලෙසද හදුන්වන අතර එය ග්ලූකෝස් සදහා වුවමනාය. සෑම සීනි වර්ගයක් සදහාම වාගේ CnH2nOn (n 3 ත් 7 ත් අතරය) සූත්‍රය තිබේ. ග්ලූකෝස්හි අණුක සූත්‍රය C6H12O6 වේ. ඉංග්‍රීසි භාශාවෙන් ලියන විට සීනි යන වචනයේ අග කොටස "glucose", "dextrose", හා "fructose" වල පරිදි "-ose" වලින් අවසන් වේ. සමහර අවස්ථාවලදී ජලයේ දිය කල හැකි කාබෝහයිඩ්‍රේට සදහාද මෙවැනි යෙදුම් භාවිතා කෙරේ. acyclic mono හා disaccharide (ඩයිසැක්‍රයිඩ) වල aldehyde සමූහ හෝ ketone (කීටෝන) සමූහ පවතී. මෙම කාබන්-ඔක්සිජව් ද්විත්ව් බන්ධන ප්‍රතික්‍රියක මධ්‍ය​ස්ථාන වේ. glycosidic බන්ධන වලින් එකතු වී ඇති දෙකක් හෝ ඊට වැඩි මොනොසැක්‍රයිඩ වල ප්‍රතිඵලයක් ලෙස එක දාමයකට වඩා වැඩි සෑම saccharides (සැකරයිඩ) ම ප්‍රතිඵලය ලෙස එක බන්ධනයකට ජල අණුවක් (H2O) නැති වී යයි.

විශාල කර ඇති ප්‍රසාදිත සුක්‍රෝස්, බහුලව පවතින සාමාන්‍ය සීනි.
වැසුනු දාමයක හැඩය ගන්නා මොනොසැක්‍රයිඩ (Monosaccharides) වලට ග්ලයිකොසයිඩ හා අනෙකුත් මොනොසැක්‍රයිඩ සමග එකතු වී ඩයිසැක්‍රයිඩ (disaccharides ) (සුක්‍රෝස් වැනි) හා පොලිසැකරයිඩ (polysaccharides) (පිෂ්ඨය වැනි) සෑදිය හැක. එන්සයිම ජල විච්ජේදනය කල යුතු වන අතර එසේ නොවුන හොත් සංයෝග පරිවෘත්තීය ක්‍රියාවලියට භාජනය වීමට පෙර ග්ලයිකොසයිඩ බන්ධන බිදී යයි. ආහාර ගැනීමෙන් හා උරා ගැනීමෙන් පසු ප්‍රධාන ලේ වල හා අභ‍යන්තර පටක වල ඇති වන ප්‍රධාන මොනොසැක්‍රයිඩ වල ග්ලූකෝස්, ෆෲක්ටෝස් සහ ග්ලැක්ටෝස් අඩංගුය. බොහෝ පෙන්ටෝස් හා හෙක්සෝස්වලට දාමයක ව්‍යුවහය සාදා ගත හැක. මෙම වැසුනු දාම ආකෲතියේදී ඇල්ඩිහයිඩ හෝ කීටෝන් සමූහ තවදුතරටත් නොනිදහස්ව පවතී. මෙම සමූහ සදහා නියම ප්‍රතික්‍රියා බොහෝමයක් සිදු විය නොහැක. ග්ලූකෝස් දාම ආකෲතියේදී බොහෝ විට එහි සමතුලිතයේ පවතින අතර විවෘත දාමයේදී එයට වඩා 0.1% අඩුවෙන් පිහිටයි.

සීනිවල ස්වභාවික බහුඅවයවක

සීනිවල ජෛවත්වය​ (Biopolymers) ස්වභාවධර්මයේ පොදු දෙයකි. ප්‍රභාසංශ්ලේෂණය උපයෝගී කරගෙන ශාක C6H12O6 සුත්‍රය ඇති ග්ලූකෝස් නිපදවා ඒවා පිෂ්ඨධාතු නැතහොත් සුක්‍රෝස් වැනි කාබෝහයිඩ්‍රේට (රසායනික සුත්‍රය C12H22O11) අමතර ශක්ති සංචිතයක් ලෙස ගබඩා කිරීමට පරිවර්තනය කරයි. එකිනෙකට වෙනස් බහුඅවයවක දෙකකින් සමන්විත වන ග්ලූකෝස්වල පිෂ්ඨධාතු අතර සෛල මඟින් ගබඩා කර ඇති ඉක්මනින් හායනය වන ශක්ති ස්වරූපයක් ඇති රසායනික ශක්තියකි. තවද වෙනත් ස්වරූපයේ ශක්තීන් සදහා පහසුවෙන් පරිවර්තනය කල හැකි වේ. සෙලියුලෝස් යනු ග්ලූකෝස් වල තවත් බහුඅවයවයකි. එය ග්ලූකෝස් ඒකක සිය ගනණකින් හෝ දහස් ගනණකින් සෑදුණු රේඛීය දාමයකි. තවද එයශාක විසින් ඔවුන්ගේ සෛල බිත්තිවල ව්‍යුහාත්මක අංගයක් ලෙස භාවිතා කරයි. මිනිසුන්ට සෙලියුලෝස් දිරවීමේ හැකියාව ඇත්තේ ස්වල්ප වශයෙනි. වමාරා කන සත්වයින්ට ඔවුන්ගේ බඩවැල්වල ඇති බැක්ටීරියාආධාරයෙන් මෙය සිදු කල හැක. මොනොසැක්‍රයිඩ් ඩී.එන්.ඒ. (DNA) හා ආර්.එන්.ඒ. (RNA ) සෑදී ඇත්තේ පිලිවෙලින් deoxyribose හා ribose වලිනි. deoxyribose සූත්‍රය C5H10O4 වන අතර ribose සූත්‍රය C5H10O5 වේ.

සීනි වර්ග

මොනොසැක්‍රයිඩ

ග්ලූකෝස්, ෆෲක්ටෝස් සහ ග්ලැක්ටෝස් යන සෑම එකක්ම සාමාන්‍යය සීනිය. මෙම මොනොසැක්‍රයිඩ සැමගේම පොදු සූත්‍රය C6H12O6 ය. ඒ සෑම එකකටම හයිඩ්‍රොක්සියල් සංයෝග හා කාබන් සංයෝග පහක් ඇති අතර ජලයේ දිය කල විට චක්‍රීය වේ. ඒ සෑම එකක්ම සමාවයවිකතා කිහිපයක දක්‍ෂිණාවර්තව හා වාමාවර්තව භ්‍රමණයවන ආකාරයෙන් දකුණට හා වමට ප්‍රසාරණය වීමට හැකි පරිදි ආලෝකය ධ්‍රැවිත කිරීමට හේතු වේ.
ග්ලූකෝස්, ඩෙක්ස්ට්‍රෝස් හෝ මිදි යුෂ ස්වාභාවිකවම පලතුරු හා ශාක යුෂවල ඇති වන අතර එය ප්‍රභාසංස්ලේෂණයේ පළමු නිෂ්පාදිතයයි. උකහා ගත් බොහෝ කාබෝහයිඩ්ඩ්‍රේට, ග්ලූකෝස් බවට පරිවර්තනය කිරීමක් ආහාර දිරවීමේ ක්‍රියාවලියේදී සිදුවේ. ඉන්පසු එය සීනි ස්වරූපයෙන් සතුන්ගේ ලේ මඟින් ශරීරය පුරා ගමන් කරයි. අම්ලාකාරක ඇතිවීම හෝ එන්සයිම වැඩිවීම තුලින් පිෂ්ඨධාතුවල මේවා නිෂ්පාදනය විය හැක. ග්ලූකෝස් සිරප් යනු ග්ලූකෝස් සෑදෙන දියරය වන අතර බොහෝ විට ආහාර වර්ග නිෂ්පාදනයට බහුලව යොදා ගැනේ. එන්සයිම තුලින් පිෂ්ඨධාතූන්වල මේවා නිෂ්පාදනය විය හැක.
ෆෲක්ටෝස් හෝ පලතුරු සීනි ස්වාභාවිකවම පලතුරු හා සමහර එළවළුවල ඇති වේ. උක් දඬු හා පැණි මේවා අතරින් පැණි රස වැඩිම වර්ගයන්‍ ය. එය සුක්‍රෝස් හෝ මේස සීනිවල එක් අංගයකි. ඉරිඟු සිරප් ලබා ගැනීමට ක්‍රියාකරන ද්‍රවීකරණය කරන ලද ඉරිඟු පිෂ්ඨධාතු සමඟ එන්සයිම එකතු කර ග්ලූකෝස්වල කොටසක් ෆෲක්ටෝස් සිරප් නිෂ්පාදනය කිරීමට යොදා ගැනේ.
ග්ලැක්ටෝස් සාමාන්‍යයෙන් ස්වාභාවික තත්වයන් යටතේ ඇති නොවන නමුත්, ඩයිසැකරයිඩ ලැක්ටෝස් හෝ සීනි කිරිවල ඇති ග්ලූකෝස් සමඟ සම්බන්ධ වේ. එය ග්ලූකෝස්වලට වඩා පැණි රසින් අඩුය. එය ලේ වර්ගය හඳුනාගැනීමට උපකාරී වන රතු රුධිරාණු සෛලවල මතුපිට හමුවන ප්‍රතිදේහකවල කොටසකි.

ඩයිසැකරයිඩ

සුක්‍රෝස්, මෝල්ටෝස් සහ ලැක්ටෝස් යන සෑම එකක්ම සංයුක්ත/මිශ්‍රිත සීනිය. මෙම ඩයිසැකරයිඩවල පොදු සූත්‍රය වේ. ඒවා සැකසෙනුයේ මොනොසැක්‍රයිඩ අණු දෙකක ජල අණු බහිෂ්කරණය වී එකට එකතු වේමෙනි.
සුක්‍රෝස් උක් දඬුවල හෝ ශුගර් බීට්වල මුල්වල සොයාගැනීමට ඇත. තවද එය ස්වාභාවිකවම අනෙකුත් ශාකවල ෆෲක්ටෝස් හා ග්ලූකෝස් සමඟ පැත්තකින් ඇතිවේ. බොහෝ විට පලතුරු හා කැරට් වැනි මුල් ජාතිවල මෙසේ සිදු වේ. මෙම ආහාරවල සොයාගැනීමට ලැබෙන විවිධ සීනි ප්‍රමාණවලින් ඒවා ආහාරයට ගැනීමේදී අත්දැකීමට ලැබෙන පැණි රස තත්වයන් නිර්ණය වේ. ග්ලූකෝස් අණුවක් හා ෆෲක්ටෝස් අණුවක් එකතු වීමෙන් සුක්‍රෝස් අණුව සැදේ. ආහාර ගැනීමෙන් පසු සුක්‍රෝස්, සුක්‍රේස් නැමති එන්සයිමය සමඟ දිරවීමේදී එහි සංගටක කොටස්වලට ඛණ්ඩනය වේ.
මෝල්ටෝස් සෑදෙන්නේ ධාන්‍ය වර්ග ප්‍රරෝහණයේදීය. මෝල්ට් බවට පත්කරන බාර්ලි (සීනි වර්ගයේ මූලාශ්‍රයේ නම) මේ සඳහා දැන්විය හැක. ග්ලූකෝස් අණු දෙකක් එකතු වී මෝල්ටෝස් අණුව සෑදේ. ග්ලූකෝස්, ෆෲක්ටෝස් හෝ සුක්‍රෝස්වලට වඩා පැණි රසින් අඩුය. ඇමිලේස් නම් එන්සයිමය මඟින් පිෂ්ඨධාතු දිරවන අවස්ථාවේදී ශරීරය තුල නිපද වී, එය විසින්ම මෝල්ටෝස් එන්සයිම මඟින් ජීරණය වන විට ඛණ්ඩනය වේ.
ලැක්ටෝස් ස්වාභාවික කිරි වල සොයාගැනීමට ලැබෙන සීනිවල පවතී. ග්ලැක්ටෝස් අණුවක් සමඟ ග්ලූකෝස් අණුවක් සම්බන්ධ වීමෙන්, ලැක්ටෝස් අණුවක් සෑදේ. එය දිරවීමේදී ලැක්ටෝස් එන්සයිමය මඟින් සංඝඨක කොටස්වලට බෙදී යයි. දරුවන් තුල මේ එන්සයිමය තිබෙන නමුත් වැඩිහිටියන්ගේ මෙම එන්සයිම නිපදවීම සිදු නොවේ. එම හේතුවෙන් ඔවුනට ලැක්ටෝස් දිරවීමට නොහැකි වේ.

බදු වැඩිකිරීමට නියමිත සීනි ගැන

Posted by : Unknown 0 Comments

දියවැඩියා රෝගය අර්ථ දැක්වීම

සම්පූර්ණ මිශ්‍රිත ශිරාගත රුධිර සාම්පල පරීක්ෂා කළ පසු ,ආහාරයට පෙර සාම්පලයේ ලීටරයට මිලි මවුල 6 ට වඩා අඩු නම් දියවැඩියාව/ මධුමේහය වැළඳී නොමැති අතර,ආහාරයට පසු සාම්පලයේ ලීටරයට මිලි මවුල 8 ට වඩා ඉහළ අගයක් නම් මෙම රෝගය වැළඳී ඇති බව නිගමනය කළ හැක. (ලෝක සෞඛ්‍ය සංවිධානය-WHO )

දියවැඩියා රෝගය වර්ගීකරණය[

ප්‍රාථමික දියවැඩියාව

  1. ඉන්සියුලින් අත්‍යවශ්‍ය දියවැඩියාව(පළමු වර්ගයේ දියවැඩියාව)
  2. ඉන්සියුලින් අත්‍යවශ්‍ය නොවන දියවැඩියාව(දෙවන වර්ගයේ දියවැඩියාව)

ද්විතීක දියවැඩියාව(ගර්භනී සමයේදී ඇති වන දියවැඩියාව)

දියවැඩියා රෝගය පාලනය කළ යුතු ආකාරය

නිට්ඨාවට සුව කළ නොහැකි රෝගයක් බැවින් නිසි අයුරු ඹෟෂධ හා වෛද්‍ය උපදෙස් ලබාගතයුතු අතර,අහාර පාලනය මගින් හා ව්‍යායාමවල යෙදීමෙන් දියවැඩියා රෝගියකුට සාමාන්‍ය අයුරින් ජීවත් වීමේ හැකියාව ලැබේ.ඒ අනුව,

ආහාර පාලනය මගින් රෝගය පාලනය කිරීම

සෑම අවස්ථාවකදීම රුධිරයේ ග්ලූකෝස් ප්‍රමාණය නියත මට්ටමක පවත්වා ගැනීම සඳහා විධිමත් පාලනයකින් යුක්තව ආහාර ගැනීම ඉතා වැදගත්ය.විධිමත් ආහාර සැලැස්මේ මූලික සිද්ධාන්ත වනුයේ රුධිරයේ ඇති සීනි හා කොලෙස්ටරෝල් වැනි මේද ස්වාභාවික මට්ටමින් පවත්වා ගැනීම හා පුද්ගලයාගේ උසට සරිලන බර ප්‍රමාණයක් ලබා දීමය.

ආහාර සැලැස්මේ මූලික අංග

  • සීනි සහිත ආහාර ගැනීම
මෙහිදී සීනි යනුවෙන් හඳුන්වන්නේ ග්ලූ‍කෝස් ,සාමාන්‍ය සීනි,හකුරු සහ පැණි වර්ගය.මේ ආහාර ඉතා ඉක්මනින් ග්ලූකෝස් බවට පත්වී ශරීරයට උරා ගෙන රුධිරයේ ඇති සීනි ප්‍රමාණය වැඩි කරයි. එනිසා මෙවැනි ආහාර ගැනීමෙන් වැලකී සිටිය යුතු බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ මතයයි.
  • වැඩි පිෂ්ඨය හා වැඩි කෙඳි ප්‍රමාණවලින් යුත් ආහාර ගැනීම
පිෂ්ඨයේ ඇති ස්වාභාවික කෙඳි ආවරණය සමග කෑමට ගැනීමෙන් වැඩි පිෂ්ඨ ප්‍රමාණයක් ආහාරයට ගත හැක.එහි වන කෙඳි මඟින්,පිෂ්ඨය ග්ලූකෝස් බවට හරවා ඉතා සෙමින් හා සමතුලිතව රුධිරයට උරාගැනීමට උපකාර වේ.වැඩි කෙඳි ප්‍රමාණයක් ඇති විට ආහාරවල අමතර බර ප්‍රමාණය වැඩි වීම නිසා කුඩා ආහාර ප්‍රමාණයකින් කුසගින්න සංසිඳුවා ගත හැක. එසේම කුසගින්න නැවත ඇතිවීම ප්‍රමාද කරයි.අඩු කැලරි පුමාණයක් අඩංගු ආහාර හා අඩු මේද ප්‍රමාණයක් අන්තර්ගත ආහාර ගැනීම බොහෝ දියවැඩියා රෝගීන් පමණට වඩා බරින් වැඩි බැවින් කැලරි පාලනයක් කළ යුතුය. ‍මේද සහිත ආහාර ගැනීම මෙයට පිළියමයි. ශාක හා සත්ත්ව වශයෙන් මේදය දෙයාකාර වන අතර සත්ත්ව මේදයෙන් වැළකී සිටිය යුතුය. සම්පූර්ණ යොදය සහිත ආහාර ගැනීම වෙනුවට, කොලෙස්ටරෝල් රහිත මාගරින්, මේද රහිත කිරි ආදිය ආහාරයට ගත හැක.

දියවැඩියා රෝගියකු ආහාරයට එක් කර නොගත යුතු දේ

  1. බොහෝ පැණි රසැති ආහාර
  2. පුඩින්
  3. චොක්ලට්
  4. කේක්
  5. පැණි බීම වර්ග
  6. ග්ලූකෝස්
  7. පැණි හකුරු
  8. රට ඉඳි
  9. සාමාන්‍ය සීනි
  10. මධ්‍යසාර වර්ග(එහි අන්තර්ගත අධික කැළරි ප්‍රමාණය නිසා බර වැඩි වීම සිදුවන අතර කෑම රුචියද වැඩි කරවයි.එය ආහාර පාලනයට හිතකර නොවේ)
  11. සම්පූර්ණ යොදය සහිත කිරි
  12. චීස්
  13. බටර්
  14. බිත්තර කහමද

දියවැඩියා රෝගියකු ආහාරයට එක් කර ගත යුතු දේ

  1. කෘතීම රස කාරක (මින් සිදු වන්නේ දිව රැවටීමක් පමණි.
  2. රතු කැකුළු
  3. කඩල
  4. උළුඳු පිටි අාහාර
  5. කුරක්කන්
  6. හාල් පිටි අාහාර
  7. මුං ඇට
  8. පලතුරු සාධාරණ ප්‍රමාණයක්
  9. එළවළු සාධාරණ ප්‍රමාණයක්
  10. මේද රහිත කිරි
  11. කොලෙස්ටරෝල් රහිත මාගරින් වර්ග
  12. බිත්තර සුදු මද ආදිය

ව්‍යායාම මගින් රෝගය පාලනය කිරීම

ව්‍යායාමයෙන් රෝගියාට අත්වන අමතර වාසි

රුධිරගත සීනි මට්ටම පාලනය කරයි ගත යුතු ඉන්සියුලින් එන්නත් ප්‍රමාණය සීමා කරයි

ව්‍යායාමයේදී ශරීරය තුළ සිදුවන දේ

ක්‍රියාකාරී මස්පිඩු, ලේ වල ඇති සීනි මගින් එයට අවශ්‍ය ශක්තිය සපයා ගනී.ඉන්කොටසක් මස් පිඩු වල ඇති ග්ලූකෝස් ලෙස ගබඩා කර ගනීඑම රැස් කරගන්නා ග්ලූකෝස් අවසන් වූ පසු අමතර ග්ලූකෝස් රුධිරය හරහා අක්මාවේ සිට මස්පිඩු වෙත ගලාඑනු ලැබේ. මාංශපේශී වලට සැපයෙන ග්ලූකෝස් ප්‍රමාණය අක්මාවේ සිට රුධිරය හරහා ගලා එන ප්‍රමාණයට වඩා අඩු වුවහොත් රුධිරයේ ග්ලූකෝස් මට්ටම පහළ බසී.

ව්‍යායාමය හා ඉන්සියුලින් ලබා ගන්නා රෝගීන්

ව්‍යායාමය රෝගීන්‍ට හිතකර වුවද එය නියමිත පාලනයකින් තොරව සිදු කළ හොත් අතුරු ආබාධ ඇතිවිය හැක. එනිසා ව්‍යායාමයට පෙර මනා සැලැස්මක් අවශ්‍ය වේ. එවැනි අතුරු ඇබාධ ආකාරයකි,"හයිපොග්ලයිසීමියාව"
හයිපොග්ලයිසීමියාව
මෙහිදී සිදු වන්නේ සීනි මට්ටම පමණට වඩා පහළ බැසීමය.මෙහිදී රෝග ලක්ෂණ පහළ වීම ව්‍යායාමයේ කාලය අනුවත්. යොදා ගන්නා ව්‍යායාම වර්ගය අනුවත්වෙනස් විය හැක. ව්‍යායාමයේ යෙදෙන වේලාවේ හෝ ඉන් පැය 12ක් අතරතුර කාලයේදි ඇති වීමට පුළුවන.
හයිපොග්ලයිසීමියා‍වේ රෝග ලක්ෂණ
රෝගියාට,
  • ඇඟ වෙව්ලීම
  • ඇඟ සීතල කිරීම
  • දහඩිය දැමීම
  • ශරීරික අප්‍රොණිකතාව
  • අධික කුසගින්න
  • හිසරද
  • ඇස් පෙනුම බොඳ වීම
  • කරකැවිල්ල
  • බඩේ කැක්කුම
  • ඔක්කාරය දැනෙනු ඇත.
අවට සිටින අයට,
  • නුරුස්සන ගතිය
  • සිහි මද ගතිය
  • සුදුමැළි බව
  • ක්‍රියාකාරීත්වය අඩපණ වීම පෙනෙනු ඇත.
මෙවැනි අවස්ථාවක රෝගියාට ලබා දිය හැකි ප්‍රථිකාර
  • සීනි තේ හැඳි 2ක්(10ml) වතුරේ හොඳින් දියකර පානය කිරීම
  • පලතුරු යුෂ 125ml ක්(උදාඃ අඹ,අන්නාසි වැනි) පානය කිරීම
  • බෝතල් කළ සිසිල් බීම 125ml පානය කිරීම
  • මේ තත්ත්වයෙන් මිදීමට
ව්‍යායාමයෙන් පෙර හා පසුව ව්‍යායාමයේ ප්‍රමාණය හා ප්‍රභේදය අනුව වැඩිපුර ආහාර ගත යුතුය. එසේ අඩු ඉන්සියුලින් ප්‍රමාණයක් ගත යුතුය.පිහිනීම,බයිසිකල් පැදීම වැනි අසීරු ව්‍යායාම සඳහා වැඩි වශයෙන්ද, බිම සේදීම,වේගයෙන් ඇවිදිම, වත්තේ වැඩ කිරිම,වැනි මධ්‍යම ප්‍රමාණයේ ව්‍යායාම සඳහාද,සාප්පු සවාරි යෑම වැනි සුළු ව්‍යායාම සඳහාද වෙන් වෙන් වශයෙන් අමතර ආහාර ගැනීමෙන් හයිපොග්ලයිසීමියා තත්ත්වයෙන් මිදිය හැක.ආහාර හා පෙති මගින් පමණක් දියවැඩියාව පාලනය කරන රෝගීන් ‍බොහෝ විට තරබාරු සිරුරු ඇත්තෝ වෙති. ක්‍රමවත් පාලනයකින් ව්‍යායාම කිරීමෙන් ශරීරයේ බර අඩුකරගත හැක.එමගින් ලබා ගන්නා බෙහෙත් ප්‍රමාණයද අඩු කරගත හැක.සාමාන්‍යයෙන් බර අඩු කරගැනීම සඳහා කරන ව්‍යායාම සඳහා අමතර ආහාර අවශ්‍ය නොවේ.

සාරාංශය

දියවැඩියා රෝගියකු යනු,කායිකව මෙන්ම මානසිකවද විවිධ දුෂ්කරතා වලට පාත්‍රවන්නෙකි. ඔවුන්ට සාමාන්‍ය පුද්ගලයන්ගේ සහය ලබා දීමෙන් සාමාන්‍ය ලෙස ජීවත් වීමට පිටුවහලක් ලැබේ.එදිනෙදා ජීවිතයේදී හමුවන එවැනි රෝගීන්ට කරුණාවෙන් යුක්තව සැලකිමෙන් ඔවුන් වෙනුවෙන් යම් කැප කිරීමක් කිරීමට ඔබත් පුරුදු වන්න. එය, ජීවිතය පුරාම යම් මානසික ආතතියකින් පීඩා විඳින, සුව කළ නොහැකි රෝගී තත්ත්වයකින් පෙළෙන දියවැඩියා රෝගියකු වෙනුවෙන් කළ හැකි සමාජ මෙහෙවරකි.

දියවැඩියා රෝගය

Posted by : Unknown 0 Comments
Buddha in Sarnath Museum (Dhammajak Mutra).jpg
ලොව අවසානවරට පහලවූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ වන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේය. උන්වහන්සේ මේ කල්පයෙහි පහළ වූ සතරවෙනි බුදුරජාණන් වහන්සේය. උන් වහන්සේ බුදුවීමට පෙර සිදුහත් (සිද්ධාර්ථ) නම් විය. "යහපත උදාකරන තැනැත්තා" යනු ඒ නමෙහි තේරුම යි.

බුදුවීමට පෙර ජීවිතය

ගිහි ජීවිතය

සිද්ධාර්ථයන් උපත ලැබුවේ කපිලවස්තු (කිඹුල්වත්) නගරයේ ගෞතම ගෝත්‍රයට හා ශාක්‍ය වංශයට අයත් රාජකීය පවුලක ය. එතුමන් ගේ පියා සුද්ධෝදනරජතුමා ය. මව මහාමායා දේවිය යි.

සතර පෙර නිමිති දැකීම

සුද්ධෝදන රජතුමා කුමාරයාගේ මාලිගාව සහ උද්‍යානය වටවන පරිදි විශාලා තාප්පයක් තැනුවේය. රජතුමා මේ සියල්ලම කලේ යම් දිනෙක මේ සැප සම්පත් සියල්ලම හැර දමා මහණ වෙතැයි ඇතිවූ බිය නිසාමය. කෙසේ වෙතත් සිදුහත් කුමාරයාට මෙලෙස සිරකාරයෙක් මෙන් ජීවත් වීම අප්‍රිය විය. ඔහු නිතරම සෙවුයේමේ ජීවිතයේ අර්ථය කුමක්ද යන්නයි.
දිනක් කුමාරයා රජතුමා හමුවට ගොස් තමන් මාළිගයෙන් පිටතට ගොස් අනෙක් ජනතාව ජීවත් වන්නේ කෙසේදැයි සෙවීමට අදහස් කරන බව පැවසීය. රජතුමා එවිට කුමාරයට මඳ වේලාවක් නවතින්න යැයි පවසා තමන්ගේ සේවකයන් ලවා නුවර සම්පූර්ණයෙන්ම සරසා කුමරුට යන්නැයි පැවසුවේය.

සිද්ධාර්ථ තවුසා

ගිහි බැමි හැර ශ්‍රමණයකු විය යුතු යැයි හැඟීම හැර විමුක්තියට මග පිළිබඳ අන් කිසිම දැනුමක් එ කල්හි සිද්ධාර්ධයන් ට නොතිබිණි. විමුක්තිය සොයා යෑමේ නොසිඳෙන වීර්යයත්, එය අන් අයට හෙළි කිරීමේ සානුකම්පික හැඟීමත් නිසාම සය වසක් මුළුල්ලේ උන්වහන්සේ කළේ සත්‍යය සොයා යෑම යි. මෙය ධර්මයේ හැඳින්වෙන්නේ ආර්ය පර්යේෂණය ලෙස ය.
සත්‍ය ගවේශනය වෙනුවෙන් උන් වහන්සේ මුලින්ම කළේ විමුක්තිය සාක්‍ෂාත් කරගෙන සිටී යැයි එකල සිතා සිටි ආචාර්ය වරුන් සොයා යාමයි. භාවනාව ප්‍රගුණ කර අරූප ධ්‍යාන(මෙය බුදු දහමෙහි සම්මා සමාධිය නොවේ; ධ්‍යාන මට්ටමක් පමණී) උපදවා සිටි ආලාර කාලම සහ උද්දක රාමපුත්‍ර එවැනි ගුරුවරුන්ය. සුළු කලකින් ඔවුන්ගේ ධර්මයන් ප්‍රගුණ කළ සිද්ධාර්ථ ශ්‍රමණයන් වහන්සේ ඒවා විමුක්තිය වෙත යොමු නොවී ඇතැයි අවබෝධයෙන්ම බැහැර කළහ; තමන් ම විමුක්තිය සොයා ගත යුතු බව වටහා ගත්හ.
පස් කම් සැපෙහි ඇලි ගැලී සිටි කාමසුඛල්ලිකානුයෝගී අන්තය නිසරු බැව් මේ වන විටත් පසක් කර සිටි හෙයින් එතුමන් මෙවර තෝරා ගත්තේ ශරීරයට දැඩි දුක් පීඩා දී පව් ගෙවා දැමීම යැයි සමාජ සම්මතයේ පැවති අත්ථකිලමතානුයෝගී අන්තය යි. පස්වග භික්‍ෂූන්ගේ උපස්ථාන ලබමින් අවුරුදු හයක් මුළුල්ලේ දුෂ්කර ව්‍රත වල හැසිරීමෙන් (දුෂ්කර ක්‍රියාවෙන්) පවා උන් වහන්සේ පැතූ විමුක්තිය ළඟා කර ගත නොහැකි විය. මෙම පරීක්‍ෂණයේ නිගමනය වූයේ, අත්ථකිලමතානුයෝගය විමුක්තියෙන් බැහැරට ම යන බවයි.
ඉන් අනතුරුව උන් වහන්සේ ගේ මතකය ගියේ ළදරු වියේ දී දඹ රුක් මුලක හිඳ වැඩූ ආනාපානසති භාවනාවත් එයින් අත්දුටු සමාධි සුවයත් වෙතය. කාමසුඛල්ලිකානුයෝගී සහ අත්ථකිලමතානුයෝගී මාර්ගවලින් බැහැරවූ මැද මාවතක් (මධ්‍යම ප්‍රතිපදාව) අනුගමනය කළ යුතු බැව් උන් වහන්සේට වැටහිණි.

බුද්ධත්වයට පත්වීම


ඉන්පසු වර්තමානයේ බුද්ධගයාවේ බෝධි වෘක්ෂය නමින් හැඳින්වෙන ඇසතු ‍ගස මුල හිඳගෙන සත්‍ය සොයා ගන්නා තුරු නොනැගිටිමියි (චතුරංග සමන්නාගත වීර්යය) යැයි සිද්ධාර්ථ තවුසාණෝ අධිෂ්ඨාන කරගත්හ. එය අනුගමනය කරමින් සමාධියත්, ඒ තුළ විදර්ශනා ප්‍රඥාවත් වැඩූ උන් වහන්සේ වෙසක් මහ පසළොස්වක දින ඇසතු ගසක් මුල සියලු
 කෙලෙස්නසා සම්මා සම්බුද්ධත්වය ලබා ගත්සේක. එලෙස දින 49 ක් භාවනා කිරීමෙන් අනතුරුව වයස අවුරුදු 35 දී උන්වහන්සේ බුද්ධත්වයට පත්වුහ. එවක් පටන් ඇසතු ගස් බෝ රුකබවට පත්විය. ගෞතම බෝධිසත්වයෝ ඉන්පසුව ගෞතම බුදුන් වහන්සේ ලෙස හැඳින්විණි.ශ්‍රමණ භාවයට පත්වු සිද්ධාර්ථ තවුසා ආනාපානසති භාවනාවට (හුස්ම ගැනීම හා පිටකිරීම පිළිබඳ අවධානය) යොමු වීමෙන් පසු මධ්‍යම ප්‍රතිපදාව (සැප විඳීමට ඇති දැඩි ඇල්ම හා අධික ලෙස දුක් විඳීම යන අන්ත දෙකෙන්ම ඈත්ව මධ්‍ය මාර්ගයේ ගමන් කිරීම) අවබෝධ කරගත් සේක. දුක්ෂර ක්‍රියාකිරීමෙන් ඇතිවූ කෘෂ වු පෙනුම නිසා උන්වන්සේව දැක මේ තමාගේ බලාපොරොත්තුවක් ඉෂ්ඨ කරදුන් දෙවියෙකු යැයි වරදවා වටහාගත් සුජාතා නම් සිටු දේවිය උන්වහන්සේට කිරිපිඬු දානයක් පිළිගැන්නුවාය. උන්වහන්සේ සත්‍ය සෙවීම අතහැරිය බව සිතූ කොන්ඩඤ්ඤ හා අනෙක් තවුසන් සතරදෙනා උන්වහන්සේගේ ශිෂ්‍ය භාවය අතහැර ගියහ.

ගෞතම බුදුරජාණන් වහන්සේ

බුද්ධත්වයට පත්වූ පසු 45 වසක් මුළුල්ලේ උන් වහන්සේ ජීවිතය ගත කළේ සියළු ලෝ වැසියන් ගේ හිත සුව පිණිස අවබෝධ කරගත් එම ධර්මය දේශනා කිරිමටයි.
උන්වහන්සේ සත්වයාගේ දුක් විදීමේ ස්වභාවය හා එයට හේතු පිළිබඳ අවබෝධ කර ගත්හ. එයට හේතුව වන අවිද්‍යාව හා එය නැතිකිරීමට අවශ්‍ය පියවර ද උන්වහන්සේ අවබෝධ කරගත් සේක. එලෙස අවබෝධ කරගත් සත්‍යය චතුරාර්ය සත්‍ය ලෙස කොටස් හතරකට වර්ග කෙරේ. සියළුම සත්වයන්ට ලබාගත හැකි අති ශ්‍රේෂ්ඨ විමුක්තිය නිර්වාණය නම් වේ. සියළුම බුදුවරුන් තුළ පවතින උතුම් ගුණ නවය (නව අරහාදී බුදුගුණ) උන්වහන්සේ තුළ ද විය.

බුද්ධ ශාසනය

tiny globe
භාරතදේශයේ බරණැස මිගදාය පිහිටි පුදබිම වර්තමානයේ දැකීමට ලැබෙන ආකාරය
බුදුරජාණන්වහන්සේ බුද්ධත්වයට පැමිණිමෙන් අනතුරුව තමන් අවබෝධ කරගත් ධර්මය අන්‍යන්ට දේශනා කළ යුතුද, නැද්ද, යන්න කල්පනා කළ සේක[1]. තණ්හාව, වෛරය හා මෝහයෙන් මුලාව සිටින මිනිසාට සියුම්, ගැඹුරු හා තේරුම් ගැනීමට අපහසු මෙම ධර්මය නියමාකාරයෙන් අවබෝධ කරගත හැකිවේදැයි උන්වහන්සේ සිතූහ. එහෙත් සහම්පතී නම් බ්‍රහ්මයා මැදිහත් වී ධර්මය අවබෝධ කර ගැනීමට සමත් පිරිසක් ද සිටිය හැකි බව පැවසීය. බුදුරාජාණන් වහන්සේ මහා කරුණාවෙන් යුක්ත නිසා ලෝක සත්වයින්ගේ ගුරුවරයා බවට පත්වීමට එකඟ වූහ.
බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වයෙන් අනතුරුව බුදුරජාණන් වහන්සේ හමුවු තපස්සු හා භල්ලුක යන වෙළඳුන් දෙදෙනා බුදු සසුනේ පළමු උපාසකයින් (ගිහි ශ්‍රාවකයින්) දෙදෙනා විය. ඔවුන් බුදුරජාණන් වහන්සේගෙන් ලබා ගත් කේෂධාතු නිදන් කර බුරුමයේ චෛත්‍යයක් කරවු බව කියවේ. ශ්‍රී ලංකාවේ පිහිටි ගිරිහඬු සෑයේ මෙම කේෂධාතු නිදන් කර ඇති බවටද මතයක් පවතී. බුදුරජාණන් වහන්සේ අසිත තාපසතුමා හා තම පෙර ගුරුවරුන් වු ආලාර කාලාම හා උද්දකරාමපුත්ත තම ධර්මය දේශනා කිරීම සඳහා සොයා යාමට සිතුවද ඔවුන් සියලු දෙනාම ඒ වන විට මියගොස් සිටියහ.

සංඝ ශාසනය ඇතිකිරීම

බුදුරජාණන් වහන්සේ සිදුහත් තවුස් සමයේදී තමන් සමඟ සත්‍යය සොයා යෑමට අරමුණු කරගත් පස්වග තවුසන් වෙත ධම්මචක්කපවත්තන සූත්‍රය දේශනා කිරීම සඳහා බරණැස මිගදාය වෙත වඩිමින් තම ධර්ම චාරිකාව ආරම්භ කල‍සේක. පස්වග මහණුන්, පළමුවන සංඝයා වහන්සේලා ලෙස සැලකෙන අතර එමගින් ත්‍රිවිධ රත්නය (බුද්ධ, ධම්ම, සංඝ) සම්පූර්ණ විය. කොන්ඩඤ්ඤ තවුසා පළමුවෙන්ම මාර්ගඵල ලබාගත් අතර ඔවුන් පස්දෙනාම අරහත් භාවයට පැමිණියහ. යසකුල පුත්‍රයා හා ඔහුගේ යාළුවන් 54 දෙනා පැවිදිවීමෙන් පසු සංඝ සමාජය මාස 2 ක් තුළදී 60 දක්වා වර්ධනය විය.ඉන්පසු බුදුරජාණන් වහන්සෙ පස්වග මහණුන් හා යසකුල පුත්‍රයා හා ඔහුගෙ යහළුවන් 54 දෙනාට ලොවැසියන්ගෙ හිත පිණිස සුව පිණිස ධර්ම චාරිකාෙව් යෙදෙන ලෙසත් එක මගකින් දෙදෙනෙක් නොයෙන ලෙසත් අනුශාසනා කළේය. මේ බුදු සසුනේ ප්‍රතම ධර්ම දූතයන් වහන්සේලා පිරිසයි. ඉන් පසු ලොවැසියාගේ හිතසුව පිණිස බුදුරජාණන් වහන්සේ උරුෙවල ග්‍රාමයේ උරුවෙල කාශ්‍යප, ගායා කාශ්‍යප,නදී කාශ්‍යප යන තුන්බෑ ජටිලයන්ට ධර්ම දේශනා කිරීමට වැඩම කළේය.පිළිවෙලින් පිරිවර 200, 300 හා 500 ක් පිරිවර සහිතව සිටි කාශ්‍යප සොයුරන් තිදෙනාද බුද්ධ ශ්‍රාවකයන් වීමෙන් අනතුරුව සංඝ සමාජය දහස ඉක්මවු අතර ජනතාවට ධර්මය ප්‍රචාරය කිරීම සඳහා ඔවුහූ විවිධ ප්‍රදේශ වලට විසිරී ගියහ.මින් පසු බුදුරජාණන් වහන්සේගේ ගිහි කළ මිතුරකු මෙන්ම වුන් වහන්සේ තපස් රකින කළ බුදු වීමෙන් තමාගේ රාජ්‍යයට වඩින ලෙස අාරධනා කළ බිම්බිසාර රජුට දහම් දෙසීමට වැඩම කළ සේක.

ධර්ම ප්‍රචාර චාරිකා[

tiny globe
වජ්‍රපාණි හා ගෞතම බුදුරජාණන් වහන්සේ, ගාන්ධාරය, 2 වැනි සියවස
බුදුරජාණන් වහන්සේගේ අවු 45 ක කාලය ගංගානම් නිම්නයේ (බිහාරයේ උත්තර ප්‍රදේශය හා දකුණු නේපාලය) ධර්මය හා විනය දේශනා කරමින් චාරිකා කළ සේක. මෙම ගමනේ දී බුදුරජාණෝ කුලවතුන් මෙන්ම පහත් කුලවලට අයත් අය, කසලශෝධකයින්, අංගුලිමාල වැනි දරුණු මිනීමරුවන් හා ආලවක වැනි මීනිමස් කන්නන් යන විවිධාකාර පුද්ගලයන්ට ධර්මය දේශනා කළහ. මෙම ධර්මය ශ්‍රවණය කළ කොටසට වෙනත් ආගම්වල හා විරුද්ධ මත දරන දර්ශනවාදීන්ගේ බැතිමතුන් ද අයත් විය. බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසු ධර්මය හා ශාසනය පවත්වාගෙන යාමට සංඝ සමාජය බිහිවිය. උන්වහන්සේගේ දර්ශනය කිසිම කුල ග්‍රෝතයකට සීමා ‍නොවූ විවෘත ආගමක් විය. එමනිසා විරුද්ධවාදී ආගම් වලට අයත් කණ්ඩායම් වල චෝදනාවලට ලක්වීමට උන්වහන්සේට සිදුවිය. තවත් පිරිසක් උන්වහන්සේ මරණයට පත්කිරීමට උත්සාහ ගත්හ.
සංඝයා වහන්සේලාද ධර්මය දේශනා කරමින් ඉන්දියාවේ තැනින් තැනට සංචාරය කළහ. මෙය වස්කාලයේ හැර අවුරුද්දේ අනෙක් සෑම කාලයකම සිදුවිය.
වස්කාලයේ අධික වර්ෂාවක් පැවතීම නිසා ජල ගැල්ම හේතුවෙන් මෙම සමයේ දී සංචාරය අපහසු වන අතර වතුරේ ගිලී සිටින සතුන්ගේ සිරුරු මත පා ‍නොතබා ගමන් කිරීම අපහසුය. සියලුම ආගම් වලට අයත් තාපසයෝ වස්සාන කාලයේ සංචාරයේ නොයෙදෙති. මෙම සමයේ දී භික්ෂුන් වහන්සේලා ආරාම තුළ, වනාන්තර හෝ උද්‍යානවල ගත කරන අතර ගිහියෝ උන්වහන්සේලා බැහැදැකීමට යති.
බුදුරජාණන් වහන්සේ පළමුවන වස්කාලය බරණැස් නුවර ගත කළ අතර, මෙහිදී පළමු සංඝ පිරිස ඇතිවිය. බුදුවීමෙන් පසු බිමිබිසාර රජතුමා බැහැදැකීමට මගධයට එන බවට රජුට වූ පොරොන්දුව ඉටු කිරීම සඳහා ප්‍රථම වස් කාලයෙන් පසු බුදුරජාණන් වහන්සේ මගධයේ රජගහ නුවරට වැඩිය සේක. මෙම ගමනේ දී බුදුරජාණන් වහන්සේ විසින් තුන් බෑ ජටිලයන්, භද්දවග්ගිය කුමාරවරු ඇතුළු මගධ වැසියන් රැසක් බුද්ධශ්‍රාවකයන් බවට හරවන ලදි. ඉන්පසු එළැඹි වස්සාන කාලයන් තුළ තෙවතාවක්ම බුදුරජාණන්වහන්සේ රජගහනුවර ‍වේළුවන උද්‍යානයේ විසූහ. මෙම වේළුවන ආරාමය පූජා කරන ලද්දේ බිම්බිසාර රජතුමා විසිනි.
බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වූ බවට අසන්නට ලැබුණු සුද්ධෝදන රජතුමා උන්වහන්සේ කපිලවස්තුපුරයට කැඳවාගෙන ඒම සඳහා දූතයන් යැවීය. මෙලෙස දූතයන් නවදෙනෙක්මක් පිටත් කළ හැරිය ද ඔවුන් සියලු දෙනා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් බවට පත්ව අරහත් භාවය ලැබීය. ලෞකික දේ අත්හරින ලද ඔවුන් මෙම පණිවුඩය දීම නොසලකා හැරියහ. දසවන වරට පිටත් කර හරින ලද කාළුදායි ඇමතියා නම් බුදුරජාණන් වහන්සේගේ කුඩා කල මිතුරා වු අතර රහත්භාවයට එළඹි පසු පණිවිඩය ලබා දීමට කාළුදායි රහතන් වහන්සේ සමත් වු සේක. බුද්ධත්වයෙන් අවුරුදු දෙකකට පසු බුදුරජාණන් වහන්සේ කපිලවස්තු පුරයට ගමන්කිරීම ආරම්භ කළහ. පා ගමනින් වැඩිය මේ ගමනේ දී මඟ ‍දෙපස ධර්මය දේශනා කරමින් කිඹුල්වත්පුරයට වැඩම කිරීමට මාස දෙකක් පමණ ගතවිය. බුදුරජාණන් වහන්සේගේ පැමිණිම නිසා මාලිගාවේ දානය සූදානම් කර තිබුණද, ආරාධනාවක් නොලැබුණු බැවින් බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝයා කපිල වස්තු නගරයේ පිඬු සිඟා වැඩියහ. මෙය ඇසු විගස බුදුරජාණන්වහන්සේ වෙත ගිය සුද්ධෝන රජතුමා 'අපගේ රාජකීය වංශයේ කිසිවෙකු සිඟමනේ ගොස් නැත' යනුවෙන් පැවසීය. එවිට බුදුරජාණන් වහන්සේ 'මහරජ ඔබේ වංශය රාජ වංශය, මගේ වංශය බුද්ධ වංශයයි. බුදුවරුන් දහස් ගණනක් පිඬු සිඟා වැඩ ඇත.' යනුවෙන් රජුට පැවසු සේක.
ඉන්පසුව රජමාළිගාවේ දානයට ආරාධනා කළ සුද්ධෝදන රජතුමා දානය අනතුරුව පැවති ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමෙන් සෝවාන් ඵලයට පත්වුවේය. මෙම ගමනේ දී රාජකීය සමාජිකයෝ බොහෝ දෙනෙක් පැවදි වූ අතර, බුදුරජාණන් වහන්සේ‍ගේ ඥාති සහෝදරයන් වන ආනන්ද හා අනුරුද්ධ ද පැවිදි විය. ඔවුන් දෙදෙනා පසුව බුදුරජාණන්වහන්සේගේ අග්‍රශ්‍රාවකයන් පස්දෙනාගේ අතරට එක්විය. උන්වහන්සේගේ ගිහිකළ පුත් රාහුල කුමරු වයස අවුරුදු හතේ දී පැවදිවී අග්‍රශ්‍රාවකයන් දස දෙනාගෙන් කෙනෙකි.
උන්වහන්සේගේ සහෝදරයෙකු වූ නන්ද කුමරුද, පැවිදිව රහත් බව ලැබීය. තවත් ඥාති සහෝදරයෙකු වූ දේව්දත්තද පැවිදි වූ නමුත් පසුව බුදුරජාණන් වහන්සේ හා වෛර බැද උන්වහන්සේ මැරවීමට කිහිප වරක් උත්සහ කළේය.
සැරියුත්, මුගලන්, මහාකාශ්‍යප, ආනන්ද හා අනුරුද්ධ යන රහතන්වහන්සේලා ප්‍රධානම ශ්‍රාවකයන් පස්දෙනා වන අතර, උපාලි, සුභූති, රාහුල, මහා කච්චායන හා පුණ්ණ රහතන්වහන්සේලා සමඟ ප්‍රධාන ශ්‍රාවකයන් දස දෙනෙකුවේ.
පස්වන වස්කාලය බුදුරජාණන්වහන්සේ වෛශාලිය ආසන්නයේ මහාවන නම් ස්ථානයේ ගතකළ අතර සුද්දෝධන රජතුමා මරණාසන්නව සිටින බව අසා තම පියාට ධර්මදේශනා කිරීම සඳහා එහි වැඩම කළ සේක. එම ධර්මදේශනාව අසා සුද්‍ධෝදන රජතුමා මරණයට පෙර රහත් භාවයට පැමිණියේ ය. මෙම ගමනේ දී භික්ෂුනී ශාසනය පිහිටුවන ලද අතර, ධර්මග්‍රන්ථ වල සඳහන් වන්නේ බුදුරජාණන් වහන්සේ එයට පළමුව එතරම් කැමැත්තක් නොදැක්වූ බවයි. උන්වහන්සේ හදාවඩාගත් ප්‍රජාපතී ගෝතමී දේවිය බුදුසසුනේ පැවිදි විම සඳහා අවසර ඇයැද සිටියාය. නමුත් මෙය ප්‍රතික්ෂේප කළ බුදුජරාණන් වහන්සේ නැවත රජගහනුවර වෙත වැඩීම ආරම්භ කළ සේක. පැවිදිවීමේ අදහස අත් ‍නොහළ මහා ප්‍රජාපතී ගෝතමී දේවිය පැවිදි වීමට කැමති වූ ශාක්‍ය හා කෝලිය කුමාරිකාවන් රැසක් සමඟින් බුදුරජාණන්වහන්සේ පසුපස රජගහ නුවරට ගමන් කළෝය. භික්ෂු ශාසනය පිහිටුවීමෙන් වසර 5 කට පසු භික්ෂුණී ශාසනය ආරම්භ වූ අතර බුදුරජාණන් වහන්සේ එයට අනුමැතිය ලබාදුන්නේ මාර්ගඵල ලබාගැනීමට පුරුෂයාට හා ස්ත්‍රියට ඇති හැකියාව සමාන වුවත්, අමතර විනය නීති පැනවීමෙනි. භික්ෂුනී ශාසනයේ ආරම්භය සඳහා මැදිහත්වූයේ ආනන්ද තෙරණුවන්ය. බුදුරජාණන් වහන්සේගේ ගිහිකල භාර්යාව වූ යශෝධරා දේවියා ද පැවිදි වූ අතර පසුව රහත් බවට පැමිණියාය.
මෙම කාලයේ දේවදත්ත තෙරුන් (සෝවාන් ඵලයට හෝ පැමිණ නොසිටියේය) බුදුරජාණන් වහන්සේට අනතුරු කිරීම සඳහා කිහිප වාරයක් උත්සාහ කළේය. තමන්ට සංඝයා වහන්සේලා පාලන කිරීමේ බලය ලබාදෙන ලෙස ඒක් අවස්ථාවක දී දෙව්දත් තෙරුන් ඔහු බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලා සිටියේය. මෙය ප්‍රතික්ෂේප කළ බුදුන්වහන්සේ දෙව්දත් ක්‍රියාකරන්නේ තුරුණුවන් කෙරෙහි ඇති භක්තියෙන් නොව ආත්මාර්ථයෙන් බව ප්‍රකාශ කළ සේක. බිම්බිසාර රජතුමාගේ පුත් වූ අජාසත්ත කුමරු හා එක්වූ දේවදත්ත බුදුරජාණන් වහන්සේ මැරවීමෙන් භික්ෂු ශාසනය ලබාගැනීමටත්, කුමරු ලවා බිම්බිසාර රජු මැරවීමෙන් මගධ රාජ්‍ය කුමරුට ලබාගැනීමට හැකිවේය යන අරමුණැතිව කුමන්ත්‍රණය කළෝය. දෙව්දත් බුදුන් මැරවීමට තෙවරක් උත්සාහ කළේය. පළමුවර දුනුවායන් යෙදවූවද බුදුරජාණන්වහන්සේ මුණගැසුණු දුනුවායෝ බුද්ධ ශ්‍රාවකයෝ බවට පත් වුවෝය. දෙවන වර විශාල ගලක් බුදුරජාණන් වහන්සේ මත පෙරළීමට තැත්කළ අතර එය තවත් ගලක් මත වැදී විසිවුණු කුඩා පතුරක් පමණක් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාදයේ වැදුණි. අවසානයේ රා පොවා මත්කරන ලද ඇතෙක් බුදුරජාණන් වහන්සේගේ වඬිනා මාර්ගය වෙතට ‍යැවූ නමුත් එම උත්සාහයද ව්‍යර්ථ විය. දෙව්දත් ඉන්පසුව නව විනය නීති කිහිපයක් තනාගෙන ඒවා සංඝයා වෙත පනවන මෙන් බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලීය. බුදුරජාණන් වහන්සේ එය ප්‍රතික්ෂේප කළ විට උන්වහන්සේගේ පාලනය මද බව බවසමින් ඔහු කෙරෙහි පැහැදුණු තවත් භික්ෂුන් සමඟ වෙනත් ස්ථානයක වසන්නට යාමෙන් සංඝ භේදයක් ඇති කළේය. නමුත් සැරියුත් හා මුගලන් රහතන් වහන්සේලා එම භික්ෂුන්ට ධර්මය දේශනා කර ඔවුන්ව නැවතත් නිවැරදි මාර්ගයට යොමු කර ගැනීමට සමත්වුහ.
බුදුරජාණන් වහන්සේට අවුරුදු 55 ක් වූ විට උන්වහන්සේ තම අග්‍ර උපස්ථායක ලෙස ආනන්ද තෙරුන් පත් කර ගත්හ.


බුදුන් වදාල ධර්මය

tiny globe
ක්‍රි.ව. 2 වන සියවසේ ගාන්ධාර හිදි පිළිමයක්
පාලි ධර්ම ග්‍රන්ථ වල බුදුරජාණන්වහන්සේගේ නියම ඉගැන්වීම් ඒ ආකාරයෙන්ම සඳහන් වන බව බොහෝ පඬිවරුන්ගේ විශ්වාසයයි. එහෙත් මහායාන වල මුලාරම්භය මුල් බුදුදහමේ අඩංගු වුවද, මහායාන සුත්‍ර බුද්ධ දේශනා ලෙස නොසැලකේ. නමුත් කිසිවෙකුත් බුදුරජාණන් වහන්සේ සැබෑ ලෙස දේශනා කළේ මේ කරුණු යැයි නිසැකයෙන් ම කීමට අපොහොසත් හෙයින් මහායාන ලියවිලි වල සඳහන් දෑ බුදුරජාණන් වහන්සේගේ මුල් දේශනා ලෙස දක්වා ඇත. නමුත් බටහිර වියතුන් බොහෝ දෙනෙක් පිළිගන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම් සත්‍ය වශයෙන්ම සඳහන් වන්නේ පාලිධර්ම ග්‍රන්ථ වල බවයි. බුදුරජාණන් වහන්සේ යනු කවුද ? උන්වහන්සේගේ ඉගැන්වීම් මොනවාද? යන්න විවිධ වූ අර්ථ විවරණ වලින් දැනගත හැකිය. උන්වහන්සේ උත්තම ස්ථානයකට පත්වූ මනුෂ්‍යයෙක්

බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මුලික කරුණු[සංස්කරණය කරන්න]

  • චතුරාර්ය සත්‍යය - දුක සෑම ජිවියෙකුටම පොදු ය. දුක ඇතිවන්නේ අවිද්‍යාව හේතුවෙන් වන අතර අවිද්‍යාවට මුලය වන්නේ බැඳීම් හා තණ්හාවයි. ආර්ය අෂ්ඨාංගික මාර්ගය අනුගමනයෙන් මෙම තණ්හාව දුරු කර ගත හැකිය. එමඟින් අවිද්‍යාව හා දුක දුරු කර ගත හැක.
  • ආර්ය අෂ්ඨාංගික මාර්ගය - නිවැරදි අවබෝධය, නිවැරදි කල්පනාව, නිවැරදි වචන, නිවැරදි ක්‍රියා, නිවැරදි ජිවත්වීම, නිවැරදි උත්සාහය, නිවැරදි සිහිකල්පනාව හා නිවැරදි සමාධිය.
  • පටිච්ච සමුප්පාදය - යමෙක් හෝ යමක් පවතින්නේ වෙනත් දෙයක්, සංකීර්ණව විහිදුණූ අතීත, වර්තමාන හා අනාගතය හා බැදුණු හේතුඵල ජාලයක පැවැත්මෙනි. සියලු දේම එම නිසා හේතු ඵල අනුව සෑදුනු අතර එය අනිත්‍ය වීම හේතුවෙන් තමන් යැයි හඳුන්වන විශේෂිත වූ පුද්ගලයෙක් නැත. (අනාත්ම)
අනිත්‍ය- සියළු ‍දේම නැසෙන සුළුයි
අනාත්ම- සදාකාලික පුද්ගල ආත්මයක් නොපවතී.
දුක්ඛ- දමනය නොකළ සිත් ඇති නිසා සියළු සත්වයෝ දුක් විඳිති
මහායාන බුදුදහමේ දී මෙම කරුණු එතරම් සැලකිල්ලට නොගනී. විවිධ බුද්ධ සම්ප්‍රදායන් වලට අයත් අය අතර බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම් හා භික්ෂු විනය නීති පිළිබඳව විවිධ මතභේද පවතී.
සාම්ප්‍රදායිකව බුදුරජාණන් වහන්සේ සදාචාරය හා නිවැරදි අවබෝධය සඳහා අනුබල දුන් සේක. දෙවියන් ද තම තමා‍ගේ කර්මයට යටත් වන බව දේශනා කළ බුදුරජාණන් වහන්සේ යමෙකුට සත්‍ය නිවැරදිව අවබෝධ කර ගැනීමට අවශ්‍ය නම් තමා විසින් ම නිවනට යන මාර්ගයේ ගමන් කළ යුතු බවත්, තමා එම මාර්ගය පෙන්වා දීමට සිටින ගුරුවරයෙකු පමණක් වන බවත් දේශනා කළ සේක. බුදුදහමේ එන භාවනාව සෘද්ධි බල ලබාගැනීමට නොව මනසේ යථා ස්වරූපය අවබෝධ කරගෙන බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම් තුළින් නිර්වාණය ලඟා කරගැනීමට යොදා ගන්නකි.

බුදුරජාණන් වහන්සේ

Posted by : Unknown 0 Comments

- Copyright © දැනුම කරා - Blogger Templates - Powered by Blogger - Designed by Johanes Djogan -